සතියක් ඒ විදිහටම ගෙවිලා ගියා.......ජන්කුක් නුත් ජිමිනුත් පිස්සු කෙල කෙල ඉන්න අතරේ ම යුන්ගි එක්ක තිබුන ජිමින්ගෙ තිබ්බ සම්බන්ධයත් එයාලට නොදනිම වර්ධනය වුණා.......තාමත්නම්ජූන් උත්සහ කලේ ජින්ගෙ හිත දිනාගන්න වුණත් ඒකෙන් පලක් තියෙන බව නම් පෙනී ගියේ නෑ....කොහොම නමුත් එයා වැඩේ නම් අත ඇරියේ නෑ ඒ තරම් ඉක්මනින් .....ඒ සතිය ජින්ට නම් ගොඩක් වෙහෙස කර සතියක් වුණා........වෙනදට රෑ නමයට විතර වහන කැෆේ එක රෑ දොලහ කිට්ටු වෙනකනුත් උදේ පාන්දර හය වෙනකොටත් අරින්න වහන්න ජින්ට සිද්ධ වුණා........ටේ මේ තරම් ජින් ට මහන්සි වෙන්න එපා කියලා කොයි තරම් බැගෑපත් වුණත් ජින් කිසිම වෙහෙසක් බලන්නේ නැතුව මහන්සි වුණේ ටේගෙ කොලේජ් එකේ මේ පාර තියෙන එක්සෑම් එක කරන්න අනිවාර්යෙන් සල්ලි ගෙවන්න ඕන හින්දයි ..........ටේ ට ඒ සතියේ නම් කැෆේ එක පැත්ත පළාතට වත් එන්න ජින් ඉඩක් දුන්නේ නැහැ .......
" ඔන්න අද තමයි දවස ටේ..........."
" කෝ මේ කොල්ල තාම නිදිද ටේ..........නැගිටින්න ලමයෝ යන්න පරක්කු වෙනවා ................"
ජින් උදේ පාන්දරම කෑ ගහන්න පටන් ගත්තෙ ටේ තාමත් නිදි කියලා හිතාගෙනයි...............
"ආයිශ්...............මේ ළමයා කීයටවත් දැන් ඇහැරෙන එකක් නෑ.........."
ජින් හය්යෙන් කෑ ගහගෙනම ටේගෙ කාමරයට එබෙන කොට එයා දැක්කේ උදේන්ම නැගිටලා වොෂ් එකක් දාගෙන පොත් ටිකත් කොලෙජ් යන්න අස් කරන ටේව............
(හොද බබා 😘 ඒකට මන් 💔🙂🤧)
"හොඳ ළමයා උදෙන්ම නැගිටලා ........................... "
ටේ ගෙ ඔළුවට තට්ටුවක් දාන ගමන් ජින් කිවා.........
"හ්‍යුන්...මම දැන් යන්න ඕනි .........අද එක්සැම් එක පටන් ගන්න කලින් සල්ලි ගෙවලා ඇතුලත් වෙන්න ඕනේ ............... "
ඒත් එක්කම ජින් සාක්කුවෙන් අත දාල ඇදල ගත්ත මුදල් පසුම්බිය දිග ඇරලා එයින් නෝට්ටු කීපයක් ටේ ගෙ අතේ තිබ්බා
"හ්‍යුන් මේ.........අනේ ඒ කියන්නේ සල්ලි ඇතිද..............."
"මේ තියෙන්නෙ ඔයාට ඕන තරම් සල්ලි මේවා ටික නැති කර ගන්නේ නැතුව ගිහිල්ල පරිස්සමින් එක්සැම් ලියලා එන්න.....මම ඔයාට සුබපතනවා ඒ වගේම මට ඔයාව විශ්වාසයි ......... "
YOU ARE READING
🌼 Undiscovered Love 🌼 (Taekook ) Completed
RomanceMy love for you is like the raging sea, So powerful and deep it will forever be. Through storm, wind, and heavy rain, It will withstand every pain.