Part 29 - You Are My Destiny❤ (THE END)

412 68 69
                                    


Ding Dong උයාලගෙ Author අාවා🙃

ප්‍රමාද දෝෂ සඳහා සමාවෙන්න ඕන😬

වැඩි කතා ඕන්නෑ කෙලින්ම කතාවට යමු

අද Last චැපියනේ ඉතින්😌













" ජින්....මගේ පන...ඔහොම...නවතින්න "

නැම්ජුන්....ඔව් ඒ නැම්ජුන්ගෙ කටහඬ. මගේ පිටිපස්සෙන් අැහුණ නැම්ජුන්ගෙ හඬින් මගේ කකියන හිතට අායෙ සැනසීමක් දැනුනා. මං හැරිලා බැලුවෙ සතුටු කඳුලු අැස්වල පුරවගෙනමයි.


නැම්ජුන් පාරෙ දන ගහගෙන හතිදදා මට කතා කරනවා. ඒ අැඟ හරි දුර්වල පාටයි. එයා හිටියෙත් හොස්පිටල් අැඳුමින්. මං ඉක්මනින් නැම්ජුන් ලඟට දුවලා ගියේ එයා අාපු එක ගැන මගේ හිතේ සතුටත් එක්ක මගේ පනව මගේ තුරුලට ගන්න. මගේ අැස්වලට කඳුලු උනන්න ගත්තෙ සතුටටද දුකටද කියලා මංවත් දන්නෙ නෑ.

Jin's Pov End

Namjoon's Pov

මම පාර දිගේ දුවගෙන අාවා. යන තැනක්වත් නොදැන ජින්ව හොයාගන්න අරමුණින්ම මං ඔහේ දුවගෙන අාවා. මගේ අැඟට පනක් තියනවද කියලවත් මට දැනුනෙ නෑ. ඒ තරම් මං දුර්වල වෙලා. ඒත් මගේ වාසනාවකට වගේ මගේ අැස් ඉස්සරහ මගේ පන මට හම්බුනා. අායෙමත් ජින් මගෙන් අෑතට යන්න එක මොහොතක්වත් ඉතිරි නොකර මං මගේ ජින්ට කතා කරා.

" ජින්....මගේ පන...ඔහොම...නවතින්න "

මගේ කකුල් දනින් වැටුනේ මටත් නොදැනිමයි. මගේ වේදනාව යටපත් කරගෙන දැණුනු සතුටට උනන කඳුලුත් අැස්වල බර කරන් මං මගේ අැඟේ මහන්සිය අැරියා.

අැස් කොනින් මට ලාවට වගේ පෙනුනෙ මගේ ජින් මං ලඟට දුවගෙන එනවා. විනාඩියක් යන්නත් කලින්ම මගේ මුළු අැඟම උණුසුම් වෙන විදියට ජින්ගෙ අත් මං වටා වෙලුනේ ලොකු සුසුමක් පිට වෙන ගමන්මයි.

මං හිතේ තිබ්බ හැම දුකක්ම වගේම මගේ අැඟේ තිබ්බ හැම වේදනාවක්ම නැති කරලා දාන්න ඒ උණුසුමට පුලුවන් උනා. මං අාසයි ඒ උණුසුමට වෙලා දවසම උනත් ඉන්න.

You Are My Destiny❤Où les histoires vivent. Découvrez maintenant