Part 26 - I'm Always Here For U💓

242 49 19
                                    


එදා මුලු රෑම නැම්ජුන්ට නිදි නැති රැයක් උනා. අැඟට කොචිචර මහන්සි උනත් අඬලා අඬලා හිත ලෙඩ වෙලා තිබුනත් නින්ද නැම්ජුන් ලඟටවත් අාවෙ නෑ. ලෙඩ උන හිතත් එක්ක විඩාබර අැස්වලින් එයා ජින් දිහාම බලන් හිටියා. 


දැන් එලිවෙලා. නර්ස්ලා ඩොක්ටර්ස්ලා අැවිල්ලා සැරින් සැරේ ජින්ගෙ තත්ත්වෙ බලලා ගියත් එයාලා හැමෝම කිවුවෙ ජින්ට සිහිය එනකන් ටිකක් බලමු කියලයි.


ඊයෙ රෑ ඉඳලා නැමජුන් වතුර උගුරක්වත් බීලා නෑ. ඒ වෙනුවට නැම්ජුන්ගෙ බඩ පිරෙව්වෙ එයාගෙ කඳුලු. නැම්ජුන්ට නොතේරුණත් මේ වෙනකොට එයාගෙ ශරීරය ගොඩක් දුරවල වෙන ගමන් තිබුණෙ.


උදේ 8 විතර වෙනකොට අනිත් අයත් අාවෙ ජින්ව බලන්න.


🐱 " ගුඩි මෝනින් නැම්ජුන් "


🐨" ගුඩ් මෝනින් බං. "


🐱" උඹ උදෙන්ම නැගිට්ටද නැත්තන් නිදාගත්තෙ නැද්ද? "


🐨" හ්ම් උදෙන්ම නැගිට්ටා. "


🐰" ඔව් ඔව් පේනවා උදෙන්ම නැගිට්ටා කියලා. අනේ නිකන් බොරු නොකියා පලයං බං යන්න. උඹ නිදාගෙන නෑනෙ. "


🐯" ඔව් නැම්ජුන් උඹ අපිටද බොරු කියන්නෙ? අපි අවුරුදු ගානක ඉඳන් එකට ඉන්නෙ. උඹට බෑ අපිට බොරු කරන්න "


🐨" හරි බං මට නිදිමතක් නෑ. ඒකයි "


🐱" දැන් උඹ කාලද ඉන්නෙ "


🐨" ම්....... බඩගිනි නෑ "


🐥" මොකද්ද නැම්ජුන්. යන්න යන්න ගිහින් කාලා එන්න මුලින්. ඊයෙ රෑ ඉඳන්ම වතුර උගුරක්වත් නෑ නේද? " 


🐿" ඔව් බං උඹත් ලෙඩ වෙන්නද හදන්නෙ? ජින්ට සිහිය එද්දි උඹ හොඳට ඉන්නවා බලන්නයි ජින්ට ඕන. "

🐱" කතා ඕන්නෑ. නැම්ජුන් දැන් බෝඩිමට පලයන්. ගිහින් කාලා ටිකක් නිදාගෙන ඉඳලා වරෙන්. අපි මෙතන ඉන්නම් උඹ එනකන්. ජිනට් සිහිය අාවොත් අපි ඉක්මනට උඹට කෝල් කරනවා. දැන් පලයන්. "

🦄" ඔව් ඔව් යමන්. මන් එන්නම් උඹ එක්ක යන්න "

🐨" මට නිදිමතත් නෑ බඩගිනිත් නෑ. මට මෙහෙම ඉන්න දීපන් "

You Are My Destiny❤Where stories live. Discover now