"මම කවිඳි. මේ මගේ යාලුවෙක් සාෂා"
"හායි. මම වෛශ්නාවී"
ඒ මීට අවුරුදු හතරකට කලින් වෛශ් යි සාෂායි හම්බ වුණ විදිහ. ඒ හම්බ වුණ දවසේ වෛශ් මුළු දවසෙම හිත හිත හිටියේ එයාගේ අළුත් යාළුවා සාෂා ගැන. ලස්සන හිනාවක් තිබුණ කොල්ලෙක් වගේ ගතිගුණ තිබුණ එයාට හිත යනවා හරියට කාන්දමකට යකඩ ඇණයක් ආකර්ෂණය වෙනවා වගේ. ඒ දවස් වල තමයි ඉසිවර වෙදැදුරු era එක පටන් ගත්තු කාලේ. පිස්සුවෙන් වගේ අපි ඒ කතාව වැළඳ ගත්තේ."ඔයා තමයි Baek Kwang hyun. වෛශ්නාවී එතකොට ඔයා Ji nyeon හරිනේ"
ඔය කලේ වැඩක්. ඒ සෙල්ලම තමයි වෛශ් ගේ මෙච්චර කාලයක් සාෂා ගැන තිබුණ අදහසට පොහොර දැම්මේ. කලින් දවසේ කතාව බලලා ඊළඟ දවසේ ඒ කොටස රඟපානවා. දැන් ලොකු නිසා මේක කියවද්දී ඊයා මොන කෝලමක් ද කියලා හිතෙනවා ඇති. ඒත් ඒ කාලේ එයාලට එහෙම දැනුනේ වත් නෑ. ඒ සෙල්ලම් එයාලව තවත් ළං කලා. විභාගේ අස්සෙත් කට්ටිය role play කරනවා. Chit pass කර කර විභාගේ අස්සෙත් සෙල්ලම් කරනවා. බලාගෙන හිටපු අනිත් ළමයි හිතන්න ඇති කට්ටිය කොපි කරනවා කියලා. ඒ කාලේ මතකේ හරිම සුන්දරයි. ප්රශ්න අඩුයි. නිදහස්.
.
.
.
.
.
.
අගෝස්තු මාසේ ගෙවිලා සැප්තැම්බර් මාසෙත් ආවා. ඒ වෙනකොටත් Seminar සෑහෙන්න ප්රමාණයක් පවත්වලා තිබුණේ. ළමයි හැමෝම තරමක් දුරට seminar වලට හැඩ ගැහිලා හිටියේ. හැම එකක්ම විනෝදෙන් පිරුණු ඒවා නොවුණත් බහුතරය එහෙම තමයි. 3rd basket subjects දවසත් ආවා. ඒක තමයි එපාම කරපු එක. වෛශ් ගේ subject භාර මිස් මාර අමුතුයි. වෛශ් ට විතරයි එහෙම දැනුනේ. අනිත් ළමයි හැමෝම මිස්ට ලව්. ඒ දවසේ චවී අක්කා ඉස්කෝලේ ඇවිත් හිටියා. මොන තරහ මරහ තිබ්බත් සේවයට වාර්තා කරන්න එපැයි නේ. ඒ නිසා වෛශ් interval එකේදී චවී අක්කාව බලන්න පහලට ගියා. Interval එක ඉවර වෙනකම් ම එතන හිටියා. Interval එක ඉවර වුණත් වෛශ් ලට යන්න හිත නෑ. මොකද පන්තිය කම්මැලියි. ඔන්න ඔහේ ඉමු කියලා සාක්ෂායි වෛශ් යි දෙන්නම එතන හිටියා චවී අක්කායි පවනි අක්කායි එක්ක."එන්නකෝ පොඩ්ඩක් මගෙත් එක්ක" චවී අක්කා වෛශ් වත් ඇදගෙන එතනම තිබුණ building එක පිටිපස්සට ගියා.
'රේප් කරන්නද යන්නේ යකෝ??' කියලා අහන්න කටට ආවත් වෛශ් ඒක ඇහුවේ නැත්තේ එහෙම එකක් වැරදිලා හරි කටින් පිට වුණොත් කන හරහට පාරක් කන්න වෙනවා කියලා දන්න නිසා. කටවහගෙන වෛශ් චවී අක්කාගේ පිටිපස්සෙන් ගියා ඕනි දෙයක් වෙච්චාවේ කියලා. අනික මේ මහ දවාලේ මොනවා කියලා වෙන්නද කියලා හිත හදාගෙන වෛශ් චවී අක්කා එක්ක ගියා.
VOUS LISEZ
𝓘𝓽'𝓼 𝓪 𝓼𝓲𝓷🍂 [COMPLETED]
Roman d'amourආදරේ කියන්නේ නිකම්ම සෙල්ලමක් ද? විරුද්ධ ලිංගිකයන් අතරෙ ඇති වන ආදරේ වගේම සම ලිංගිකයන් අතරෙ ඇති වන බැඳීමත් ආදරේ නේද? හැම ජිවිත කතාවක්ම ඔබ හිතන තරම් සොඳුරු නෑ. සැබෑ ජිවිත කතා ඔබ කුඩා කල නැරඹු, ඇසූ සුරංගනා කතා වලට වඩා හාත්පසින්ම වෙනස්ය. ඒවා They lived h...