ජිමින් හිටියෙ ඇත්තටම අවුලෙන්.......මොනවා උනත් එයාට ටේ ගැන පොඩි අනුකම්පාවක් තිබුණා.........
ජන්කුක් එක්ක එකතු වෙලා හිටියට එයා ටේට කරපු වැඩේ වැරදියි කියලා ජිමින්ට තෙරුනා........
ජන්කුක් ගෙදර ගියාට පස්සෙ එයා හිමීට හැරුණේ ටේගෙ කැෆේ එකට යන්න.....
ජන්කුක් අකමැති වුණාට හොරෙන් හරි ගිහිල්ල බලල ඉන්න ජිමින් ට ඔනි උනා............." හලො කොහොමද ................ "
" හෙලෝ එන්න ඇතුලට මොනවද ඕනේ........"
ජිමින් හිටියේ දැනටමත් ටේ ජින් ට ඇත්ත කියල දෝ කියලා බයෙන්............
ඒ වුණත් බොහොම අමාරුවෙන් හිනාවක් නගා ගෙන ජිමින් ජින් ට කතා කලා......" මං ටේ ගේ ආ ඔව්.......ඔව් .......යාලුවෙක් කියල හිතාගන්නකො.......හ්‍යුන් ........ දැන් එයාට කොහොමද..........."
ජිමින් වටපිට බලමින් ඇහුවේ ජන්කුක් බැරි වෙලාවත් මේ පැත්තට ඇවිල්ලද කියලා හිතුන හින්ද යි..............
ජිමින් ජින්ගෙ මුහුණ හොඳින් පරික්ෂා කරල බැලුවෙ ජින් දැනටමත් ඉන්නේ ඇත්ත දැන ගෙනද කියලා බයේනුයි........
ඒ උනාට ජින්ගෙ කතාවෙන් ජිමින් ට තෙරුනා ටේ එයාට මොකුත්ම කියලා නෑ කියලා ........................."දැන් නම් ප්‍රශ්නයක් නෑ ඒත් බඩු වගයක් ගන්න ගිහින් එනකොට වැටිලා අත තුවාල වෙලා...දැන් නම් එයා නිදි....ඔයාට ඕනෙද එයත් එක්ක කතා කරන්න ...... "
"මොකද්ද කිව්වේ වැටිලා "
ජිමින් ට ආයෙ පාරක් කියවුනේ ටේ එතන උන ඇත්ත සිද්ධිය වෙනුවට ටේ ජන්කුක් ගැන එක වචනයක් කියන්නෙ නැතුව එයා ලිස්සලා වැටුනා කියලා බොරු කියල තිබුන හින්ද යි..................
දැන් නම් එයාට ජන්කුක් කලෙ ලොකු වැරැද්දක් කියලා තේරුණා........
ටේ කොහොමද මේ තරම් ජන්කුක් ට ආදරෙ කරන්නෙ..............ජිමින් ටිකක් හිතන්න පටන් ගත්තා............
"ඔයාගේ නම මොකක්ද ඕනි නම් මම එයා ඇහැරුනාම කියන්නම්............ "
"ආහ් නෑ එහෙම දෙයක් නෑ හ්‍යුන් මට වැඩක් තියෙනවා මම යන්නම්............. "
"හරි පරිස්සමෙන් ගිහිල්ලා එන්නකො... "
ටේ මේ තරම් ජන්කුක් වෙනුවෙන් බලන් හිටියත් කවදාවත් ජන්කුක් එයාට කැමති වෙන්නෙ නැති බව ජිමින් හොඳාකාරවම දැනගෙන හිටියෙ.....එයාට දැනුණේ ලොකු කළකිරීමක් .....මොකද ටේ මේ බොරුවට නැහෙන්නේ කවදාවත් නොලැබෙන දෙයකට ......................කැෆේ එකෙන් එලියට ගිය ජිමින් පාර දිගෙ කල්පනා කර කර යන්න පටන් ගත්තා.....................
YOU ARE READING
🌼 Undiscovered Love 🌼 (Taekook ) Completed
RomanceMy love for you is like the raging sea, So powerful and deep it will forever be. Through storm, wind, and heavy rain, It will withstand every pain.