●වෛශ්නාවී
කතාවේ ප්‍රධාන චරිතය තමයි මේ. තල එලළූ පාටක් හිමි කෙට්ටු ශරීරයක් තියන ළමයෙක්. අවුරුදු හතරක් තිස්සේ ආදරේ කලා කෙනෙකුට. ඒත් වෙන කෙනෙක් එක්ක ආදරේක පැටලෙනවා. අහිංසක නෑ. නපුරුයි. තරහ යනවා පොඩ්ඩ ඇත්නම්. වෙලාවකට හැසිරෙන්නේ මෝඩයෙක් වගේ.●සාෂා
Football ටීම් එකේ ප්‍රබල සාමාජිකාවක්. Tomboy සීන් එකේ හිටියේ. තල එලළූයි. සාමාන්‍ය තරමට උසයි. ගොඩක් නෑ. ඉස්කෝලේ තිබුණ හැම sport එකක්ම කරලා තියනවා.කොල්ලෙක් ඉන්නවා කියලත් ආරංචි ගියා. කෙල්ලෙක් ඉන්නවා කියලාත් ආරංචි ගියා. Homophobic පුද්ගලයෙක් බවටයි විශ්වාස කෙරෙන්නේ. ආතල් පොරක්. සල්ලි එහෙමත් හොඳට තියනවා. නොසණ්ඩාල වැඩ නං කරනවා හැබැයි දඬුවමට බයයි.●චවින්දි අක්කා
Football ටීම් එකේ vice captainලු. ඕං අපි නං දන්නෑ. වෛශ්ට වඩා අවුරුදු තුනක් වැඩිමල්. ඔබේ භාසාවෙන් කියනවා නං 00L කෙනෙක්. තරහ යනවා මෙයාටත් හොඳට. කොටයි ටිකක්. සුදුයි. නොසණ්ඩාල වැඩ කොහෙද මේකි.. ආ සොරි මේ අක්කා එතන. (සොරි සොරි මයි බෑඩ්🤣) පීරියඩ් කට් කරන්න හෙන දක්ෂයි. ඉස්කෝලේ එන්නෙත් නෑ වැඩිය. එයා ඉස්කෝලේට ඇවිත් තිබුණේ මැද්දෙන්. Football වලින්මයි.●සාක්ෂා
වෛශ්ගේ හොඳම යාළුවෙක්. බාස්කට් බෝල් ටීම් එකේ හොඳ player කෙනෙක්. වෛශ්ගේ ඕනිම දේකට සාක්ෂා හිටියා. අදටත් ඉන්නවා. ඇත්තටම හොඳ යාලුවෙක්. කට නං හොඳ නෑ හැබැයි. හිත නං හොඳයි. අපරාදේ කියන්න බෑ ඕන කෙනෙක් එක්ක යාලු වෙන්න ( Friendship) පුලුවන් එයාට ඉක්මනටම. මාර friendly. සාක්ෂා ඉස්කෝලේ මාර ප්‍රසිද්ධයි.●චවින්දි
වෛශ්ගේ අට වසරේ ඉදන්ම යාලුවෙක්. පොඩි එකෙක් වගේ. උසම උසයි. නොසණ්ඩාල වැඩ වලට ආස නෑ. පීරියඩ් කට් කරන වැඩ එයාට අරහං. හොඳ යාලුවෙක්. කියන්න ඕනි එක කෙලින්ම කියනවා. මෙයාව තමයි ගොඩක් අයට පැටලෙනවා කියලා තිබුණේ. ඇත්තටමත් ඒ දෙන්නාගේ නම් එක වගේ. හොඳම දේ කියන්නේ ඒ දෙන්නාගේ birthdays තිබුණේත් එක ළඟමයි. චවින්දි ගේ birthday එකට පස්සේ තමයි චවී අක්කාගේ birthday එක.●සහින්ද්රි
වෛශ් ගේ පන්තියට අල්ලපු පන්තියේ තමයි හිටියේ. මෙයත් ඉස්කෝලේට ආවේ මැදදි. Football team එකටමයි අරගෙන තිබුණා කියන්නේ. මුලින්ම යාලුවෝ වුණේ වෛශ් එක්ක වුණත් පස්සේ සාක්ෂා එක්ක ගොඩක් ෆිට් වුණා. හොඳ කෙනෙක්. හැබැයි හිත නම් හයිය මදි.●රෙනුෂි
වෛශ් ගේ සෙට් එකේ කෙනෙක්. පිස්සු එකේ හොඳම එක. පවනි අක්කාට මාර කැමත්තෙන් හිටියේ.Support characters
●පවනි අක්කා
චවී අක්කාගේ හොඳම යාළුවෙක් හැටියට තමයි කියන්නේ. ඒත් එකාට එකා නෑ. කලුයි උසයි. ඒ නිසානේ රෙනුෂි එයාට කලුච්චි කියන්නේ. ඕන එකක් මෙයාට ආතල්.●නතාෂා
චවී අක්කාගේ කලින් girlfriend. වෛශ්ට වඩා අවුරුද්දක් බාලයි. ලස්සනයි එයා. වෛශ් නිතරම හිතපු දෙයක් තමයි චවී අක්කාට එයාට වඩා නතාෂා ව ගැලපෙනවා කියන එක.●නේහා අක්කා
Football team එකේ captain තමයි එයා. ලොකු සීන් තියනවා ටිකක්. Homophobic එකේ උපරිම එක කියලයි ආරංචිය. ඒ වුණත් චවී අක්කා එක්ක සම්බන්ධයක් තියනවා කියලත් ආරංචි ගියා. මේ දෙකෙන් මොන හේතුව නිසා චවී අක්කා වෛශ්ට එයාලගේ සම්බන්ධේ නේහාට දැනගන්න තියන්න එපා කිව්වේ කියන එක නං ප්‍රශ්නයක්.දැනට ඔච්චරයි දරුවනේ🤣 පස්සේ කට්ටිය එකතු වෙන්න ඉඩ තියෙනවා. ඒත් main characters ටිකේ වෙනසක් වෙන්නේ නෑ. ප්‍රශ්න තියනවා නම් පැකිලෙන්නේ හැකිලෙන්නේ නැතුව අහන්න ඕන හොඳේ?🤗❤
~IvyLxuxi~🍂
BẠN ĐANG ĐỌC
𝓘𝓽'𝓼 𝓪 𝓼𝓲𝓷🍂 [COMPLETED]
Lãng mạnආදරේ කියන්නේ නිකම්ම සෙල්ලමක් ද? විරුද්ධ ලිංගිකයන් අතරෙ ඇති වන ආදරේ වගේම සම ලිංගිකයන් අතරෙ ඇති වන බැඳීමත් ආදරේ නේද? හැම ජිවිත කතාවක්ම ඔබ හිතන තරම් සොඳුරු නෑ. සැබෑ ජිවිත කතා ඔබ කුඩා කල නැරඹු, ඇසූ සුරංගනා කතා වලට වඩා හාත්පසින්ම වෙනස්ය. ඒවා They lived h...