Chapter 11

355 87 88
                                    

"ඇයි ඒ ටේහ්යොන්ග් හ්යොන්ග්ම වෙන්නෙ...? අන්තිමට ආවෙ ජිමිනි හ්යොන්ග්.. ඉතින් ටීම් එකෙන් අයින් කරල තියන්න ඕන ජිමිනි හ්යොන්ග්.. ටේහ්යොන්ග් හ්යොන්ග්ව අයින් කරන්න එපා.. එයා ගොඩක් මහන්සි උනා... ඔයාලා හරිම අසාදාරනයි.. පස්සෙම ආපු කෙනයි ඒ කෙනා වෙන්න ඕන..."

ජන්කුකීගෙ වචන මන් අහගෙන හිටියෙ හීනෙකින් වගේ...

ජන්කුකීගෙ වචන අහල මන් සතුටු වෙන්නද...? නැත්නම් ඒ වචන අහලා අඩන්නද...?

ටේහ්යොන්ග් වෙනුවෙන් ජන්කුක්ගෙ හිතේ තියෙන ඒ බැඳීම ගැන.. ඒ අසාදාරනයට විරුද්ධ වීම ගැන.. සතුටු වෙන්නද...?

ඒ වගේම පලවෙනි වතාවට පිට අය ඉස්සරහ හරි ජන්කුකී අතින් වැරදිලා හරි මට හ්යොන්ග් කියල කියපු එක ගැන සතුටු වෙන්න ද..?

එහෙමත් නැත්නම් තවත් කෙනෙක් ඉස්සරහ උනත් තවමත් ජන්කුකීගෙ ඒ හිතේ මන් ගැන තියෙන ඒ තරහව.. ඒ අකමැත්ත ගැන මන් දුක් වෙන්න ද..?

"ජන්කුකී.. ඔයාට ඔහොම කියන්න බෑ.. අරස්සෝ..? සේජින්ශිගෙයි පීඩී නිම්ගෙයි තීරණ අපි පිලි ගන්න ඕන..."

එක එක විදිහේ ප්‍රශ්න ගණනාවක්ම මගේ හිත මගෙන්ම අහනකොට නම්ජුන් හ්යොන්ග් ජන්කුකීට ඒ විදිහට කියනවා මට ලාවට වගේ ඇහුණා...

"ඒත් හ්යොන්ග්.. ඒක අසාදාරනයි.. ඔයාලා ඇයි හැම වෙලාවෙම මෙයාගෙම පැත්ත ගන්නෙ..? ඔයාලට එක පොඩ්ඩක් ටේහ්යොන්ග් හ්යොන්ග් ගැන හිතන්න බැරි ද..? මාස හයක්...! දේ... මේ ළඟදි ආපු කෙනෙක් නිසා මාස හයක්ම ඔයාලා එක්ක හිටපු ටේහ්යොන්ග් හ්යොන්ග්ගෙ හිත රිද්දන්නෙ කොහොමද ඔයාලා..? ඔයාලා හැමොම හරිම නපුරුයි... හරිම නපුරුයි..!!"

ජන්කුකී වේදනාවෙන් වගේම කේන්තියෙන් කතා කරන්න උනේ ඒ තැන සේජින් හ්යොන්ග්ලා පවා ඉන්නව කියන එක ටිකකට අමතක කරලා..

සමහර විට ජන්කුකී හරි ඇති..!!

මන් නිසා ටේහ්යොන්ග්ට අසාදාරනයක් වෙනව ඇති...!

ඒත් සමහර විට එහෙම නොවෙන්නත් ඇති..! මම ආවත් නැතත් ඒ තැනට ටේහ්යොන්ග්ව පත් කරන්න හැමෝම මුල ඉදලම සැල්සුම් කරගෙන ඉන්නත් ඇති..!

DREAMS 💜️ || JIMIN Centric  (COMPLETED)Where stories live. Discover now