මන් කිචන් එකට යනකොටත් සොක්ජින් හ්යොන්ග් හිටියෙ කිචන් එක අස් කරන ගමන්..
"ජිමිනී.. බඩගිනි ද..? යන්න ගිහින් කන්න..."
සොක්ජින් හ්යොන්ග් කිචන් එක අස් කරන දිහා මන් බලන් ඉන්නකොට හ්යොන්ග් මන් දිහා හැරිල කිව්වත් මන් ඔලුවෙන් බෑ කියල හ්යොන්ග්ට කිව්වෙ හ්යොන්ග් මන් දිහා ඉණටත් අත තියන් බලාගෙන ඉන්නකොට..
"පස්සෙ කන්නම් හ්යොන්ග්.. හ්යොන්ග් කාලද ඉන්නෙ...?"
බඩ ගින්නක් දැනුනත් ජන්කුක් වගේම ටේහ්යොන්ග්නුත් කාලා ඉවර වෙනකන් ඒ පැත්තට නොයා ඉන්න මගෙ හිත කියපු නිසාම මන් ජින් හ්යොන්ග් එක්ක කිචන් එකෙ නැවතුනා..
"අනී.. මන් ටිකකින් කන්නම් ජිමිනි.."
මට සොක්ජින් හ්යොන්ග් කියනව ලාවට වගේ ඇහුනා.. මන් හිටියෙ ලොකු කල්පනාවක.. සෝල් වලට ආ දා පටන් මට මුහුණ දෙන්න උණු දේවල් එකින් එක හිතට එනකොට මගෙ හිතට දුක මිශ්‍ර සතුටක් දැනුනෙ මේ ගමනෙ දුකත් සතුටත් එක සේ ලැබුණු නිසා වෙන්න ඇති.. ඒ එක්කම ජන්කුකීව මගෙ මතකෙට ආවෙ හිතට බරක් එක් කරලා..
'සමහර දේවල් මඟහැරල ඉන්න එක හැමෝටම හොදයි..'
මගෙ හිත කිව්වෙම ඒ දේ.. සමහර විට මන් වැරදි ඇති.. ඒත් මේ වෙලාවෙ මට කරන්න වෙන දෙයක් කල්පනා උනේ නෑ.. මගේ හැසිරීම තවත් ප්‍රශ්න දුර දිග යැවීමක්ද කියල මට නොහිතුනාම නෙවෙයි..
ඒත්..
මමත් හරි අසරණයි..
හරියට ටේහ්යොන්ග් වගේ..
මන් හැරිලා බැලුවෙ ටේහ්යොන්ග් දිහා.. කිචන් එකේ ඉදල ටේහ්යොන්ග් ජන්කුකී එක්ක වාඩිවෙලා හිටි තැන පැහැදිලිව පෙනුනා.. කිසිම දෙයක් නොදන්න ටේහ්යොන්ග් ජන්කුකී එක්ක මොන මොනවදෝ කියල හිනා වෙනවා.. මට හරි ලෝබකමක් දැනුනා..
ඔව්..
මන් ලෝබයි ජන්කුකී ටේහ්යොන්ග්ට පෙන්නන ආදරෙට..!
ඔව්..
මන් ලෝබයි ටේහ්යොන්ග් ජන්කුකීට පෙන්නන ආදරේට....!
මටත් ඒ තැන ඉන්න ඕන උනා.. හරියටම ටේහ්යොන්ග්ගෙයි ජන්කුකීගෙයි මැද්දෙ.. ඒ දෙන්නවම මගේ අත්වලින් බදාගෙන.. දෙන්න එක්කම හිනා වෙන්න මට ඕන වෙලා තිබුණා....
YOU ARE READING
DREAMS 💜️ || JIMIN Centric (COMPLETED)
Fanfiction💕 හීන තියෙන්නෙ දකින්නම නෙවෙයි.... සැබෑ කර ගන්න.....💕 Warning :- හදිසි තීරණ හානිදායක විය හැකියි ⚠️️ Fanfiction only 🚫 ⚠️️Don't copy ⚠️️ Completed date :- 2022/ 02/ 11