මං කාමරේට යනකොටත් මගේ ජින් හිටියා වගේම අැඳක් උඩ ඉන්නවා. එයාට තාමත් සිහිය නෑ. කවදා සිහිය එයිද කියන්න මං දන්නෙ නෑ. ඒත් ඒ කවදා උනත් ජීවිත කාලෙම හරි මං මෙතනටම වෙලා ඉන්නවා කියලා මං මටම පොරොන්දු උනා.
මං කාමරේ තිබ්බ පුටුවක් අරන් අැවිත් ජින්ගෙ අැඳ ලඟින්ම වාඩි වුණා. ජින්ගෙ ඔලුව වටේට ලොකු බැන්ඩේජ් එකක් ඔතලා. අැඳ ලඟ එල්ලපු සේලයින් බෝතලයෙන් වැටෙන සේලයින් බිංදු බිංදු බටයක් දිගේ මගේ මැණිකගෙ අැඟට ගලාගෙන යනවා. මං ඒ දිහා බලන් හිටියෙ හරි වේදනාවෙන්💔.
ජින් වෙනුවට මට එතන ඉන්න පුලුවන්නම් මං එතන ඉන්නෙ දෙපාරක නොහිතා. ඒත් එහෙම කරන්න බෑ. අැත්තටම කිවුවොත් මට කරන්න කිසිම දෙයක් නෑ. මට පුලුවන් උනේ එයා දිහා බලාගෙන හිතින් විඳවන්න විතරයි. ඒ වේදනාව දන්නෙ මංම විතරයි. මේ කාමරේ කිසිම කෙනෙක්ගෙ සද්දයක්වත් නැතුව මං තනි වෙලා. අැඳක් උඩ අැස් පියාගෙන ඉන්න මගේ පන දිහා බලන් ඉන්න එකේ වේදනාව මට තදින්ම දැනෙන්න ගත්තෙ ඒ වෙලාවෙ.
දැන් ගොඩාක් රෑ වෙලා. එලි වෙන්නත් තව පැය ගානයි තිබ්බෙ. ඒත් නින්ද මගේ අහලකටවත් අැවිත් නෑ. මගේ අැස් රිදෙනවා. මගේ ජීවිතේ මං වැඩියෙන්ම අඬපු දවස අද. තාමත මං අඬනවා. අැස්වලින් කඳුලු වැටෙන්නැති උනත් මගේ හිත තාමත් අඬනවා.
ඒ වෙලාවෙ මට මතක් උනේ ජින් අන්තිමට මගේ අතින් තිබ්බ කොල කෑල්ල. මං කලබල උනේ හදිස්සියට ඒක දාගත්ත තැනක්වත් මට මතක නැති නිසා.
අන්තිමට මට ඒක හම්බුනා මගේම අැඳුමෙ සාක්කුවෙ තිබිලා. ඒ කොල කෑල්ලෙ පවා ලේ තැවරිලා. මං ඒක දිග අැරලා බැලුවෙ හරි උවමනාවෙන්. අනිවාරෙන්ම ඒකෙ විශේෂ දෙයක් අැති. නැත්තන් ජින් තකහනියක්ම ඒක අරන් එන්න යන්නෙ නෑ. එහෙම නොගියනම් මගේ ජින්ට අද මෙහෙම වෙන්නෙත් නෑ😣.
ඒක ලියුමක් වගේ. ලස්සන බෝල අකුරු වලින් ලියලා තිබ්බා. ලස්සන ලස්සන චිත්‍ර පොඩි පොඩි හාට්ස් තැන් තැන්වල අැඳලා තිබ්බා. මං ඒක කියවන්න ගත්තා.(Letter)
මගේ ජූන්❤,
මගේ ජූන් කිවුවට ඔයා තරහා නෑ නේද? මේ ජීමිනා මට විහිලු කරනවා මං කතාපොතක් ලියනවද අහලා😏. කමක් නෑ මට ඒක ගානක් නෑ. කවුරුත්ම දන්නෙ නෑ මං මේක ලියන්නෙ ඔයාට කියලා🙃.
VOUS LISEZ
You Are My Destiny❤
Fanfiction" ඒයි පිස්සු හෝන්තුව..දැන්වත් මගේ වෙනවද? " දඩබ්බර හිත හීලෑ කරන්න අවසර අරන්... කවුදෝ අැවිදින් මටත් නොකියම මගේ හිත අවනත කරන් ....මං ලඟම නවතින්න වරමක් අරන්.......❤ මුලින්ම කියන්න ඕන මේක Fanfiction එකක් විතරයි.NamJin වටා ගෙතුණු අාදර කතාවක්..Happy Ending...