උඩ චැප්ප කියවන්න ✋තව දුරටත් ටේට ඔනි උනේ නෑ ජන්කුක් ගෙ වෙන්න......මොකද එයා දැනගෙන හිටිය ඒක කරන්න බැරි බව.....................
ඩයරිය ලියල වහල පැත්තකින් තියල හොද හුස්මක් ගත්ත ටේ ලාච්චුව ඇතුලෙන් අතට ගත්තෙ එයා මේ තරම් කල් භාවිතා කරපු බෙහෙත් පෙති...එයා බලාගෙන හිටියා ඒ දිහා.....ටේගෙ මූනෙ ඇදුන බැල්ම හරිම සන්සුන්.......ඒත් පොඩි ප්‍රමාණයක් නෙමෙයි එතන තිබුනෙ ......හැම වර්ගෙකම බේත් පෙති ......ඔක්කොම කවර වලින් එලියට ඇදල අරගෙන ටේ ඒ හැම එකක්ම මේසේ උඩට හැලුවා ....ඇස් වලින් කඳුලු ගලාගෙන ගියත් ටේ හිනාවෙලා ඒව පිහද ගත්ත එයාට වෙන කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුනේ නැති හින්දා......
ඔක්කොම බේත් පෙති ටික එක අතකට ගුලිකර ගත්ත ටේ වතුර වීදුරුවක් අතට ගත්ත..................................
.
.
."ටේ..............."
"ටේහ්‍යුන් ...............කොහෙද ඉන්නේ මට සීතලයි පොරවගන්න මොනවා හරි ගෙනත් දෙන්න........"
මහ රෑ වෙනකම් කෙල්ලොත් එක්ක රවුම් ගහලා ජන්කුක් කාටවත් ඇහෙන්නේ නැතිවෙන්න කාමරේ දොර ඇරගෙන ඇතුලට ඇවිල්ලා ඇඳට වැටුනා...එයා හිතුවේ දැනටමත් ටේ කාමරයට ඇවිල්ලා ඇති කියලා.....හැබැයි එයා හීනෙකින්වත් බලාපොරොත්තු නො දෙයක් නෙවෙයි වෙලා තිබුනෙ....ජන්කුක් කීප පාරක් කතා කරත් කාමරෙන් කිසිම හඩක් ඇහුනෙ නැති හින්දා ජන්කුක් කේන්තියෙන් නැගිටලා ලයිට් එක දැම්මෙ ටේ නිදාගෙන ඉන්නවා නම් ඇහැරවලා හොඳ දෙකක් කියන්න .........ඒ වුණත් එයා බලාපොරොත්තු විදිහට කාමරේ කවුරුවත් හිටියේ නෑ .......ලයිට් එක දැම්මහම මොකක්දෝ පාළු ගතියක් ජන්කුක් ට දැනුනා...හරියට නිකං මහා ලොකු තනි ගතියක්.....ඒ වෙනදට ටේ ඉන්නකොට බැනල සැරවෙලා එහෙම හරි තමන්ගේ කේන්තිය පිට කර ගත්ත හින්දා වෙන්නත් ඇති......හැබැයි මොනවා උනත් හැමදාම රෑ මේ වෙලාව වෙනකොට ඇදට වෙලා හුරතල් විදිහට එයා දිහා බලාගෙන හිනා වෙවී ඉන්න ටේව එයාට තවදුරටත් ඒ කාමරේ දකින්න ලැබුනෙ නෑ......සමහරවිට ආයෙ කිසිම දවසක මේ කාමරය එයාව දකින්න ලැබෙන එකක්නෑ......හැබැයි එයා එක තත්පරයකටවත් හිතුවේ නෑ ටේ සදහටම එයාව දාලා ගිහිල්ලා කියලා................කබඩ් එක ගාවට ගිහිල්ලා පොරෝනයක් අර ගත්ත ජන්කුක් එහෙම්ම්ම නැවතුනේ ටේ ලස්සනට හිනා වෙලා ඉන්න පින්තූරයක් එයාගෙ මේසෙ උඩ තියල තිබුන විදිය දැක්කමයි...............
YOU ARE READING
🌼 Undiscovered Love 🌼 (Taekook ) Completed
RomanceMy love for you is like the raging sea, So powerful and deep it will forever be. Through storm, wind, and heavy rain, It will withstand every pain.