මුර දේවතාවෝ !

16 3 2
                                    

කුරිරු යුද්ධය අවසන් වී අද ට දශකයකි. දශක තුනක් තිස්සේ පැවති ම්ලේච්ඡතම ත්‍රස්තවාදය පරාජය කර අද ට බොහෝ කල් ය. එහෙත් එම යුද්ධයෙන් ලැබි අමිහිරි මතකයන් අද වන විට බොහෝ දෙනා ට අමතක වී ඇත. එය අමතක නොවන අයෙක් සිටින්නේ නම් ඔවුන් අගය කළ යුතු වන්නෝය. යුද්ධයේ ලැබි අමිහිරි මතක සාමාන්‍ය ජනයාට කෙසේ වෙතත් එය කවදාවත් යුද්ධයේ සිටි සොල්දාදුවන්ට නම් අමතක වන්නේ නැත. ඊට හේතුව ඉන් ලැබූ අඳුරු මතකයන් අප ජීවිතයේ සදහටම කැළැල් ඇති කර තිබූ බැවිනි. වසර 20ක් තිස්සේ යුද්ධයේ බැට කෑ මා හට ද එවන් වූ නීරැසති මතකයන් රැසක් ඇති බව මෙනෙහි වන විට දී වුව ද ඇඟ කිළිපොලා යන්නාක් මෙන් දැනෙන්නේය.

එය 90 දශකයේ පමණ වන්නට ඇත. එවිට මාගේ බල ඇණිය පිහිටා තිබූයේ මුලතිව් වලදී ය. එම කාල වකවානුවේදී යුද්ධය තීව්‍රව පවත්වා ගෙන යමින් පැවති බව මා හට මතකය. රෑ පුරා මා අවදිව සිට මා සහෝදර රණවිරුවන් සැනසීම රහිත නින්දක්, එය ලබා ගතම වුවක් නිසා ලබමින් සිටිය දී මා අප කඳවුරේ ආරක්ෂාවේ යෙදී සිටියෙමි. එදින ආරක්ෂාවේ යෙදී සිටීමට නියුතු වුයේ මා හා මාගේ බඩීයා ට ය.

කෑලි කැපිය හැකි වූ එම අඳුරු රාත්‍රියේදී මා හා අවුරුදු 22ක් වියැති මාගේ බඩීයා සියලු ප්‍රශ්න අමතක වූවාක් මෙන් හා අප සිටින්නේ තීව්‍රව සිදුවන යුධ පසුබිමක යන්න වරුවකට අමතක කර දැමීමට සුදානම් වෙමින් අප එම මොහොතේ සිටියේ දුක දෝමනස්සයන් අමතක කර ව්‍යාජ සිනහවක් මුවගට නගා ගනිමිනි. කෙතරම් යුද්ධය නොවන වෙනත් මාතෘකා වලට අවතීර්ණ වී කතා කරමින් සිටිය ද නිරතුරුවම අප දෑස් අඳුර තුළින් එහා මෙහා සංක්‍රමණය වෙමින් සිදු වන කුඩා වූ සෙලවීමකට වුව ද තියුණුව මෙන්ම නිශ්චල රාත්‍රියේ ගලා යන සිහින් සුළඟට සෙලවන එක් කොළයක් සෙලවීමේද අප කණ වැකීමෙන් වැළකුණේ නැත.

ආරක්ෂාවේ සිටිද්දී වරින් වර නින්ද යාම හමුදාව ට බැදි මුල් කාලයේ අප කවුරුවත් අතර පැවති සාමාන්‍ය පුරුද්දක් වුව ද කාලයාගේ ඇවෑමෙන් හා අප කරන සේවය හේතුවෙන් අප උරහිස මත රැඳි වගකීමේ ගැඹුර මැනවින් වටහා ගත හැකි වූයෙන් අපගේ එම පුරුද්ද ද ශීඝ්‍රයෙන් නැති වී රෑ පුරාවටම දෑස් හැර සිටීමේ හැකියා ව ප්‍රගුණ කර ගත්තෙමු.

Stories About LifeWo Geschichten leben. Entdecke jetzt