🌼 5 🌼

1.2K 269 259
                                    

ජිමින් ජන්කුක් ව ගෙදරට ඇරලල පයින්ම  ආපහු තමන්ගෙ ගෙදරට යමින් හිටියේ.........එයා ඇත්තටම  නපුරු කෙනෙක් වගේ පෙනුනට ජන්කුක් 
තරම්ම් නරක නපුරු කෙනෙක් උනෙ නෑ.......ඇත්තටම ජන්කුක් ට වගේ සැර ගල් හදවතක් එයාට තිබුනෙත් නෑ.........ජිමින්
හෙමීට සිංදුවකුත් මුමුණ මුමුණ පාර දිගේ ආවා.......ඒත් එයාගේ හිත තිබුනෙ නං එකතැනක නතර වෙලා..........කලින් ජන්කුක් එක්ක යනකොට එයාලගේ ගෙවල් ගාවදි මගදී හම්බුන ඒ ලස්සන කොල්ල ජිමින්ගෙ හිත අරගෙන තිබුණා.......හැබැයි ඒ අද ඊයෙක නම් නෙමෙයි..........ජන්කුක් ගෙ ගෙදර , ඒ වගේම එයාලගෙ කම්පැනි එකට යන ගොඩක් දවස් වල ජිමින් යුන්ගි ව දැකලා තිබුණා........ඒ වුණත් එදා හවස් වරුවෙ  තමයි ජිමින් ට යුන්ගි ගැන ගොඩක් හිතෙන්න පටන් අරන් තිබුණේ.............

"අයියෝ මට නම් මොනවා වෙලාද මන්දා..........එයාගෙ ඇස්..........උම්ම්........ඇත්තටම ඒවා ගොඩක් ලස්සනයි හරියට පුස් පැටියෙක්ගෙ වගේ ............."


යුන්ගි ගැන කල්පනා කර කර යනකොට එකපාරටම එයා ගැස්සුනේ හය්යෙන් හෝන් එකක් ගහගෙන තමන්ගෙ ඉස්සරහින් නැවත්තුව බයිසිකලේ හින්දයි ..........ඇත්තටම ඒ වෙලාවේ රෑ වෙලා තිබුන හින්දා පාරේ කවුරුවත් හිටියේ නැති හින්දාත් ජිමින්ට එවෙලෙ නම් ගොඩක් බය හිතුනා..............


"ක ............කව්ද ඔයා................."

ගොත ගහමින් ජිමින් කිවේ 
බයික් එකේ එකේ ආව එක්කෙනා මූන වැහෙන්නම හෙල්මට් එකක් දාගෙන හිටපු හින්දයි........ඒ හින්ද ජිමින්ට එයාව අඳුර ගන්න පුළුවන් වුණේ නෑ ......


"හෙයි ස්වීට්නේද  කොල්ලො ඔයාට මාව අදුරගන්න බැරිද.............."


බයික් එකේ ඇවිල්ල හිටියෙ යුන්ගි.....

"ඔයා..........ඔයා................"

"ඒයි මේ රෑ තනියම පාරේ යන්න
පුලුවන්ද "


"ආහ් යු........යුන්ගි .........හ්‍යුන් "


"දැන් ඒ කියන්නේ මගේ නමත් කොල්ලට මතකද..............."

ඔය නම ඉතින් මම කවදා ඉඳන්ද මතකෙ තියාගෙන හිටියේ .......................



ජිමින් හිතින්  කිව්ව විතරයි කියන්න ගියේ නෑ........ඒත් එක්කම එයාට පුංචි හිනාවකුත් ගියා........



🌼 Undiscovered Love  🌼 (Taekook ) Completed Where stories live. Discover now