Chapter 1

903 130 59
                                    


...................................................................

❤ ️හීන තියෙන්නෙ දකින්නම නෙවෙයි...
        සැබෑ කර ගන්න...❤️

.....................................................................

මම Park Jimin... අවුරුදු දහසයක පොඩි කොල්ලෙක්.. සමහරුන්ට නම් මාව නිකම්ම නිකන් හයි ස්කූල් යන පොඩි එකෙක්.. වැඩකට නැති එකෙක්.. ඒත් හරියටම කිව්වොත් මන් හීන දකින කොල්ලෙක්.. හීන වෙනුවෙන් ඕනි දෙයක් කැපකරන්න පුලුවන් තරම් ශක්තියක් තියෙන කොල්ලෙක්... ඒ නිසාම වෙන්න ඇති මම හැම දේම අතහැරලා බූසාන් වල ඉදන් සෝල් වලට එන්න ඇත්තෙ.. ඔව් මගේ හීන ඒ තරම්ම ප්‍රබලයි.. මගේ පව්ල මගෙ සහෝදරයා අතාරින්න තරම්ම මගෙ හීන ශක්තිමත් උනා... 

දන්නවද...? ඒක හිතන තරම් ලේසි නෑ...

මන් ආත්මාර්තකාමී ද...?

නැහැ.. මන් එහෙම හිතන්නැ...

බලාපොරොත්තු ආශාවන් වෙනුවෙන් කැප වෙන එක ආත්මාර්තකාමීකමක් නෙවෙයි...

ඒක එක්තරා විදිහක කැපකිරීමක්..

එකක් අතකින් අවිනිශ්චිත අනාගතයක්.. තවත් අතකින් පව්ලෙන් ඈත් උණු හිත් වේදනාවත් හිතේ තියාගෙන මන් මන් බැලුවෙ සෝල් අහස දිහා... සෝල් වලටත් බූසාන් වලටත් පායන්නෙ එකම ඉර.. එකම හඳ...

"අඩුම තරමේ ඒ දෙකවත් මන් දන්න හදුනන දේකට තියෙනවා...."

මගේ කලබල වෙලා තියෙන හිත මන් සනස ගත්තෙ ඒ විදිහට.. ඒක එක්තරා ආරයක හාස්‍යජනක දෙයක් උනත් මේ මොහෙතෙ මට අවශ්‍ය වෙලා තිබුණෙ කුමන හෝ ආකාරයක හරි සැනසිලිදායක වදනක්..

නොදන්න පලාතක කවදාවත් නොදැකපු මිනිස්සු එක්ක මගෙ ජීවිතේ කොහොම ගලාගෙන යාවිද...?

මේ දේවල් වලට මට හුරු වෙන්න පුලුවන් වෙයිද...?

මන් සාර්තක වෙයිද...?

නැත්නම් මට හැම දේම නැති වෙයිද...?

ගෙවුණු විනාඩි දහයට උත්තර නැති ප්‍රශ්න වැලක්ම එක දිගට මගෙ හිතට එන්න ගත්තා.. ඉන් සමහරක් මගෙ අනාගතේ ගැන.. තව සමහරක් ගෙදර ගැන..  ඔම්මා  ගැන.. අප්පා ගැන..  ඒ වගේම තවත් සමහරක් Hei Rung ගැන..

DREAMS 💜️ || JIMIN Centric  (COMPLETED)Donde viven las historias. Descúbrelo ahora