මන් හිටියෙ ඩ්‍රෝම් එකත් ගාඩ්න් එකත් වෙන් වෙන ඩ්‍රෝම් එකේ දොර මායිමේ... ඩ්‍රෝම් එකෙන් පිටත පරිසයේ තියෙන හිරි ගඩු පිපෙන තරම් තදට දැනුණු ඒ හීතලත් ඩ්‍රෝම් එක තුලින් දැනුණු ඒ උණුසුමත් එකවරම මට දැනෙන්න උනත් මගේ හිත තිබ්බෙම මීට තත්පර කිකිහිපයකට කලින් මගේම කන්පෙති වලට වැදුණු උල් පතුරු වගේ වුනු වචන කීපය වෙතට..
ඔව්.. මන් නොහිතපු විදිහට නොහිතපු වෙලාවක සීතල හිම කුණාටුවකටත් වඩා දරුණු උණුසුම් සුළි කුණාටුවකට මන් මැදිවෙලා හිටියා..
හිම මෙන් සීතල නොවුණත් ඒ ගින්නක රස්නයත් ඒ රස්නෙන් මාවම පිලිස්සී හැටිත් මන් අත් විදිමින් හිටියා.. එක් අතකට පරිසරයේ සිසිල හිත සනසනකොට අනෙක් අතකට වේදනාවෙන් පුරවන ඒ උණුසුම් මාරුතයට හසුව කරකියා ගත හැකි කිසිවක් නොවූයෙන් හැඟිම් නොමැත්තෙකු මෙන් මන් ඔහේ බලා හිටියා..
ඉදින් මේ පාක් ජිමින්ට අන් කල හැක්කක් තිබේද...?
මෝඩයෙකු මෙන් බලා හිඳීම හැර...???
.
.
.
."නම්ජුනී හ්යොන්ග්.. උ.. උ..ග්..ලි.. උග්ග්ලි කියන්නෙ මොකක්ද...?"
ඒ කුණාටුව ආරම්භ උනේ ඒ විදිහට...
"උග්ග්ලි..? යා ටේහ්යොන්ග්ගා මොන ලෝකෙ තියෙන වචනයක් ගැනද ඔයා ඔය අහන්නෙ..?"
නම්ජුන් හ්යොන්ග් නලල රැලි කරන දිහා මන් ඈතට වෙලා බලන් හිටියා...
ඒක වාසනාවක් ද නැත්නම් අවාසනාවක්ද කියන්න හරි හැටි නොදන්නවා උනාට ඩ්‍රෝම් එකෙ ඇතුලත හිටි කිසි කෙනෙක්ට ඒ මොහොතේ මාව පෙනුනේ නම් නැ..
ටේහ්යොන්ගේ හැකිළුණු මූණ මගේම හිතේ මවා ගත් මගේ මුහුණට එකතු උණේ හිනාවක්.. තමන් නොදන්න දෙයක් ගැන හිතට ප්‍රශ්නයක් එන හැම වෙලාවකමත්.. අකමැති දෙයක් කරන්න සිද්ද වෙන හැම මොහොතකමත් ටේහ්යොන්ග්ගෙන් දකින්න පුලුවන් වෙන මේ පෙනුමට හැමදාමත් වගේ මන් ආස කලා..
'පබෝ...'
තරමක් ඈතින් පේන ටේහ්යොන්ග්ගේ ඒ රූපය දිහා බලන් මන් හිතුවෙ හිතේ සැහැල්ලුවෙන්...
YOU ARE READING
DREAMS 💜️ || JIMIN Centric (COMPLETED)
Fanfiction💕 හීන තියෙන්නෙ දකින්නම නෙවෙයි.... සැබෑ කර ගන්න.....💕 Warning :- හදිසි තීරණ හානිදායක විය හැකියි ⚠️️ Fanfiction only 🚫 ⚠️️Don't copy ⚠️️ Completed date :- 2022/ 02/ 11