ටිකක් වෙලා යද්දි නැම්ජුනුත් කට්ටිය හිටපු තැනට සෙට් උනා. නැම්ජුන් ගිහින් වාඩි වුනේ ජින්ගෙ ඉස්සරහින්ම පේන විදියට.🐰" අා මෙන්න අාවා කුමාරයා. අැයි යකෝ උඹට Wash එකක් දාගෙන එන්න මෙච්චර වෙලා යනවද? "
🐱" මාත් අහන්න. මං හිතුවෙ Washroom එක අැතුලෙ දියවෙලාද දන්නෑ කියලා "
එහෙම කිවුවම නැම්ජුන් ජින් දිහා බලලා අැහැක් උඩ දැම්මෙ වෙච්ච දේ හැමෝටම කියන්නද කියලා අහන්න වගේ. මෙච්චරවෙලා රවාගෙන හිටපු ජින් ඔලුව දෙපැත්තට වනලා නැමුජුන් දිහාට අහිංසක බැල්මක් දැම්මෙ මං ඕන දෙයක් කරන්නම් අනේ කියන්නනම් එපා කියන්න. ඒක තේරුම්ගත්ත නැම්ජුන් හිනාවෙලා කතාව වෙනස් කරා.🐨" හරි ඉතින් දැන් හරි මං අාවනේ. කියන්න තියන දෙයක් කියපංකො සුගෝ මට නිදාගන්න. "
🐯" ඔව් ඔව් අපිටත් වැඩ තියෙනවා නේද කුකී😉. කියපංකො කියන්න තියන දෙයක් දැන්වත් "
🐰" අායෙත් අහලා බබා. ඉතුරුවෙලා තියන ටික වෙලාවත් කන්නැතුව කියපන් දැන් මොකද්ද කියන්න තියෙන්නෙ කියලා උඹට "
එහෙම කියලා හැමෝම සුගාට කියන්න තියන දේ අහගන්න සැදී පැහැදී ලෑස්ති උනා. ජීමින්නම් දැන් පොඩ්ඩ පොඩ්ඩ නලියනවා.
🐱" මේ.. මේකයි බං. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ලොකු නැත්තෙත් නෑ ඉතින්. මේ..ම.."
පවුවැඩේ චන්ඩියට ඒක කියාගන්න බැරුව ගොතගැහෙනවා.😂
🐰" හපෝ උඹ. මොකද්ද බං ගොත ගහන්නෙ. හරියට කියපංකො කියන මගුල "
🐯" ඒකනෙ සුගෝ. උඹ ජීමින්ට I Love You කියන්නවත් ඔච්චර තැටමුවෙ නෑනේ😶"
ටේ ගානක්වත් නැතුව එහෙම කිවුවම ජංකුක් පැනපු ගමන් ටේගෙ කට තද කරලා වහගත්තා. නැම්ජුන්ටයි ජින්ටයි හෝසක්ටයි හිනා ගියත් සුගායි ජීමිනුයි මූණට මූණ බලන් පුදුම වෙලා බලන් ඉන්නවා. ඊට පස්සෙ කතාකරන්න ගත්තෙ ජීමින්.
🐥" ඒ..ඒ කියන්නෙ ඔයාලා හැමෝම දන්නව.......ද?
🐿" ඔව් ඔව් අපි දන්නවා ජීමිනා. සුබපැතුම් අාාා......."
🐱" කොහොමද උඹලා දන්නෙ? කියපන් බලන්න🤔 "
සුගා එහෙම අැහුවෙ කුකී ටේගේ ඉඳන් හැමෝගෙම මූණු දිහා අැස්ගෙනියන ගමන්.මෙච්චර වෙලා ටේගේ කට ගලවලා එනතරමට තද කරන් හිටපු ජංකුක් කට අතඅැරියේ තවත් හංගලා වැඩක් නැති නිසා.
YOU ARE READING
You Are My Destiny❤
Fanfiction" ඒයි පිස්සු හෝන්තුව..දැන්වත් මගේ වෙනවද? " දඩබ්බර හිත හීලෑ කරන්න අවසර අරන්... කවුදෝ අැවිදින් මටත් නොකියම මගේ හිත අවනත කරන් ....මං ලඟම නවතින්න වරමක් අරන්.......❤ මුලින්ම කියන්න ඕන මේක Fanfiction එකක් විතරයි.NamJin වටා ගෙතුණු අාදර කතාවක්..Happy Ending...