දුවණියකි ඇය
පියාට කුමරියක වූ
දඟයෙකි ඇය
සැමට සුරතලා වූ
නිපුණියකි ඇය
නුවණින් දස්කම් දැක් වූ
කිරිල්ලියෙකි ඇය
පිය සෙවණ අත් හැරූ
මනාලියකි ඇය
සුරූපිව හැඩ ගැන් වූ
බිරිඳකි ඇය
සැමට සෙනෙහස පෙන් වූ
මවකි ඇය
ඉවසීම ප්‍රගුණ වූ
ලියකි ඇය
කඳුළු රහසින් හෙළු
ගුරුවරියකි ඇය
දිරිය දියණියන් බිහි කෙරූ
මිත්තණියකි ඇය
මිණිපිරි සෙනෙහස හද ලං වූ
පොදි බඳී ඇය
සිතුවිලි දහසක් සිත්තම් කෙරූ
රැජිනකි ඇය
සිහින සියයක් අරුත් ගැන් වූ
VOTE
13/03/2022
YOU ARE READING
Stories About Life
Short StoryA collection of short stories that celebrates the beauty of life... The stories are available in both Sinhala and English languages. All of my Sinhala stories are dedicated to my friends and their friends and to all Sri Lankans! Start : 18th of Apr...