Chapter 2🍂

440 84 42
                                    

Music, dancing, drama කරන හැමෝටමට ඒ අතරතුර අවුරුදු උත්සවේ විවිධ අංග ඉදිරිපත් වෙන්න කියල නියම කරලා. අපෝ OL ළමයි ව මේවගේ වැඩ වලට ගෙන්න ගන්නවා කියන්නේ මාර දුෂ්කර වැඩක්. ඇයි ඉතින් එයාල හරි හරියට පාඩම් කරනවනේ. ළමයි එන්නේ නැති වුනාම ඕවා කියා කියා තමයි මිස්ලා ළමයින්ට බනින්නේ. Music මිස් music කරන මිස්ගේ පන්තියේ සේරම අයව දක්කගෙන ගියේ බලෙන්මයි. "තොපිල ඉස්කෝලේ වැඩකට වත් එන්නේ නෑ මැඩම් ලා ටික වගේ ඉන්නවා. බොලලගේ මහා ලොකු හීන වලට යන්න certificates නැති වුනාම තමා මේවගේ අගේ තේරෙන්නේ." ඔහොම කිය කිය අන්තිමේදී කොහොමහරි music අයව වැඩේට දක්කාගෙන ගියා. පුරුදු වෙන එක කෙසේ වෙතත් music ළමයි රවුම හැදිලා කියෝ කියෝ නම් හිටියා. ඒ අතරින් පතරේ මිස්ගේ ගෝරනාඩුවට පුහුණුවීම් නොකලාමත් නෙවෙයි ඉතින්. මුළු පිට්ටනියේම ළමයි පුරුදු වෙනවා හෙට තියන අවුරුදු උත්සවේට. ඒත් Music ළමයි කවදත් වගේ වල්පල් දොඩව දොඩව හිටියා. වෙනදට music room ගියාමත් කරන්නේ තම්මැට්ටමට තඩි බානගමන් අනුන්ගේ කෝප්ප හෝදන එක. නැත්තන් බජව් දාන එක. එයාල කියල බයිලා සින්දු ඇහිලාම මිස්ලටත් ඒවා කටපාඩම්. අපිට විහිලු කරන්නෙත් ඒ සින්දු කියන ගමන්.

මේ අතරේ කට්ටියක් වෛශ් ලා පුහුණු වීම් කරපු තැනට ටිකක් එහායින් badminton play කර කර හිටියා. ඔව් ඒ Football team එකේ අය. එතන එවෙලේ හිටියේ චවින්දී අක්කයි, රනුෂි ගේ කලුච්චි පවනි අක්කයි, වෛශ් ගේ වයසේ බටු ඇටේකුයි තව කීප දෙනෙකුයි. වෛශ් මේ කට්ටියගේ කෑගැහිල්ලට හැරිලා බලනකොට තමයි දැක්කේ එයාල එතන සෙල්ලම් කර කර ඉන්නවා කියලා. ටීම් එකේ අයයි වෛශ් ලයි වෙන් වෙලා තිබුනේ එක පොඩි බැම්මකින්. ඒකෙන් එහා පැත්තට මෙහා පැත්තට පනින්න පුළුවන්. කට්ටිය එක්ක කෝප්ප හෝද හෝද හිටියට වෛශ් ගේ අවධානෙ තිබුණේ badminton play කර කර හිටපු සෙට් එක දිහාවට. එකපාරටම පවනි අක්කා අතින් shuttle cock එක වහලෙට විසි වුණා. හුටා තමයි දැන් මේක ගන්නේ කොහොමද! කට්ටිය racket එකෙන් ඒක ගන්න උත්සහ කළත් හරිගියේ නෑ කට්ටියට උස මදි. මේ අය ඔලුත් කස කස ක්‍රමයක් හිතන හැටි වෛශ් හොරෙන් හිනා වෙවී බලාගෙන හිටියා. එකපාරට ක්‍රමයක් මතක් වුණා වගේ පවනි අක්කා අක්කා අර බටු ඇටේට කතා කරා. ඊටපස්සේ පවනි අක්කයි තව අක්කා කෙනෙකුයි බිම පහත වුණා අර බටු ඇටේට එයාලගේ ඇඟ උඩ නැගල shuttle cock එක ගන්න කියල. අනේ අම්මපා මුන්ට ඔලුවක් කියල නාමයක් නැත්ද මන්දා. මෙච්චර සෙනගක් ඉස්සරහ ඇඟවල් උඩ නගින්න? මිස්ලා සර්ලත් ඉන්නව. පවනි අක්කා වගේමයි එයාට එන අදහසුත්. කිසි වැඩකට නෑ. එයාල shuttle cock එක ගන්න නටන නාඩගම බලන්න වෛශ් ඒ දෙගොල්ලෝ වෙන් කරපු බැම්ම උඩ ඉඳගෙන එයාගේ music period එකේදි එකට ඉන්න සනූ එක්ක කයියක් දාගෙන හිටියා. එකපාරට මිස් කෙනෙක් ගේ බෙරිහන් දීමක් ඇහුනා එතන හිටපු ඔක්කොටම. හැරිලා බලනකොට දැක්කේ අර සෙට් එකට මිස් කෙනෙක් හම්බානකට බනිනවා උඩ නැගගෙන කොල්ලෝ වගේ කිසි හැදියාවක් නෑ ගගා. ඒ සද්දෙට බය වුන පාරට shuttle cock එක බල්ලට ගියාවේ කියල කට්ටිය සී සී කඩ දුවන්න ගත්තා. චවින්දී අක්කා බැම්මෙන් පැනල හරියටම ඉඳගත්තේ වෛශ් ගේ එහා පැත්තෙන්. චවින්දී අක්කා වෛශ් ගේ ඇඟේ ගෑවී නොගෑවී වගේ හිටියේ. ඒත් එවෙලේ තිබුන කලබලේට චවින්දී අක්කට වෛශ් ව පෙනුනේ නෑ. චවින්දී අක්කා එයාගේ එහා පැත්තෙන් ඉඳගෙන හිටියේ තත්පර කීපයක් වුණත් ඒ තත්පර කීපය එයාට ගොඩක් වටිනවා කියල දැනුනා. වෛශ් ට චවින්දී අක්කගේ සුවඳ පවා හොඳට දැනුනා.

𝓘𝓽'𝓼 𝓪 𝓼𝓲𝓷🍂 [COMPLETED]Where stories live. Discover now