Part 11 - He Entered😳

306 58 2
                                    


No One's Pov

මේ වෙනකොට ජින් , හෝසක් , ජීමිනුත් College එකට අැවිත් ටික කාලයක් නිසා හෝසකුත් සුගා,නැම්ජුන් ටේකුක් එක්ක හොඳට කතා බහ කරලා යාලුවො වගේ හිටියා. ජීමිනුත් යාලුවො වගේ හිටියා හැබැයි දැන් එක්කෙනෙක් මාලුවෙක් උනානෙ(සුගා😂😉). හැබැයි ඉතින් කවුරු යාලුවො මාලුවො උනත් නැම්ජුන් ජින් ඩබලනම් එකාට එකා Second වෙන්නෑ. ඒත් මේ වෙනකොට දෙන්නගෙම හිතේ මොකක්දෝ අමුතු හැඟීමක් අැති වෙනවා කියලා ඒ දෙන්නවත් දැනගෙන හිටියෙ නෑ.......

ඔන්න ඒ අතරෙදි තමයි මෙන්න මෙයා කතාවට එන්නෙ😳.

ඔන්න ඒ අතරෙදි තමයි මෙන්න මෙයා කතාවට එන්නෙ😳

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(අනේ ලමයි මට මෙයා එක්ක කිසිම තරහක් නෑ හොඳද. නිකන් චරිතයක් විදියට කතාවට ගන්න විතරයි මෙයාව ගත්තෙ.තරහනම් වෙන්න එපෝ😬)

මෙයා Vernon.මෙයත් මේ College එකේම සමවයස් කෙනෙක්.ඒ කාලෙ ඉඳන්ම නැම්ජුන්ලත් එක්ක අැරියස් එකට හිටියෙ මෙයා තමයි. College එකට අාපු මුල්ම කාලෙ දෙන්නට දෙන්නා නයාට අඳුකොල වගේ. දෙන්නා ලේ පෙරෙනකන් පවා ගහගෙන තියනවා. ටික කාලයක් යද්දි ඒක නිකන්ම වෙනස් උනා. හැබැයි ඉතින් දැනටත් එකාට එකා දැක්කම මරනවා කියන්න වගේ රවාගෙනම තමයි යන්නෙ. කාලෙකින් දෙන්නට මරාගන්න හේතුවක් අාවෙ නෑ. ඉස්සරනම් මරාගත්තෙ College එකට අාපු මුල්ම කාලෙ දෙන්නටම පොර වෙන්න ඕන නිසා වගේම Vernonට හිත යන කොල්ලො නැම්ජුන්ට පිස්සු වැටිලා හිටිය නිසා. දැන් කියලත් වෙනසක් නෑ ඒ උනාට ඒත් ඒ කාටවත් නැම්ජුන් අද වෙනකන් කැමති වෙලා නෑ. 

(හැඳින්වීම ඉවරායි අයෙ යමු කතාවට)

College එක ඉවර වෙන්න ලංවෙලා. අද තමයි නිවාඩු දෙන දවස. ජින් Bathroom එකට ගියේ දවසෙම දූවිලි වැදිලා තිබ්බ එයාගෙ WWH මූණ පොඩ්ඩක් තෙත් කරගෙන පිරිසිදු වෙලා එන්න කියලා. 

You Are My Destiny❤Where stories live. Discover now