Chapter 6

331 83 111
                                    

දඩාස් ගාලා සද්දෙන් වැහුණු දොර දිහාත් ඉන්පස්සෙ සේජින්ශි දිහාත් මන් බැලුවෙ කිසි දෙයක් හිතා ගන්න බැරි උණු නිසා.. ඒත් සේජින්ශිගෙ මූනෙ නම් ලස්සන හිනාවක් ඇදිලා තිබුණේ මේ දේවල් සේජින්ශිට නම් හුරුපුරුදු බව මට තේරුම් කරලා.. දොරෙන් ඔලුව විතරක් එලියට දාපු ඒ පොඩි පිරිමි ළමයා මට මතක් කලේ මගෙ ජීහ්‍යුන්ව...

'එයාත් ඒ වයසෙ ඇති...'

ඒ බෝල ඇස් ආයෙත් මතක් වෙනකොට මගෙ හිතට මගේ පුංචි සහෝදරයව මැවෙන්න ගත්‍තා.... ජීහ්‍යුන් මන් නැතුව පාලුවෙන් වේදනාවෙන් ඉන්න තරම දන්නා මට ඒ පුංචි පිරිමි ලමයා ගැන දැනුනෙ පුදුමයක්... නොදන්න පලාතක නොදන්නා පිරිසක් එක්ක තනියම ඒ පුංචි වයසට ජීවත් වෙන්න මොන තරම් හිතේ හයියක් තියෙන්න ඕනදැයි අමුතුවෙන් මට කියල දෙන්න දෙයක් තිබුණේම නෑ...

ඒකට හේතුව.. ඒ තරමටම... ඒ දේ මාත් අත්විඳලා තිබුණු එක...

"නම්ජුනී හ්යෝඕඕන්ග්...."

වහපු දොරෙන් ඈතට වේගෙයෙන් දුව යන අඩි සද්දයක් එක්ක කටහඬක් ඇහෙනකොට ඒ කටහඬේ අයිතිකාරයා මීට මොහොතකට කලින් දැකපු බෝල ඇස් පිරිමි ළමයා බව මට තේරුම් ගියා.. සේජින්ශිත් මමත් වැහුණු දොර දිහා බලන් හිටියෙ කවුරුන් හෝ ඇවිත් දොර අරිනකන්..

දොර දිහාම බලාගෙන හිටි මට ඉබේම වගේ මතකෙට ආවෙ ගෙදරින් එන්න මොහොතක් තියල ජීහ්‍යුන්ගෙ ඒ දුකෙන් පිරුණු ඇස් දෙක... මට ඉබේම හීල්ලුනා... හිත යටින් දුකක් දැනුනත් මන් දැන් ඒ දේට හුරු වෙලා... ඒත් අද මටම නොතෙරෙන අමුතු සතුටක් ඒ බෝල ඇස් දැක්කම මට දැනුනේ ඇයි කියන්න මන් දැනගෙන හිටියෙ නැහැ... ටිකකින් ඇරුනු දොරෙන් ඇතුල් උණු සේජින්ශි පිටි පස්සෙන් මන් ගියේ ජීහ්‍යුන් නැති අඩුව මට ඒ තරම් නොදැනේවි කියන විශ්වාසයත් එක්ක...

"චෙසුහම්නිදා සෙජින්ශි... ජන්කුකී ටිකක් ලැජ්ජයි.. සේජින්ශි දන්නවනෙ ඒක.. එයාට අලුත් අයව හුරු නෑ ඒක නිසා වෙන්න ඇති එයා ඒ විදිහට හැසිරුණේ.. ඒකට සමාවෙන්න...."

දොර ඇරපු මට වඩා ටිකක් වැඩිමල් කියල හිතෙන පිරිමි ළමයා කියද්දිත් මන් අහගෙන හිටියා..

DREAMS 💜️ || JIMIN Centric  (COMPLETED)Where stories live. Discover now