🐱" ඕ යේහ් කමෝන් කොල්ලා. ජයවේවා "
🐯" අම්මටසිරි තාත්තට ගජසිරි ඒ කියනනේ අද අපේ නැම්ජුන් සිංදුවක් කියන්න යන්නෙ නේ "
🐰" අඩෝ මෙච්චර අවුරුදු ගානක් එකට හිටියා එක සිංදු කෑල්ලක් අැහිලා නෑ මුගෙ කටින්. තැනකූ ගෝඩ්. ඔයත් මාර වැඩ තමයි කරන්නෙ ඉඳලා ඉඳලා "
🐥" නිකන්ද බං ගෝඩ් කියන්නෙ. ජින් සිංදු කියනවනම් මායි හොබියයි අහලා තියනවනෙ. නැම්ජුන්ට චාන්ස් එක හම්බුන එකත් හොඳයි "
🐿" කමෝන් නැම්ජුන් කමෝන් නැම්ජුන් "
සෙල්ලමෙන් අන්තිම මොහොතේ නැම්ජුන් පරාද වුණ එකටත් දැන් නැම්ජුන්ට සිංදුවක් කියන්න වෙන එකටත් ජින්ට දැනුනෙ මාරම සතුටක්. අැත්තටම ජින්ට ගොඩාක් අාසයි නැම්ජුන්ගෙ කටින් සිංදුවක් අහන්න. මොකද එයා සිංදු තියා වැඩිය කතා කරන්නෙවත් නෑනෙ.
🐹" හා හා කතා අැති. පරාද වුණ එක්කෙනා එකඟ උන විදියට සිංදුව කිවුවනම් හරි "
මේ අතර ස්පීකර් දාපු හරියෙන් මයික් එකෙන් කෙනෙක් කතා කරා.
" හැමෝම අහගන්න. මීලඟ සිංදුව ගායනා කරන්නෙ අපේ College එකේ කාගෙත් සිහින කුමාරයා නැම්ජුන්. සද්දයක් දෙන්නෝ "
හපොයි ජැක්සන් ගම කනවා. ගමටම අැහෙන්න මයික් එකෙන් කිවුවනෙ😂. දැන් හැමෝම කෑ ගගහ චියර් කරනවා. අැයි ඉතින් කී දෙනෙක් කියලා නැම්ජුන්ට පිස්සු වැටිලා ඉන්නවද😌.
(Author : නැම්ජුන් බොටත් හොඳ වැඩේ. හැම මගුලටම එකඟ වෙනවනෙ පැනගෙන.🐨: ඉතින් මට ප්රශ්නයක් නැත්තන් බොට මොකද්ද තියන ප්රශ්නෙ. කටවහන් පාඩුවෙ පලයන් යන්න.
Author: යනවා තමයි අපි මෙතන පැලවෙන්න අාවෙ නෑ. ඕන මගුලක් කරගනින්. අපිනම් නෙමෙයි පැත්තවත් බලන්නෙ.
🐨: ඉතින් පලයන්. බායි😂
Author: 😏 )
(මැදින් පැන්නට සොරි හොඳේ😁. පේනවනේ මුගෙ ලොකුකම😒)
මේ අතරෙ නැම්ජුන්ගෙ සෙට් එකත් කෑ ගගහ නැම්ජුන්ට චියර් කරනවා. ඒ අතරින් නැම්ජුන් සිංදු කියන තැනට අැවිදන් ගියේ කිසිම ගානක් නැතුව. කිසිම බයක් අදිමදි කිරීමක් නැතුව හිනාවක් මවාගෙන නැම්ජුන් ගියපු විදියටනම් සුගාටයි ටේටයි කුකීටයි මාරම පුදුමයි. මොකද ඉතින් උන්නෙ දන්නෙ නැම්ජුන්ගෙ හැටි. එයාලා මූණට මූණ බලාගත්තෙ මොකක්ද වෙන්න යන්නෙ කියලා හිතාගන්න බැරුව.
![](https://img.wattpad.com/cover/279181727-288-k139123.jpg)
YOU ARE READING
You Are My Destiny❤
Fanfiction" ඒයි පිස්සු හෝන්තුව..දැන්වත් මගේ වෙනවද? " දඩබ්බර හිත හීලෑ කරන්න අවසර අරන්... කවුදෝ අැවිදින් මටත් නොකියම මගේ හිත අවනත කරන් ....මං ලඟම නවතින්න වරමක් අරන්.......❤ මුලින්ම කියන්න ඕන මේක Fanfiction එකක් විතරයි.NamJin වටා ගෙතුණු අාදර කතාවක්..Happy Ending...