Chapter 18

409 85 78
                                    

යුන්ගි හ්යොන්ග් කිව්ව වගේම දවස් දෙකක් ඇතුලත මට ඩයටීෂියන් කෙනෙක් ලැබුණෙ සේජින්ශිගේ අනුමැතියත් එක්ක.. සේජින් හ්යොන්ග් එක්ක වගේම මගේ ඩයටීෂියන් එක්කත් පැය ගානක කතා බහකින් පස්සෙ මට වඩාත් ආරක්ශිත ඩයට් ප්ලැන් එකක් ලැබුණත් තවමත් මන් හිටියෙ හිතේ බයකින්..

ගෙවුණු දවස් දහය මොන තරම් අසීරු උණත් අපහසු දුෂ්කර උනත් ඒ කාලය අතරතුර මගේ බරෙන් නොහිතපු තරමේ විශාල ප්‍රමාණයක් අඩු කර ගන්න මට පුලුවන් වෙලා තිබුණෙ ඒ දවස් ගානට මාව පෙනුමෙන් පවා ලොකු වෙනස් කමකට භාජනය කරමින්..

ඒ ගෙවුණු කාලය මට මාව පවා හදුනා ගැනීමට නොහැකි තරමේ වෙනසක් ඇති කර තිබුණේ හරිම පුදුමාකාර විදිහට..

විටෙක මා පිලිකුල් කල අය පවා ඇස් කන් අයාගෙන මාගේ මේ නව පෙනුම දෙස වෂීවූවන් මෙන් බලද්දි හිතට සියුම් සතුටක් ආඩම්බරයක් නොදැනුනාමත් නොවෙයි..

එසේම සෑම විටම වගේ මගේ පෙනුම ගැන මැසිවිලි කියූ ජන්කුකීගේ පවා ඇස් මගෙන් ඉවතට නොයෙන තරමට ඔහුගේ බැල්මන් පවා සොරා ගන්නට මට හැකිවීම පුදුමෙකට කරුණක්ම වී තිබුණා..

ඉදින් ඒ වගේ වෙනස්කම් රාශියක් සිද්ද වෙලා තියෙනකොට නැවතත් ආහාර ලබාගෙන මගේම ඇගේ බර ආයෙම තිබුණු තැනටම පත් කර ගන්න මට උවමනා උණේ නැහැ..

ඒ නිසා මම කාටත් හොරා පරණ පුරුදු විදිහටම සීමාවක් නොමැතිව මගේම අගට වද දෙමින් මන් කෑම පාලනේ කරන්න අරගෙන තිබුණෙ මන් මේ අලුත් පෙනුමට කලින්ටත් වඩා ලෝබකම් කරන නිසාම වෙන්න ඇති...

"ජිමින්ශි.. කවදද ඔයාගෙ ඔය හිතුවක්කාරකම් නවතින්නෙ....?"

ඩාන්සින් ප්‍රැක්ටිස් අවසානයේ ඇඟට දැනුණු මහන්සිය නිසාම බිත්ති කොනකට වෙලා දණහිස් අතරෙ ඔලුව හංගගෙන මහන්සි අරිමින් හිටපු මට වතුර බෝතලයක් දික් කරන ගමන් ජන්කුක් ඇහුවෙ කේන්තියෙන්..

ඕනවට එපාවට වගේ ජන්කුක් දීපු වතුර බෝතලය අතට ගත්තු මන් වතුර බෝතලේ දිහා බලන් මිනිත්තු කීපයක් ඉන්න ඇති..

"ඇත්තටම ඔයා පාඩමක් ඉගෙන ගන්නෙ නැද්ද ජිමින්ශි..? ඔයා හිතන් ඉන්නෙ කවදා වෙනකන් අපිව රවට්ටන්න ද...?  මේ දවස් වල වැඩ වැඩි නිසා අපිට අපි ගැන බලන්නවත් වෙලාවක් නැති නිසා ඔයා හිතන්නෙ අපි ඔයාව ඇතෑරලා දාලා කියල ද..?"

DREAMS 💜️ || JIMIN Centric  (COMPLETED)Where stories live. Discover now