Part 16 - Cuddling?🙈

300 59 11
                                    


"ඔරෙ පියා හයි....ඔරේ පියාාාා....."

"අාව්ස් ඒ දර්ශනේ"

"My Eyeeeeesss"

🐿"මේවා දකිනකොට තනිකම හරිම වේදනයි රත්තරං"

Jin's Pov

උදේ පාන්දර නිදාගන්න දෙන්නැතුව එකෙක් සිංදු කියනවා තව එකෙක් මොනාදෝ කියවනවා. මුන් ඉන්දියාවේ Film එකක්වත් බලනවද රෙද්ද මෙච්චර කෑ ගහන්නෙ. පරක්කු වෙලා නිදාගත්ත නිසා මට අැස් අැරගන්නත් බෑ හරියට. මං අමාරුවෙන් හරි අැස් අැරලා බැලුවෙ හෝසකා තනිකන්දෝසෙට කියවන ඒවා අැහිලා. 

තාමත් බොඳ වෙලා තියන මගේ අැස් ඉස්සරහ ඉන්න මගේ අතිජාත නසරාණි මිත්‍ර රැළව මට ඩබල් ත්‍රිබල් වෙලා පේනවා. මුන් මං දිහා බලාගෙන මොනවදෝ පිස්සු මගුල් කියවනවා. රෑ මොනාහරි වෙලා උදේ පාන්දර මුන්ට පිස්සු තද වෙලාද? ඒ අස්සෙ ටේකුක් ඩබල මෙතන ඉඳන් උන්ගෙ රංගන කෞෂල්‍ය විදහා දක්වනවා. උන් දෙන්නටම හරියන්න ජීම්නුයි හෝසකයි පසුබිම් සංගීතෙත් සපයනවා. සුගානම් බිත්තියට හේත්තුවක් දාගෙන හොඳට හිනාවෙනවා. අැත්තමයි නිදාගන්න නොදී මේ කරන මගුලට මට දෙන්න හිතයි කන් පැලිලා වම්බටු හිටවෙන්න.

🐰" අාදරේ හරි අහඹුවක් කුමරිය.. "

🐯" එසේය මගේ කුමරුණි. රෝමියෝ ජුලියට් වගේ , ජැක් රෝස් වගේ , අපි දෙන්නා වගේ පතාගෙන එන අාදරේ කවදහරි කොහෙදිහරි එකතු වෙනවා සත්තයි "

🐰" අහෝ එ් කාමරේ කුස්සියේ ලැට් එකේ අැඳ උඩ පවා හමුවිය හැකියි "

🐿🐥" ඔරෙ පියාාාා හයි...ඔරේ පියාාාා......."

මුන් ඔක්කොම මොන මගුලක් කරනවද මේ උදේ? මගේ ඔලුවත් විකාර වෙනවා මුන් නිසා. මං මුන්ගෙ රංගනය දිහා බලන් හිටියෙ මුකුත් හිතාගන්න බැරුව. මොකක්? අැඳ උඩ? අාදරේ? ජංකුකා අන්තිමට කියපු දෙබස නිසා තමයි මට මතක් උනේ මං ඉන්නෙ එයාලගෙ කාමරේ නැම්ජුන්ගෙ අැඳ උඩ කියලා. ඒත් එක්කම මට හීන් දාඩිය දාන්න ගත්තෙ වෙලා තියන දේ තේරෙන්නත් කලින්. 

මං හෙමීට ඔලුව හරවලා බැලුවා. Oh shit මං ඉවරයි. මං හිටියෙ නැම්ජුන්ව බදාගෙන.එයත් මාව බදාගෙන. ඒ මදිවට අපි කකුලුත් පටලගෙන. යකෝ මේ නින්ද මාව කෑවා. මේ හෝතම්බුවා නිසා මගේ නම්බුව ඉවරයි. අැයි God ඔයා මෙහෙම? එතකොට මං මුලු රෑම මූව බදාගෙනද නිදාගෙන තියෙන්නෙ?

You Are My Destiny❤Donde viven las historias. Descúbrelo ahora