Chapter 12

335 84 56
                                    

"හ්යොන්ග්... නම්ජුනී හ්යොන්ග්..."

සති ගානකට පස්සෙ ලැබුණු ඒ පුංචි නිවාඩුවෙත් ගාඩ්න් එකෙ කොනකට වෙලා පොතක් දිහාවටම ඇස් යවාගෙන ඉන්න නම්ජුන් හ්යොන්ග් ළඟට මන් ගියේ දවස් කිහිපයක ඉදන් මගේම හිත ඇතුලෙ මටම වද දුන්නු එක දෙයක් නිසා..

නම්ජුන් හ්යොන්ග් ළඟට ආවත් මන් තව ටිකක් වෙලා ආයෙම කල්පනා කලේ මන් මේ මොහොතෙත් ඉල්ලන දේත් ඇත්තෙන්ම ආත්මාර්තකාමී දෙයක් ද එවැන්නක් නොවන දෙයක්ද කියලා..

"ඔව් කියන්න ජිමිනි..."

මේ තරම් වෙලා දැහැනකට සම වැදිලා වගේ පොත දිහාම ඇස් යොමාගෙන හිටි නම්ජුන් හ්යොන්ග් ඒ පිටු අතරින් ඇස් හෙමි හිට මන් ළඟට අරගෙන ඇහුවෙ සන්සුන් කටහඬකින්.. මේ වෙලාව හ්යොන්ග් එක්ක මේ ගැන කතා කරන්න හොදම වෙලාව කියල මගෙ හිත කිව්වත් තවමත් මගේ හිතේ ඒ ගැන නිශ්චිත තීරණයක් අරගෙන නොතිබුණු නිසාම මන් මගේ ඒ ප්‍රශ්නය වෙනත් විදිහකට හරි හ්යොන්ග්ට කියන්න අවසාන මොහොතෙදි හිතා ගත්තා...

"හ්යොන්ග්.. මන්.. මන් ජන්කුකීලා ප්‍රැක්ටිස් කරනකොට ඈත ඉදන් බලන් ඉන්න ද... ? හ්යොන්ග් මන් පොරොන්දු වෙන්නම් ජන්කුකීටවත් සොක්ජින් හ්යොන්ග්ටවත් ටේහ්යොන්ග්ටවත් මන් කරදර කරන්නෑ.. හ්යොන්ග් චෙබල්.. මන් එලියෙ ඉදන් බලන් ඉන්නද...?"

මන් පුලුවන් උපරිමෙන් හ්යොන්ග්ගෙන් බැගෑපත් වෙලා ඒ විදිහට ඉල්ලුවෙ දවස් ගනනාවක්ම මගේ හිතේ තැන්පත් වෙලා තිබුණු ඒ ආසාව..

නෑ...!

මන් ආස උනේ ජන්කුකිගෙ වෝකල් ප්‍රැක්ටිස් බලන්න නෙවෙයි...!

මන් ආස උනේ ජන්කුකීටත් හොරා එයා දිහා බලන් ඉන්න නෙවෙයි...!!

මන් ලෝබ උනේ මට අහිමි මගේ තැන බලන්නයි...!!

හේතුවක් නොදැනම මගෙන් ඈතට විසි උණු මට අයිති දේ  ලබා ගන්නයි මට දැන් අවශ්‍ය... එක්තරා විදිහට ඒ මගේ කියන හැඟීම මහා ලොකු ආත්මාර්තකාමී බවක් හිතට එක් කලත් මගේ හැකියාවත් ඒ කල කැප්කිරීම් මේ විදිහට අපතේ යාම තව දුරටත් ඉවසන් බලාගෙන ඉන්න එක මන් මටම කරන අසාදාරනයක් විදිහට මන් දැක්කෙ...

DREAMS 💜️ || JIMIN Centric  (COMPLETED)Where stories live. Discover now