ටීම් එක පහලට යනවා දැකපු රනුෂි වෛශ් වත් ඇදගෙන එයාලා ගියපු දිහාවට දුවන්න ගත්තා. වෙන මොකටද ඉතින් එයාගේ කලුච්චි පවනි අක්කාව බලන්න තමා ඉතින්. වෛශ් නම් ගියේ අරමුණක් නැතුව. මොකද එතන සාෂා, චවින්දි අක්කායි දෙන්නම හිටියා. ඒවගේම සහින්ද්‍රි ත් එතන හිටියා. වැඩේ ඤාව් වුණොත් රනුෂි ටයි වෛශ්ටයි දෙන්නටම ගැලවුම්කාරයෝ දෙන්නෙක් හිටියා.
"අඩෝ මුන් ඒ ඩිංගට කොහාට වාෂ්ප වුණාද?"
"Washroom එක ළඟ ඇති" වෛශ් විශ්වාසයෙන් කිව්වා. මේ ටික කාලෙට ටීම් එකේ අය කට්ටි පනින්න භාවිතා කරන තැන්, මොන පීරියඩ් ද එයාලා වැඩිපුර කට් කරන්නේ වගේ දේවල් වෛශ් හොඳට දැනගෙන හිටියා. කොහොමහරි අන්තිමේදි දෙන්නම ටීම් එකේ අයව හොයාගත්තා. හැබැයි එතන චවින්දි අක්කා හිටියේ නෑ. සාෂායි රනුෂිගේ කලුච්චියි නං හිටියා. සහින්ද්‍රි ත් එතන හිටියා වුණත් එයාට ඒ හැටි ලොකු අවධානයක් වෛශ් දුන්නේ නෑ. සහින්ද්‍රි එයාට කැමති ද කියන සාධාරණ සැකයකුත් වෛශ්ගේ හිතේ ඇති වෙලා තිබුනේ. ඒක සැකයක් වුණත් කොයි එකටත් සහින්ද්‍රි ගෙන් ඈතට වෙලා ඉන්න එක හොඳයි කියලා වෛශ් හිතුවා. මොකද එයා සහින්ද්‍රි ගැන හිතුවේ යාලුවෙක් ගැන හිතන විදිහට. එයා කරන වැඩ යාලු කමට කරන ඒවමද කියලා ප්‍රශ්නයක් වුණත් එයාගේ හිතේ යාලුකමක් ඇරෙන්න වෙන කිසි දෙයක් තිබුනේ නෑ. වැඩි වෙලාවක් ඉන්නේ නැතුව වෛශ් එතනින් ආවේ රනුශි වත් එතනම තියලා. රනුශි එන්න බෑ කිව්ව නිසයි වෛශ් ට තනියම එන්න සිද්ධ වුණේ. එයාට ඕනි දෙයක් කරගන්න කියල වෛශ් එයාගේ පන්තියට ආවා.
"කොහෙද බන් උඹල දෙන්නා අතුරුදහන් වුණේ? කෝ දැන් රෙනුෂි?" පන්තියට ආපු ගමන් සාක්ෂා පොලීසියෙන් වගේ ප්‍රශ්න කරන්න ගත්තා.
"පහළට ගියා නේ අපි දෙන්නා. රෙනුෂි එතන නැවතුනා."
"ඇයි එතන අර පවනි අක්කවත් හිටියද?" සාක්ෂා හිනා වෙනගමන් ඇහුවා.
"ආ ඔව්නේ" වෛශ්, සාක්ෂා අතර ඒ හැටි රහසක් තිබුනේ නෑ. සමහර දේවල් කියන්න බැරි නිසා හිතේ තියාගෙන හිටියා මිසක් විශ්වාස නැති නිසා නොකියා හිටියා නෙවෙයි.
"ඇයි මොකෝ උඹ ආවේ දැන් ?අර සාෂා හිටියේ නැද්ද එතන?"
"ඔය හිටියේ" වෛශ් එහෙම කියල බැල්කනි එකෙන් එළිය දිහා බැලුවා. ඇත්තටම ඇයි සාෂා එතන හිටියට එයාට එතන ඉන්න හිත නොදුන්නේ? ඇයි හිත අහන්නේ චවින්දී අක්කා කොහෙද කියල. ඉස්පීකින් ඔෆ් ද ඩෙවිල් කිව්වලු! (speaking of the devil- මතක් කළ සැනින් එතනට පාත් වෙන එකා) හිත හිත ඉන්නකොටම අන්න ඈතින් එනවා. තනියම නෙමෙයි බටු ඇටේ එක්ක එන්නේ. (වෛශ් ඒ බටු ඇටේගේ නම දන්නේ නෑ ලු. ඉතින් ඕතර් දන්නෙත් නෑ ඉතිම්. ඉතින් මම බටු ඇටේ කියල නම දැම්මා) බොරු කියන්න ඕනි නෑ ඒ කාලේ වෛශ් ට චවින්දී අක්කව ඇත්තටම ලස්සනට පෙනුනා. එකපාරට චවින්දී අක්කයි අර බටු ඇටේයි දෙන්නම උඩ බැලුවා. හත්තික්කේ දැන් මොකතේ කරන්නේ! මාරු වෙලා යන්න විදිහකුත් නෑ. ශේප් එකේ හම්බවුන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නත් එක්කම කියල වෛශ් චවින්දී අක්කට අත වැනුවා. වෛශ් ගේ වෙලාව හොඳ වැඩි කමට චවින්දී අක්කා හිතල තියෙන්නේ වෛශ් අත වනන්නේ බටු ඇටේට කියල. බටු ඇටේ හිතල තියෙන්නෙත් එහෙමයි. ඉතින් එයා වෛශ් ට අත වැනුවා. ටික වෙලාවකට පස්සේ තමයි ඩබලටම තේරුනේ වෛශ් අත වැනුවේ චවින්දී අක්කට කියලා.
YOU ARE READING
𝓘𝓽'𝓼 𝓪 𝓼𝓲𝓷🍂 [COMPLETED]
Romanceආදරේ කියන්නේ නිකම්ම සෙල්ලමක් ද? විරුද්ධ ලිංගිකයන් අතරෙ ඇති වන ආදරේ වගේම සම ලිංගිකයන් අතරෙ ඇති වන බැඳීමත් ආදරේ නේද? හැම ජිවිත කතාවක්ම ඔබ හිතන තරම් සොඳුරු නෑ. සැබෑ ජිවිත කතා ඔබ කුඩා කල නැරඹු, ඇසූ සුරංගනා කතා වලට වඩා හාත්පසින්ම වෙනස්ය. ඒවා They lived h...