🌼 10🌼

1.2K 261 151
                                    

ටේ ට පුලුවන් කමක් තිබ්බෙ නැහැ ජින් කියන දේකට පිටින් යන්න.......එයා හින්ද එයා සද්ද නැතුව රාමෙන් එක ජින්ට දීලා ආයෙමත් කැෆේ එකට ගියා......
බඩගින්න පැත්තකින් තියලා ආයෙමත් මුල ඉඳලම ජින් කිව්ව විදිහට පිළිවෙලකට වැඩ ටික කරා......එයාට ඕන වුණේ නෑ තවදුරටත් ජින් ව කේන්ති ගස්සන්න............
ඒ අතරේ කැෆේ එකට ඕනේ බඩු වගයක් ගේන්න ජින් එලියට යන්න ඇඳගෙන ආවා............

"ටේ මම බඩු වගයක් ගන්න එළියට යනවා මම එනකම් මෙතැන පරිස්සමින් බලාගන්න තේරුනා ද............."

" හරි මන් බලා ගන්නම් හ්‍යුන්......."

" ආහ් අනිත් එක තමයි හොරෙන් කාලා අහුවෙන්නේ නෑ........."

" නෑ මං කන්නෑ හ්‍යුන් "

ටේ කිවෙ ඔලුව පාත් කරගෙන......
ඒ වගේම එයා හිටිය කියාගන්න බැරි තරම් බඩගින්නකින්.........උදේ ඉඳලම එයා කිසිම දෙයක් කාලා හිටියේ නැහැ........තවත් බඩගින්න ඉවසං ඉන්න පුළුවන්කමක් තිබුනේ නැති උනත් එයාට ඔනි උනේ නෑ කන්න.........
ඇත්තටම එයාට ගොඩක් දුක හිතුනා ඇයි ජින් එයාට මෙහෙම සලකන්නේ කියලා.........හැබැයි එයාම පස්සේ හිතලා බලනකොට එයාට තේරුණා ඒකේ වැරැද්දක් නෑ කියලා .................

" හරි............."

ජින් ගිය අතරේ ටේ දිගටම වැඩ කලා .....දැන් වෙන්නත් කිට්ටුයි.......
කරන්න තියෙන හැම වැඩක්ම කරලා කරලම ටේ ට දැන් ගොඩක් මහන්සියි............
මහන්සියත් , බඩගින්නත් , දුකත් දරා ගන්න බැරි හින්දා එයාට කැෆේ එකේ පුටුවක් උඩම එහෙම්මම නින්ද ගියා...............

"ඒයි මිනිස්සු බඩු හොරකම් කරගෙන යනකන්ද ඉන්නේ නැගිටිනවා......... "

ආව ගමන් ටේ නිදන් ඉන්නවා දැක්ක ජින් කේන්තියෙන් නිදාගෙන හිටිය ටේ ට
ඇහැරෙව්වා ..............

"අඩුම තරමේ මේ වැඩේ වත් හරියට කරගන්න බැරිද.......යනවා කිචන් එකට පිගන් එකතු වෙලා ඇති හෝදන්න ......හෝදල දානව ඉක්මනට රෑට වැඩ තියෙනවා........... "

ජින් ටේ ව බලෙන්ම නැගිටිනකොට ටේව එකපාරින්ම නැගිට්ටවුනා........

" සමාවෙන්න හ්‍යුන් මම හිතලා නෙමෙයි............."

ටේ අඩන්න පටන් ගත්තා.............

🌼 Undiscovered Love  🌼 (Taekook ) Completed Where stories live. Discover now