Chapter 2

474 106 35
                                    


තප්පයක් දෙකක්..

නෑ විනාඩි කිහිපයක්..

ඉස්සරහින් ඇති ගොඩනැගිල්ල දිහා මන් බලන් ඉන්න ඇති.. මගේ මූණෙන් පිටට පෙනුණු හැඟීම් ගැන මට ලොකු අවබෝධයක් තිබුණෙම නෑ.. සමහර විට බලාපොරොත්තු කඩ උණාම දැනෙන ඒ දුක්බර වේදනාත්මක පෙනුම මගේ මුහුණෙත් නොවෙනස්‍ව තියෙන්න ඇති...

ඒත් ඒ හැඟීම යටපත් කරන්නවත් අලුත් සහනදායි හිත සනසන ප්‍රසන්න හැඟීම් ඇති කර ගන්නවත් මට මේ මොහොතේ උවමනා උණේ නැහැ..

ඔව්.. ඇත්ත.. මන් ඉදිරියේ පෙනෙන ගොඩනැගිල්ල මගේ බලාපොරොත්තු වගේම මගේ අනාගතය පිළිබඳ සිහිනත් මේ වෙනකොටත් එකපාරින්ම විනාශ කරලා ඉවරයි...

ඉතිම් එවැන්නක් ගැන හිතට අප්‍රසන්න හැඟීමක් මිස ප්‍රසන්න හැඟීමක් කොහොම දැනෙන්නද...?

"ජිමින්ශි..."

මන් ගැස්සිලා ගියේ ඒ කටහඬට.. යන්තම් මවා ගත් හිනාවක් මූණෙ රඳවාගෙන දෙවන වරටත් මන් ඒ ගොඩනැඟිල්ල දිහා බැලුවෙ ඇයි කියන්න මන් දැනගෙන හිටියෙ නෑ... දිලිසෙන සුළු තට්ටු විශාල ගණනකින් යුතු විශාල ගොඩ නැඟිල්ලක් වෙනුවට සාමාන්‍ය ප්‍රමාණයේ ගොඩනැගිල්ලත් ගොඩනැගිල්ලේ කොනක වන්නට යන්තමින් Bighit Entertainment යනුවෙන් ලියා තිබු සාමාන්‍ය පුවරුවත් දුටු මට හිල්ලුනේ ඉබේමයි..

කිසිත් නොකියාම මන් ඒ සාමාන්‍ය පෙනුම ඇති ගොඩනැගිල්ල වෙතට ඇතුළු උනෙ මට මඟ පෙන්වපු තැනැත්තාත් සමඟම.. අඩියක් දෙකක් මන් සමඟ පැමිණි ඒ කෙනා කලබලෙන් අතේ තිබුණු ඔරලෝසුවත් මන් දිහාත් මාරුවෙන් මාරුවට බලන්න උනේ හදිසියෙන් යමක් මතක් වූවෙකු මෙන්..

"ඔහොමම ඉස්සරහට ටික දුරක් ගිහින් වමට හැරෙන්න.. කැබින් දෙකක් පහහු උනාම තුන්වෙනි කැබින් එක පීඩී නිම්ගෙ..."

මාත් එක්කම ආ කෙනා ඒ විදිහට කියල හිනා වෙලා ආයෙම කොහෙටදෝ කලබලෙන් දිව්වා.. ඒත් ඒ කෙනා ගිය පැත්ත මන් හරියටම දැක්කෙ නෑ.. මන් ඒ තැනම හිටගෙන හිටියෙ හිස් හැඟීමෙන්.. මේ තරම් වෙලා මගෙ හිතේ තිබුණු ඒ විශ්වාසය කොහෙද..?

ඒක අතුරුදන් වෙලා... ඒත් මේ තරම් ඉක්මනට...??

නැවතුණු තැනම මන් හිටියෙ ගල් වෙලා වගේ.. bighit එකේ පිට පැත්‍ත වගෙම ඇතුල් පැත්තෙත් ලොකු විශේෂත්වයක් නොතිබුණත් හැම දෙයක්ම හරි පිලිවෙලට ප්‍රසන්න විදිහට තිබුණා.. ඒත් ඒ වටපිටාව බලන්න තරමේ හොද මානසික මට්ටමක් මේ වෙලාවෙ මට තිබුණෙම නැහැ... මට දැනෙන හැඟෙන හැම හැඟීමක්ම මොහොතකට යටපත් කරමින් මීට මොහොතකට කලින් මට මඟ පෙන්වූ තැනැත්තා කියූ දේ ආයෙම මතකෙට නඟා ගන්න උත්සාහයක යෙදෙමින් මන් අවටින් මාව පසු කරගෙන යන පුද්ගලයින් වෙත මගේ අවධානෙ දුන්නා...

DREAMS 💜️ || JIMIN Centric  (COMPLETED)Where stories live. Discover now