Chapter 7

323 86 113
                                    

"ජන්කුකී.. පහලට එන්න.. ඔයාට ඔය විදිහට හැසිරෙන්න බෑ... ජන්කුකී.. ජන්කුකී..."

ජින් හ්යොන්ග් කෑ ගහනකොට මට ජින් හ්යොන්ග් වගේම අනිත් හ්යොන්ග්ලා දිහාත් ටේහ්යොන්ග් දිහාත් ඉබේටම බැලුනා.. ඒ හැමෝම හිටියෙ ලොකු අපහසුතාවෙකින්... හැම කෙනෙක්ම වගේ ජන්කුක්ගෙ හැසිරීමෙන් හිටියෙ ඒ තරම් හිත් හොදකින් නෙවෙයි කියල ඒ හැම කෙනෙක්ගෙම මූනෙන් පෙන්නෙන්න තිබුණා.. අවසානෙදි හෝසොක් හ්යොන්ග් හිනා උනා..  ඒත් ඒ හිනාව අමාරුවෙන් මවා ගත් හිනාවක් කියල මට තේරුණත් මේ වෙලාවෙ මමත් හිටියෙ ලොකු අසරණ හැඟීමකින්..

මට මන් ගැන පවා දැනුණෙ අනුකම්පාවක්.. 

නැහැ...

ඒකට අනුකම්පාවක්ම කියන්නත් බැහැ...

ඒක දුක වේදනාව කලකිරීම බලාපොරොත්තු කඩවීමත් එක්ක දැනුණු වරදකාරී හඟීමක්...

ඔව් මට වරදක් කලා වගේ දැනෙනවා...

නොහිතපු වෙලාවක ඇවිත් සතුටින් හිටපු හිත් හයක සතුට විනාශ කරපු කෙනෙක් විදිහටයි මට මාව පෙනුණෙ.. කාලයක් තිස්සෙ තිබුණු ඒ ලස්සන බැදීම් පළුදු කරන්න ආපු කෙනෙක් විදිහටයි මට මාව පෙනුණෙ..

මේ තරම් පොඩි දෙයකින් මන් ඒ තරම් දෙයක් හිතුවෙ ඇයි කියල ද හිතන්නෙ...??

ඒකට හේතුවක් තිබුණා..

ඒ හේතුව... ජන්කුකීගේ ඒ හැසිරීම...!!

ඒ වචන..!!

ඒ බැල්ම පවා මහා ලොකු හිත් රිදවීම් ගොඩක මුල් පටන් ගැන්ම කියල මේ වෙනකොටත් මන් තේරුම් අරන් තිබුණා...!

"ජිමිනී.. එන්න යමු... ඔයා ඉන්න ඕන තැන මන් දන්නවා..."

නම්ජුන් හ්යොන්ග් ජින් හ්යොන්ග් එක්ක මගෙ බෑග් අරන් ඉස්සර වෙද්දි මන් අනිත් බෑග් එක අරන් නම්ජුන් හ්යොන්ග් පස්සෙම ආවා.. නම්ජුන් හ්යොන්ග් ඇවිත් වහපු දොරක් ළඟ නැවතුනේ ජින් හ්යොන්ග් නම්ජුන් හ්යොන්ග් දිහා පුදුමෙන් බලන් ඉද්දි..

"නම්ජුනා.. ඔයාට හොදටම විශ්වාස ද මේක හරි කියලා...??"

ජින් හ්යොන්ග් නම්ජුන් හ්යොන්ග්ගෙන් ඒ විදිහට ඇහුවෙ මගෙ දිහාත් හොරැහින් වගේ බලලා..

DREAMS 💜️ || JIMIN Centric  (COMPLETED)Where stories live. Discover now