" දැන් මෙයාව ඩිස්චාජ් කරන්න පුළුවන්......හැබැයි තත්වය ගැන අපිට සෑහීමකට පත්වෙන්න බෑ "" ඔකේ ඩොක්ටර් මට තේරුම් ගන්න පුළුවන්........... "
"පුලුවන් නම් පේශන්ට්ගෙ බාරකාරයව පොඩ්ඩක් මේ ගැන දැනුවත් කරන්න........... "
" ඕකේ ශුවර්.................."
" හ්‍යුන්ගී..........."
" ටේ මැනික කොහොමද ඔයාට........."
දොරත් ඇරන් ඉක්මනින් ඇතුලට ආව ජින්
ටේව හය්යෙන් තුරුල් කරල බදාගත්තා.....ඒ උනත් එයාගේ ඇස් වලින් කදුලු වැටෙන එකනම් නැවතුනේ නෑ........" බලන්න හ්‍යුන් ඇයි අඩන්නෙ.........මේ බලන්න ටෙටේ හොදින් ඉන්නවා........"
ඇත්තටම ටේ දැනගෙන හිටියේ නෑ එයාට ඇවිදින්න බෑ කියල ..........
එතන හිටිය කිසි කෙනෙක් එයාට ඒ ගැන තවම ඒ ගැන කිව්වෙ නෑ............
කොහොමත් එයා හිටපු තත්වෙත් එක්ක මේ දේවල් එක පාරට ඔලුවට දාන්න පුලුවන් කමක් තිබුනෙ නෑ............." ආහ් අපි මුලින් ගෙදර යන්කෝ ටේ......ඊට පස්සේ අපි කතා කරමු......ඔයාට දැන් ගොඩක් මහන්සිනේ........"
" ඕනි නෑ මට නැගිටින්න පුළුවන් හ්‍යුන්ගි............."
ටේ හිනාවක් මූණෙ රඳවගෙන නැගිටින්න උත්සාහ කරන කොටම නම්ජුන් එයාව නැවත්තුවා..........
" කෝ ඉන්න මම එයාව උස්සලා වීල්චෙයා එකෙන් තියන්නම්........"
" ඒත් ඇයි වීල්චෙයා එකේ යන්නේ "
☹️💔
ටේ ඇහුවෙ එයාගෙ යටිතොල පිට පෙරලන ගමන්............
ජින් කෙලින්ම අනිත් පැත්ත හැරිලා අතින් කට තද කරලා අල්ල ගත්තා.............
පව්නේ 🤕
" ඔයාට තවම නැගිටින්න අමාරුයි ටේ ඒකයි ............"
ජින් ගෙ හැසිරීමේ මොකද්ද වෙනසක් ටේ නොදැක්ක නෙමෙයි ........ටේ ට මහා මොකද්ද අමුතු හැඟීමක් දැණුනා........
ඒ වුනාට එතන ගොඩක් කට්ටිය හිටිය හින්දා එයාට ඒක හරියටම තේරුම් ගන්න බැරි වුණා මොකක්ද වෙන්නේ කියලා .......මේ අතරේ අනික් රූම් එකේ හිටිය ජන්කුක් ජනේලෙන් එළියේ වෙන දේවල් දිහා ඇස් දෙක යොමු කරගෙන හිටියේ .......
එයා දැක්කා නම්ජුන් , ටේ ව එක්කගෙන එළියට යන විදිහ ............
ජන්කුක් ට දැනුණේ එයාගෙ ඔලුව නූල් බෝලයක් වගේ පැටලිලා කියලායි.......හෙමිහිට බිත්තියට බර වෙලා එයා ලොකු හුස්මක් පහලට දැම්මා..........
YOU ARE READING
🌼 Undiscovered Love 🌼 (Taekook ) Completed
عاطفيةMy love for you is like the raging sea, So powerful and deep it will forever be. Through storm, wind, and heavy rain, It will withstand every pain.