"බුදුඅම්මො... වෙලාව රෑ 12.15 ත් වෙලානෙ"
ජූන්මිට කිරි එකක් අරගෙන දෙන්න තැනක් හොයා ගන්න මට අමාරු උනා.. 1.20 විතර වෙනකම් bus stop එකට වෙලා වාඩිවෙලා හිටියට මේ වෙලාවේ bus එකක් ආවේ නෑ.
ඒත්.....
මට ආපහු එන්ටර්ටේන්ම්න්ට් එකට යන්න ඕන කමක් තිබුනෙ නෑ. කරන්නෙ මොනවද කියන ප්‍රශ්නෙත් එක්ක මම තනි වෙනකොට මගෙ මතකෙට ආවේ මින්ගි ඔප්පගෙ ඩ්‍රයිවර් අන්කල් ව. පුලුවන් ඉක්මනින් මම එයාට කෝල් කලා.
"අන්කල්...."
#යාරා.... කියන්න දුව....
"අන්කල් වැඩකද...."
#මට දැනගන්න ලැබුනා උන දේවල්.... මම වැඩක නෙමෙයි පුතේ කියන්න මොනවද මගෙන් වෙන්න ඕනේ....
"අන්කල් මේකයි...මට යන්න තැනක් නැහැනේ.."
#මොකද්ද...? යන්න තැනක් නෑ.... දුව දැන් කොහෙද ඉන්නෙ.
"අන්කල් අනේ කාටවත් කියන්න එපා. මට වෙන කරන්න දෙයක් නැහැ. මම එන්ටර්ටේන්ම්න්ට් එකෙන් එලියට ආවා. දැන් ඉන්නේ බුසාන් යන bus stop එකේ."
#අනේ ලමයෝ.... මේ මහ රෑ කොහේ යන්නද... ඔහොම ඉන්න.... ඔහොම්මම ඉන්න ඕනේ හරිද. විනාඩි 5න් එන්නම් මම. ඔහොම්මම ඉන්න.
Namjoon's pov - :
Suni - : නම්ජුනා.... ජුනා... යාරා ගිහින්....
මොකක්....?
Suni - : ඔව් එයා ගිහින්. මින්ශුට ලෙටර් එකක් තියලා එයා ගිහින්.
අපි අද අපේ අවුරුදු 3ක අනිවාර්ය හමුදා සේවය ඉවර කරලා ගෙදර ආවා. හැමෝම පුදුම කරන්න ඕන නිසා කිව්වේ මේ සතිය අන්තිම වෙනකොට එන්නෙ කියලා.
මට තවත් යාරා ව නොබල ඉන්න බැරි නිසාම, මල් එකකුත් අරගෙන හැමෝටම හොරෙන් මම ගියෙ එයාව බලන්න. අද යාරා ගෙයි මින්ශුගෙයි ලාස්ට් ටෙස්ට් එක. මම හොරෙන් ඔඩිටෝරියම් එක පැත්තට ගියේ මාව කවුරු හරි දැක්කොත් අපේ පුදුම කිරීම අපතේ යන නිසා. මින්ශූගෙ ඉදිරිපත් කිරීම ලස්සනටම තිබුනා. ඔව් අපේ කෙල්ල ගොඩක් දක්ශයි. මින්ශුගෙන් පස්සෙ මම ඉවසිල්ලක් නැතුව හිටියෙ යාරා ව දකින්න.
එයා ආවා....
සුරංගනාවියක් වගේ.... මම දන්නවා එයා බය වෙලා.... ඇස් ලොකු කරගෙන ලයිට්ස් දිහා බලාගෙන හිටපු විදිහටම මට ඒක තේරුනා... තවත් වතාවක් නොහිතම මම යාරාට සපෝට් කලේ එයාට මගෙ චූටි උදව්ව ශක්තියක් වේවී කියන බලාපොරොත්තුව නිසා. එයා වැටිලා හිටපු තැනින් නැගිටලා ලස්සනට හිනා වෙලා එයාගෙ ඉදිරිපත් කිරීම පටන් අරගෙන ඉවර කරන්න මොහොතකට කලින් මින්ගියා ඇවිත් මාව ඔඩිටෝරියම් එකෙන් එලියට ඇදගෙන ආවේ හිත මගෙත් එක්ක එතන නවතින්න කියලා ඔට්ටු අල්ලනකොට.
YOU ARE READING
♡...I LOOK FORWARD TO THAT EXCITING FUTURE... ♡ || [ KNJ ] || ✅✅
Fanfictionහීන වෙනුවෙන් හැගීම් ඇහිදපු ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු උන මාවතක නව ඇරඹුමක්,⏳ සාගර දහස් ගනණක ඈතින් සිටියද විශ්වාස කල නොහැකි දෛවෝපගත මුණ ගැහීමක්, 🌹 බාධක පමණක්ම අභියස, ජීවිතයත් තම හීනත්, හිමිවීමත් අහිමි වීමත්, මිත්‍රත්වයත් ප්‍රේමයත් අතර නිම නොවන සාං...