මට සමාවෙන්න යාරා මම හේතුවක් දන්නේ නැහැ මේ හැගීමට, ඔව් මට එදා ඉදලා ඕන වෙලා තිබුන දෙයක්, මම අසම්පූර්ණයි මට ඕන එක දෙයකින් , ඒ අසම්පූර්ණ මනුෂ්‍යයා ඔයා සම්පූර්ණ කෙනෙක් කරයි කියන බලාපොරොත්තුව මම මගෙ හිත ඇතුලෙන් දැක්කා, මට ඕනේ ඉල්ලන්න මගෙත් එක්ක ඉන්න කියලා. එකම එක වතාවක් මට පුලුවන් උනොත් මගෙ හැගීම් ඔයා එක්ක බෙදා ගන්න,
"යාරා....."
මිනිස් පරාණයක් නැති ටිකක් කලුවර තැනකින් නතර උනේ යාරා එක්ක කතා කරන්න හිතාගෙන.
Yara - : හනේව් මම හිතුවා කට ජින් ඔප්පා ලග දාලා ඇවිත් කියලා...... .
"මිනිත්තුවකට serious mood එකට එන්න... "
Yara - : ම්ම් හරි I'm serious girl.
"යා... ඕක එපා ඕක එපා මට හිනා යනවා..."
Yara - : ඉතින් අනේ....
"මේ අහන්න...."
Yara - : ඔව්.....
"ඇයි මාව ප්‍රතික්ෂේප කරන්නෙ, හැම මිනිත්තුවකම මට දැනෙන්නෙ ඔයා මාව ප්‍රතික්ෂේප කරනවා කියලා "
හිනාව පිරිලා තිබුන යාරා ගේ මුණ තත්පරයෙන් හිනාව නැති වෙලා ගියා.
මම වැට ලගට ගියෙ තවත් යාරා ගේ මූණ දිහාම බලාගෙන කතා කරන්න ශක්තියක් නොතිබුන නිසා.
"යාරා දන්නවද, මාව හැම තැනකින්ම ප්‍රතික්ෂේප වෙලා තමයි මම අද මෙතන ඉන්නෙ, මටම පුදුමයි මම කොහොමද මෙච්චර දුර ආවේ කියලා, ඉවසීම, කැපවීම, වේදනාව, වේදනාව, වේදනාව, තමයි අපේ පාරේ තනිකරම තිබුනේ. ඒත් මම තාමත් අදටත් ප්‍රතික්ෂේප වෙනවා..... , ඔයා ඒ හැගීම විදලා තියනවනම් දන්නවා ඇති ඒ වේදනාව, හැමෝම කියන්නෙ මම දරුණු නපුරු කෙනෙක් කියලා, නෑ මම එහෙම නැහැ යාරා..... "
මම දාහක් දේවල් කියවගෙන ගියත් යාරා කිසිම උත්තරයක් දුන්නෙ නැහැ, මමත් සද්ද නොකරම ඉස්සරහ බලාගෙනම හිටියෙ සමහර විට එයාට මගේ හැගීම් වලින් වැඩක් නැතුව ඇති කියලා හිතුන නිසා..... . ඒත් යාරා ඇවිත් මාව back hug කලා. එක පාරටම ශොක් උනේ මම එහෙම දෙයක් හීනයකින් වත් බලාපොරොත්තු නොවුන නිසා. මෙච්චර දවසකට එක තත්පරයකට ඒ උණුහුම මගේ හිත වරදකාරී හැගීමක් කලේ නැහැ. එන්න එන්නම යාරා නිසා මම අලුත් ජීවිතයකට පාර හොයාගන්නවා කියලා දැනුනා මිසක්, මේක මම නොකල යුතු දෙයක් කියලා මට දැනුනෙ නැහැ. අපි මුකුත්ම කතා නොකර ඒ මිනිත්තුව විදගත්තේ ජීවිතේ ලැබුන මට වටිනම දේ ඒක කියලා දැනුන නිසා....
YOU ARE READING
♡...I LOOK FORWARD TO THAT EXCITING FUTURE... ♡ || [ KNJ ] || ✅✅
Fanfictionහීන වෙනුවෙන් හැගීම් ඇහිදපු ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු උන මාවතක නව ඇරඹුමක්,⏳ සාගර දහස් ගනණක ඈතින් සිටියද විශ්වාස කල නොහැකි දෛවෝපගත මුණ ගැහීමක්, 🌹 බාධක පමණක්ම අභියස, ජීවිතයත් තම හීනත්, හිමිවීමත් අහිමි වීමත්, මිත්‍රත්වයත් ප්‍රේමයත් අතර නිම නොවන සාං...