ජින් නැම්ජුන්ගෙ අැඳ ළඟට යනකොටත් නැම්ජුන් අැඳේ හාන්සි වෙලා අත්දෙකත් ඔලුව පිටිපස්සට බැඳගෙන කකුල් දෙකත් පටලගෙන තාලෙට වන වන ඉන්නවා. ජින් අැඳ ලඟ ඉඳන් ඔහේ බලාගෙන හිටියෙ කරන්න දෙයක් හිතාගන්න බැරුව. ඒත් එක්කම නැම්ජුන් එක අතක් අරගෙන එයාට එහා පැත්තෙන් තිබ්බ කොට්ටෙට තට්ටු දෙකක් දැම්මෙ අැස් අරින්නෙත් නැතුවමයි. නැම්ජුන් කටින් නොකිව්වත් අතින් පෙන්නපු සංඥාව තේරුම් ගත්ත ජින් ඕනවට එපාවට හිමින් සැරේ අැඳ දිගේ බඩගාගෙන ගිහින් කොට්ටෙන් අැලවුණා.Jin's Pov
මටත් මේ යකා එක්ක නිදාගන්න උනානේ. හෝසකා හෙට උදේට නැගිටපංකො. හොම්බ තැලෙන්න දෙන්නෙ මට කරපු වැඩේට. මේ යකා ඉන්න හැටි විතරක්. නිදිත් නෑ අැස් පියාගෙන බොරු කරනවා.
මට මේ වෙලාවෙ දාහක් දේවල් හිතෙනවා. ඒත් මං හොඳටම දන්නවා මට අද නින්ද යන්නෑ. වෙන මොකකවත් නිසා නෙමෙයි එයා නැතුව මට නිදාගන්න බෑ😞. මේ කාමරේ නිදාගන්න වෙනවා කියලා දනනවනම් එද්දිම එයාවත් එක්කන් එනවා. දැන් ගිහින් එක්කන් එන්නත් බෑ. මං තනියම යන්න එන්න බයයිනෙ.( කවුද එයා?? Guess කරන්න බලන්න. අපිනම් දන්නැතෝ🙊)
මොනා කරන්නද මන්දා. මං විනාඩි 10ක් විතර මේ දේවල් හිත හිත ඉන්නකොට කාමරේම Lights Off උනා. මං හිතන්නෙ අර හතර දෙනාගෙන් කවුරුහරි නිවන්න අැති. හෝසකා වෙන්න බෑ උෟ හොඳට නිදිනෙ. ඒ ත් කිසි දෙයක් නොපෙන තරමට කරුවල නෑ. Balcony එක එහා පැත්තෙ තියන නිසා හඳ එලියෙන් කාමරේ අඳුර ටිකක් මකනවා. දුහුල් තිර රෙදි අස්සෙන් අහසෙ තරු ලස්සනට දිලිසෙනවා මට පේනවා. අපි හිටියෙ තට්ටු 20කින් යුත් බෝඩිං හවුස් එකේ 15 වෙනි තට්ටුවේ නිසා අැඳේ හාන්සි වෙලා හිටියත් අහස හොඳටම පේනවා. මම ඒ තරු දිහා ටිකක් වෙලා බලන් කල්පනා කරේ අපේ කාමරේටත් හැමදාම මේ විදියටම අහස පෙනුනත් මං මීට කලින් කවදාවත් ඒ අහසේ ලස්සන බලන්න උනන්දු උනේ නැත්තෙ අැයි කියලා. තවත් පැය බාගයක් විතර අහසෙ ලස්සන බලන් හිටපු මම නිදාගන්න මාත් එක්කම මාර සටනක යෙදුනා. අැඳේ එහා පැත්තට හැරුණා මෙහා පැත්තට හැරුණා කොට්ටෙන් මූණ වහන් හිටියා පොරවන රෙද්දෙන් මුලු අැඟම වහගත්තා. මේ කිසිම දෙයක් හරියන්නෙ නෑ. නිදාගන්න මට එයාව ඕනමයි😞. මං පැය දෙකක් විතර එහෙම ඉන්න අැති. නින්ද අහලකවත් නෑ. ඒත් එක්කම වගේ වෙච්ච දේ නිසා මං පොඩ්ඩක් ගැස්සිලා ගියා වගේම පුදුම උනා.
YOU ARE READING
You Are My Destiny❤
Fanfiction" ඒයි පිස්සු හෝන්තුව..දැන්වත් මගේ වෙනවද? " දඩබ්බර හිත හීලෑ කරන්න අවසර අරන්... කවුදෝ අැවිදින් මටත් නොකියම මගේ හිත අවනත කරන් ....මං ලඟම නවතින්න වරමක් අරන්.......❤ මුලින්ම කියන්න ඕන මේක Fanfiction එකක් විතරයි.NamJin වටා ගෙතුණු අාදර කතාවක්..Happy Ending...