සඳ හිරුවෙත පුදන පෙම් කවියක්
මා සදාදර ප්‍රේමය,
දකිමි මා, නුඹ
යනවිට
අවරට...
පැතුවාට නුඹත් සමඟම
සිටින්නට ළං වී,
නුඹයි මායි යන්නේ
මං දෙකකය, වෙන් වී.
සිටියාට
නුඹ
බැබළි බැබළී
වැඩෙමින්
ගෙවමි මම
දින
නුඹ දෙස
හොරෙන් බලමින්.
ළං වුවද මම
ආත්මයට වරක්
නුඹ වත සිප නොගෙනෙම
යමි තව දුරක්.
බිඳුණ ද හදවත
රිදුම් දෙමින්
නැවත නුඹ දකින තුරු
මා බලා සිටිම්.
හමුවීම හිමිවීම නොවූවද
සැනසෙමි
දුරින් හිඳ ම
මඟ බලමින.
ඉදින්...
ප්‍රේමය,
පතමි අවසර
නික්ම යන්නට...
VOTE
12/04/2024
STAI LEGGENDO
Stories About Life
Storie breviA collection of short stories that celebrates the beauty of life... The stories are available in both Sinhala and English languages. All of my Sinhala stories are dedicated to my friends and their friends and to all Sri Lankans! Start : 18th of Apr...