නිමාවක් නැති අවසානයක් ❤

568 99 233
                                    

අවුරුදු හතක් කියන්නෙ ගොඩක් ලොකු කාලයක්..  කෙනෙක්ගෙ ජීවිතේ කනපිට හරවන්න තරම් ඒ කාලයට සම්පූර්ණයෙන්ම හැකියාවක් තියෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද...?

ඔව් පුලුවන්...

කාලයට පුලුවන් අපේ ජීවිත කණපිට හරවන්න...

ඒ දේ අපට නොදැනීම සිදු උනත් විනාඩි කිහිපයක් වැය කරලා ආයෙම වතාවක් අපේ ජීවිත වලට එබී බැලුවොතින් අපටත් නොදැනිම අපේ ජීවිත වල සිද්ද වුණු විශාල වෙනස්වීම් අපිටම උනත් දැක ගන්න පුලුවන්..

ඒ වෙනස් වීම් අපේ අත්දැකීම් නිසාවෙන් හෝ අපි තුල වූ අදහස් වෙනස් වීමෙන් හෝ කුමනාකාරයේ වෙනස්වීමක් නිසා හෝ වේවා සියල්ලම යහපත් ආකාරයෙන් සිද්ද වේ නම්...  කලක් ගත වුවද සමහර දෑට විසදුම් කලබලෙන් සොයනවාට වඩා කාලයටම බාර දීම  වඩාත් යහපත් බව මන් තේරුම් ගත්තෙ එ ගෙවුණු කාලය ගැන ආපසු හැරී බැලිමේදීයි..

"ජිමිනි.. ඔයාට අජුස්සිව හම්බුණේ මොන කාලෙදි ද...?"

අපි අතර තිබුණෙ නිශ්ෂබ්දතාවක්..

ඒ නිශ්ෂබ්දතාව මොහොතකට නැති කරමින් නම්ජුන් හ්යොන්ග් කතා කලේ හරි තැන්පත් කටහඩකින්.. ඒ කටහඬේ පවා විශාල ගෞරවයක් අජුස්සි ගැන හ්යොන්ග්ගෙ හිතේ ඇති බව මට  වගේම අනිත් පස් දෙනාටත් තේරුම් යන්න ඇති...

"මට කිසිම දෙයක් නැති කාලෙක... සෝල් කියන ලොකු නංගරෙ මන් අතරමං උණු දවසක...."

මගේම ඇස් ඉස්සරහ තියෙන අලු බඳුන වෙත ගැඹුරු හුස්මක් හෙලමින් මන් කිව්වෙ වේදනාත්මක හඬකින්...

අවුරුදු හතක් පුරාවට මන් ළඟම රැදුනු අජුස්සිට අයිතිව තිබුණු දෙයක් මන් මහ ලෝබකමකින් අජුස්සිගේ අලු බඳුන අසලින් තිබ්බෙ වචනයෙන් විස්තර කල නොහැකි තරමේ එකිනෙකට පරස්පර  හැඟීම් ගොන්නක් හිතේ හිරකරගෙන..

මීට අවුරුදු හතකට උඩදී නම් මේ වගේ මොහොතක කඳුළු සලමින් අඩන්නට මට හැකියාවක් තිබූණා උනත් වර්තමානයේ දැන් සිටින්නේ ඒ ළාමක දහසය හැවිරිදි කොලු නම් නොවේ..

දැන් ඔහු තරුණයෙක්..

අජුස්සිගේ බලාපොරොත්තුව වගේම..

DREAMS 💜️ || JIMIN Centric  (COMPLETED)Donde viven las historias. Descúbrelo ahora