සම්පත

4 3 3
                                    

බෑ බෑ තාත්තේ මට නම් බෑ

මේක ලේසී පුතේ, බය වෙන්න දෙයක් නෑ

උදේ පාන්දර ආයෙත් පටන් ගත්තා නේ

ඇස් දෙක කරකවා හූමිටි තිබ්බා කැස්බෑ හාමිනේ


තව ටිකයි තව ටිකයි එකයි දෙකයි තුනයි

කැස්බෑ හාමි සිත සතුටින් ඉපිලෙයි

මට බයයි තාත්තේ මගේ කකුල් කැඩෙයි

කැස්බෑ පුංචාගේ දෑසින් කඳුළු ද ගලයි


දිනය සතිය මාසය ගෙවී යයි

කැස්බෑ පුංචා දැන් හරි දස්සයි

එක තැන ඉන්නේ නෑ හරිම දඟයි

අනේ පුතේ එපා, හාමිනේ බයින් කියයි


පීන පීන සාගර පතුලටම යනවා

ආයෙත් උඩට උඩට ඉක්මනටම එනවා

පතුලට යද්දී කළුවරට හිත ගැස්සෙනවා

උඩට එද්දී නැව් වලින් කෑම වැටෙනවා


ආහ් අදත් අලුත් කෑම රහයි ද දන්නේ නෑ

අම්මටත් අරන් යන්න ඕනේ බනියි ද කියන්න බෑ

තාත්තා නම් සාන්තයි අම්මා නම් සැරයි මොකද දන්නේ නෑ

මේ රහ කෑම අම්මට නොදී මට නම් කන්න බෑ


අම්මේ අම්මේ මං ගෙනාවා අලුත් කෑමක්

තාත්තේ තාත්තේ එන්න එන්නකෝ වී ඉක්මන්

වාව් පුතේ මේකෙ නම් රහ පංකාදු පහක්

කන්න හාමිනේ මේකෙ තියෙන්නේ පුදුම දෙයක්


ඇයි මේ කෑවට පස්සේ බඩ දඟලන්නේ

මේකේ රහ තරමට ගුණ නෑ වගේ නේ

මේකට මොකක්ද කරන්න ඕනේ කියන්නකෝ අම්මේ

තාත්තත් එන්න එන්නම කෙට්ටු වෙනවා මොකද කරන්නේ


උදේ පාන්දර නැගිටලා දෙපැත්ත බැලුවා

අම්මයි තාත්තයි පේන්න නෑ කොහෙද මන්දා

පීනල පීනලා යාලුවගේ තාත්තා ළඟට ගියා

එයත් නෑ යාලුවා නම් අඬ අඬ ඉන්නවා


ඔයාගේ තාත්තයි මගේ තාත්තයි දෙන්නම මැරිලා සගේ

නැවෙන් ආපු කෑම රහ කර කර කෑව නේද අගේ

ඉතිරි වී ඇත්තේ ඔයයි මායි විතරයි මිතුර මගේ

වෙන තැනකට යමුද තව නම් ඉන්න බැහැ මෙහේ


මුහුද මැද නැව් බෝට්ටු විනාශ වෙනවා

එකෙන් සාගර සම්පත් දිවි නැතිවී යනවා

මෙහෙමම ගියොත් නම් නිසැකයි ලංකා මුහුද විනාශ වෙනවා

රැක ගන්න ඒවා හිතට ගමුද, අනේ මගේ මිතුරා





16/09/2021

VOTE

Stories About LifeNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ