Chapter 10

314 81 81
                                    



ටේහ්යොන්ග් එක්ක මම පහළට ඇවිත් ටික වෙලාවකින් ජන්කුකී පහලට එන සද්දෙ මට ඇහුනා.. ජන්කුකී ටිකෙන් ටික අපි ළඟට එනකොට මගෙ ඇස් පුදුමෙන් ලොකු උණා..

"ඒක.. ඒක මගේ..."

මට ටිකක් හයියෙන් කිය වෙන්න ඇති.. කකා හිටපු රාමෙන් ටිකත් හිර කර ගත්තු හේසොක් හ්යොන්ග් මන් දිහා පුදුමෙන් වගෙ බැලුවෙ ඒ එක්කමයි..

"මන් කිව්වෙ.. මන් කිව්වෙ ඒ පෑන්ට් එක මගේ.. ජන්කුකී ඇදන් ඉන්න පෑන්ට් එක මගේ..!!"

මන් පුදුමෙන් කියනකොට හෝසොක් හ්යොන්ග් ගානක් නෑ වගේ ආයෙම කන්න ගත්තා..

'දැන් එතකොට ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි ද...??'

මගෙ හිත මගෙන්ම අහනකොට මන් වටපිට බැලුවෙ පුදුමෙන්.. ඒත් ඒ කිසිම කෙනෙක්ට ඒක අමුතු පුදුම දෙයක් වගේ පෙනිලා තිබුණෙ නෑ...

"ජිමිනී.. ඒ ජන්කුකීගෙ හැටි.. අපේ හැම දේම එයාගෙ උනාට එයාගෙ හැමදේම එයාගෙ විතරයි..."

සොක්ජින් හ්යොන්ග් රාමෙන් ටිකක්  කටේ පුරවගෙනම උත්තර දුන්නෙ මන් දිහා බලන්නවත් මහන්සි නොවී..

"ඒ කිව්වෙ...?"

සොක්ජින් හ්යොන්ග් කියූ දේ ඒ තරම් තේරුමක් නොවුණු නිසාම මන් එහෙම ඇහුවත් ඊළඟට සොක්ජින් හ්යොන්ග් කියූ දේ නිසා මන් නිහඬවම ජන්කුකීව මඟ හැරලා කෑම කන්න පටන් ගත්තා..

"ඔයා  හැමදේම තේරුම් ගනියි ජිමිනී..."

සොක්ජින් හ්යොන්ග්ගෙ ඒ වචන එක්කම මන් නිහඬ උනේ ඇත්තෙන්ම මේ තැන මේ පුද්ගලයන්ගෙන් මට ඉගෙනීමට බොහොමයක් දේ තිබෙන බව සිතන ගමන්.. ජන්කුකීගෙන් පවා ඉගෙනීමට දේවල් ඇති බව මගේ හිත කියන්න උනේ හ්යොන්ග්ගෙ ඒ කතාව නිසයි...

ජන්කුකී වෙනදා වගෙ නැතුව කෙලින්ම ඇවිත් ටේහ්යොන්ග් ළඟින් වාඩි උනේ කෑම කන්න.. වාසනාවකට වගේ ටේහ්යොන්ග් මගෙන් ඈතට වෙන්න හිටපු නිසා ජන්කුකීගෙ සුපුරුදු බැල්මෙන් මිදිලා ඉන්න මට පුලුවන් උනා.. එක අතකට මට ඒක සගනයක් වගෙ දැනුනත් අනෙක් අතට මගෙම හිත රිදවීමක් වෙලා තිබුනෙ කොලේජ් එකේ වගේ අපි දෙන්නට ලංවෙලා ඉන්න ඉඩ නොලැබුණු නිසා...

DREAMS 💜️ || JIMIN Centric  (COMPLETED)Where stories live. Discover now