"මම මේ පවනි. ඔයාගේ චවින්දි අක්කා නෙමෙයි. අපි මේ ඔයාට පොඩි විහිළුවක් කලේ. අඳුරගන්න බැරි වුණා නේද?"
චවින්දි අක්කා වෙනුවට පවනි අක්කා එක්කයි කතා කලේ කියලා දැනගත්තම වෛශ්ට පොලොව පලාගෙන යන්න හිතුනා. තමන්ට තමන්ගේ girlfriend ගේ කටහඬ අඳුරගන්න බෑ නේද දෙවියනේ කියලා දැනුනම තමන් ගැනම වෛශ් තරහක් ලැජ්ජාවක් දැනුනා. ඒත් වෛශ්ට සාෂාගේ කටහඬ කොතන වුණත් අඳුරගන්න පුළුවන්. වෛශ් සාෂා එක්ක මුළු ජීවිතේටම වෛශ් call කරලා තියෙන්නේ එක පාරයි. ඒ වුණත් වෛශ් ටක් ගාලා සාෂා ගේ කටහඬ අඳුරගත්තා. වෛශ්ට සාෂා පිටිපස්ස හැරිලා හිටියත් හොයාගන්න පුළුවන්. වෛශ් මොනතරම් සාෂා ගැන හිතුවත් දැනගෙන හිටියත් ගෙවුණු අවුරුදු හතරට එකම එක පාරක් වත් සාෂා වෛශ් ගැන හිතුවේ නෑ. සාෂා ට වෛශ් ව පේන්න ඇත්තේ කරදරයක් විදිහට. නැත්තම් එයාට සැක හිතිලා තියෙන්න ඇති වෛශ් එයාට කැමතියි කියලා.
සාෂා එයාව මොන තරම් මඟ හැරියත් වෛශ් වෙනදා වගේම එයා එක්ක හිනා වෙලා හිටියා. පහුගිය අවුරුදු හතරටම සාෂා එයාව මග ඇරපු වාර ගණන් කරන්නත් බැරි තරම්. ඒත් ඒ හැමදාම ඉවසගෙන එයා හිටියා මොකද එයා ආදරේ කරපු කෙනා නිසා. වෛශ් අට වසරේ ඉන්නකොට දවසක් වෛශ් එයාගේ ඒ කාලේ යාලුවෝ වගයක් එක්ක පාරේ කතා කර කර හිටියා. වෛශ් කොණ්ඩේ ටිකක් කොටට කපලා හිටියේ මොකද අම්මා වෛශ් කොණ්ඩේ දිගට වවනවට කැමති නැති නිසා. යාලුවෝ එක්ක කතා කර කර ඉන්නකොට කවුරු හරි කෙනෙක් එයාගේ පිටිපස්සෙන් ඇවිත් කොණ්ඩේ අවුල් කරගෙන ගියා. බැලින්නම් ඒ සාෂා. කොණ්ඩේ අවුල් කරලා යනගමන් සාෂා වෛශ් දිහා බලලා ඇහැක් ගහලා අත වනාගෙන ගියා. උදේ පාන්දරම වුණ ඒ සිද්ධිය නිසා වෛශ්ගේ එදා දවසම සුභ එකක් වුණා.
"ඒ ඕයි අන්න සාෂාට punishment එකක් දීලා. පන්තියෙන් එළියේ දණගස්සවලා ලු" එක උදේක සාෂා ගේ පන්තියේ එයාගේ හොදම යාලුවා රනුෂි ට ඇවිත් කියනවා වෛශ් අහගෙන හිටියේ. ඒක අහපු වෙලේ ඉඳන් වෛශ් හිටියේ මේලෝකෙ සිහියකින් නෙවෙයි. රනුෂි ටත් වඩා වෛශ් අවුලෙන් හිටියේ.
"වෛශ්නාවී,අද register එක ගිහින් තියන්න යන්නේ නැද්ද?" පන්තිභාර මිස් කතා කරාම තමයි වෛශ් පියවි සිහියට ආවේ. මිස් register එක ගිහින් තියන්නේ නැද්ද ඇහුවම වෛශ් හිනා වෙලා ගෙනියන්නම් මිස් කියලා කිව්වා. වෛශ් කරන්න ආසම දෙයක් තමයි register එක ගිහින් තියන එක. පන්තියේ තව ළමයෙක් එක්ක තමයි එයා හැමදාම register එක තියන්න යන්නේ. එදා register ගිහින් තියන එක වෙනදා තරම් විනෝදයක් වෛශ්ට නොගෙනාවත් එයා ඒ අවස්ථාව අරගත්තා සාෂා ව බලන්න පුළුවන් නිසා. වෛශ් register එක තියන්න යන තැනට යන පාරේ තමයි සාෂාගේ පන්තිය තියෙන්නෙත්. හැමදාම යන්න හේතුවත් ඒක තමයි ඉතින්.
YOU ARE READING
𝓘𝓽'𝓼 𝓪 𝓼𝓲𝓷🍂 [COMPLETED]
Romanceආදරේ කියන්නේ නිකම්ම සෙල්ලමක් ද? විරුද්ධ ලිංගිකයන් අතරෙ ඇති වන ආදරේ වගේම සම ලිංගිකයන් අතරෙ ඇති වන බැඳීමත් ආදරේ නේද? හැම ජිවිත කතාවක්ම ඔබ හිතන තරම් සොඳුරු නෑ. සැබෑ ජිවිත කතා ඔබ කුඩා කල නැරඹු, ඇසූ සුරංගනා කතා වලට වඩා හාත්පසින්ම වෙනස්ය. ඒවා They lived h...