Chapter 13

332 87 82
                                    

ජීවිතේ කියන්නෙ හරි අමුතු වචනයෙන් විස්තර කරන්න බැරි දෙයක්.. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන අපේ ජීවිත වලට හැඩගැසීම හැර වෙන කල හැකි යමක් අපි කිසිවෙක් නොදන්න දෙයක්...

හරියටම කිව්වොත් ජීවිතේ කියන්නෙ එ තත්පරෙන් වෙනස් වෙන දේට අනුගත වීමයි...!!

ඒක හරියටම මේ මන් මේ මොහොතට හැඩ ගැහෙන්න උත්සාහ කරනව වගේ...!

මේක අභියෝගයක්..  ජීවිතේ එකම එක වතාවක් විතරක් ලැබෙන...!

ඔව් මේ ඒ දවස...! මාස ගණනාවක මගේත් අනිත් හැමෝගෙමත් මහන්සියේ ප්‍රතිඵල ලැබෙන දවස...!

මේ අපි හැමෝගෙම ඉරණම තීරණේ වෙන දවස...!!!

"හැමෝම ලෑස්තිද..? බය වෙන්න එපා අපිට පුලුවන්..  මොන දේ උනත් අපි හතම එකට ඉමු.. සාර්තක උනත් නැතත් අපි හැමදාම එකටම ඉන්න ඕන.. හතක් කියන්නෙ හතක්.. ඒක හයක්වත් පහක්වත් නෙවෙයි...!! හ්වයිටින්....!!'

හදවත ගැලවිලා එලියට වැටෙන තරම් වේගෙන් ගැහුනත් ඒ දෙය මොහොතකට අමතක කරලා නම්ජුන් හ්යොන්ග් ලොකු විශ්වාසෙකින් කතා කරන දිහා මන් බලන් හිටියෙ පුදුමෙන්..

හ්යොන්ග්ට තිබුණෙ හරි අමුතු පෞරුෂයක්... පිටස්තර අය ඉදිරියේ කිසි දවසක සැලෙන්නෙ නැති නම්ජුන් හ්යොන්ග් තමන්ටම තමන් අභියෝගයක් වෙන විදිහට නිතරම වැඩ කරන කෙනෙක්.. අපි අතර මහා ලොකු වයස් පරතරයක් නැති උනාට මට සාපේක්ෂව නම්ජුන් හ්යොන්ග්ට ලොකු අවබෝධයක් වගේම ලොකු ආත්ම විශවාසයකුත් තිබුණා...

සමහරවිට...!

හැම තත්පරේම හිත රිද්දන අමුතු බැඳීම් වලින් තවදුරත් බැදෙනවාට වඩා මොහොතකට ඒවාට විරාමයක් තියන එක සමහර අවස්ථාවල වඩාත්ම ගැලපෙන දෙයක් කියල මට කියල දුන්නෙ නම්ජුනී හ්යොන්ග්ගෙ ඒ ගතිගුණ වෙන්න ඇති...

ඒ නිසාම වෙන්න ඇති තවදුරටත් හිත්‍ රිදීම් මත්තෙම නොඇලී ඉන්න මන් මටම තරවටු කර ගත්තෙ...

අවසානයේ ජන්කුකීගෙ හිත්‍ රිදෙන කතාත් නම්ජුන් හ්යොන්ගෙ සොක්ජින් හ්යොන්ගෙ රැකවරණයත් අනිත් සියලුම දෙනාත්.. එකම බැල්මකින් පවා හැම දෙයක්ම අඩු නැතුව තේරුම් ගන්නා ටේහ්යොන්ග්නුත් මටම බද්ධ උණු මගේම ජිවිතේ එක් එක් පැති වගේ කියල මටම තේරුම් ගිහින් තිබුණා.. ඒත් තවමත් ඒ හැම කෙනාම මටත් හොරා ජීවිත පාඩම් මට කියල දෙන්න උනේ ගෙවෙන හැම දවසක්ම මට අලුත් දවසක් කරමින්..

DREAMS 💜️ || JIMIN Centric  (COMPLETED)Where stories live. Discover now