"හයියෝ ඔප්පා joonmi ව වොෂ් කරනවද "
Minshu - : නෑ ඒ ඩබල ඒක ඇතුලෙ මරා ගන්නවා, ඔප්පා ඔයාට ඉක්මනින් එන්න කියන්න කිව්වා.
මම ඉක්මනින් වොෂ් දාගෙන දිව්වේ ඒ දෙන්නා මොනවා කරගන්නවා ඇතිද කියලා බය හිතුන නිසා,
" ඔප්පා....... ප්‍රින්සස්...... "
Joon - : මොකද මෙච්චර පරක්කු යාරා, මේ වසවර්ති මාර පැටියා ඇස් වලට සබන් යවාගෙන මාව කෑවේ නැති ටික විතරයි.
මට ඔප්පා දැකපු ගමන් එක පාරට හිනා ගියා, තත්පරයක් විතර බිත්තියටත් හේත්තු වෙලා හිනා උනේ ඔප්පගෙ යි ජූන්මි ගෙයි ලස්සන දැක්කම,
නම්ජූන් ඔප්පගෙ ඔලුවෙ තාමත් සබන් පෙන, චූටි චූටි ඇදුම් දෙක තුනක්ම උරහිස උඩ, ජූන්මි ගෙ ඔලුවෙත් පව්ඩර්, ගවුමත් අනිත් පැත්ත අන්දලා, ඔප්පගෙ අත හැම තැනම රතු වෙලා ජූන්මි ගෙ නියපොතු පාරවල් වලට, ඔප්පගෙත් මූණ පුරා ජූන්මිගෙ පවුඩර් ගෑවුන අතේ මාර්ක්,
Joon - : යාරෝ.... ආශ්..... ඔය මදිද ඉතින් හිනා උනා මට තේරෙන්නෙ නැහැ, දෙයියනේ, පොඩ්ඩක් ඇවිත් බලන්නකෝ,
" හනේ මම එනකම් ඉන්න තිබුනනේ පිස්සෝ"
Joon - :මොකද්ද පිස්සා.... කවුද දැන් පිස්සා,
"ආආආ ඒ.... මං.... මං..... හී......හී... "
Joon - : ප්‍රින්සස්.... ඉක්මනින් ලොකු වෙන්නෙ එහෙම නෑ හරිද, අප්පට ඕන ඔයා හැම දවසකම ඔහොම ඉන්නවා බලන්න, මගෙ චූටි ප්‍රින්සස් චූටි මැණිකක් වගේ ඉන්නවා දකින්න. යාරා..... බලන්නකෝ මෙයා ලොකු වෙනවා, මේ ඇදුම් මෙච්චර ඉක්මනින් පොඩි උනාද,
"ඇදුම් චූටි වෙලාවත් ජූන්මි ලොකු වෙලාවත් නෙමෙයි ඔප්පා ඔයා ඔය ඕක අන්දලා තියෙන්නෙ අනිත් පැත්ත"
Joon - : ජීහෝ ගහලා නතර උන එකම ඇති මේ කොටි පැටියට, මාව හූරපු හැටි, මේ....
නම්ජූන් ඔප්පා මූණත් හදාගෙන ජූන්මි ගෙ චූටි නියපොතු වලට අතේ තියන මාර්ක් පෙන්නුවෙ එයත් චූටි ලමයෙක් වගේ. ඒ අතරෙම මමත් ජූන්මිගෙ වැඩි පවුඩර් ඔක්කොම පිහදාලා, ඇදුම හරි පැත්තට අන්දලා ඉවර උනාට පස්සෙ ජූන්මි චූටි ඒන්ජල් කෙනෙක් වගේ,
YOU ARE READING
♡...I LOOK FORWARD TO THAT EXCITING FUTURE... ♡ || [ KNJ ] || ✅✅
Fanfictionහීන වෙනුවෙන් හැගීම් ඇහිදපු ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු උන මාවතක නව ඇරඹුමක්,⏳ සාගර දහස් ගනණක ඈතින් සිටියද විශ්වාස කල නොහැකි දෛවෝපගත මුණ ගැහීමක්, 🌹 බාධක පමණක්ම අභියස, ජීවිතයත් තම හීනත්, හිමිවීමත් අහිමි වීමත්, මිත්‍රත්වයත් ප්‍රේමයත් අතර නිම නොවන සාං...