(Play 'ARCADE' song by Duncan Laurance)🍂
.
.
.
ඒ phone සිද්ධියෙන් දවස් දෙකකට පසුයි. එදා තිබුණේ History seminar එකක්. එදත් වෛශ් ලා ඉඳගත්තේ සාෂාට ඉස්සරහින්. එදා සිද්ධියෙන් ඇති වුණ shock එක තවම වෛශ් ගේ හිතෙන් පහවෙලා තිබුණේ නෑ. ඒ දෙන්නව ගෙන්නලා මිස් ලා ප්‍රශ්න කලා කියන එකට අමතරව වෛශ් වෙන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. හොයන්න වුවමනා වුණත් රෙනුෂි එයාව නැවැත්තුවා. History seminar එකේ මැද්දක් හරියේදි මාරම කම්මැලියි. කම්මැලි කමේ එහෙට මෙහෙට ඇඹරි ඇඹරි ඉන්නකොට සාෂා පිටිපස්සේ ඉඳන් වෛශ් ගේ පිටට ඇන්නා. ඇයි කියලා පිටිපස්ස හැරෙන කොටම සාෂා කොලයක් වෛශ් ගේ අතට දුන්නා. වෛශ් ඒකත් අරගෙන ඉස්සරහ හැරුණේ මොකක් හරි පිස්සු විහිළුවක් ඒකේ ලියලා ඇති කියලා සහසුද්දෙන් ම දැනගෙන. ඒත් විහිලුවක් වෙනුවට එතන තිබුණේ වෙන දෙයක්.'Can I ask a question Vaishnavi?'
'Yeah sure'
'Can I be yours?'
ඒ ලියලා තිබුණ එක දැකලා වෛශ් ගේ ඇස් උඩ ගියා. ඒත් ඒක ආතල් එකට කියපු එකක් කියලා වෛශ් ට නිකං හිතුනා.
'What the hell! මේ වෙලා තියන ජාති ඇති හොඳටම ඇති'
වෛශ් එහෙම ලියලා යැව්වා. විහිළුවක් වෙන්න ඇති කියලා වෛශ් ඒ කොලේ දෙනකොට ම දැනගෙන හිටියා වුණත් ඒක මේ වගේ විහිළුවක් කියලා වෛශ් හිතුවේ නෑ. එයාට ඒකට ගොඩක් දුක හිතුනා. හැමදාම එයා එහෙමයි. ඔය වගේ විහිළු මයි කරන්නේ.
'ඒ මන් එයා වගේ නෙමෙයි. ම්? Please?'
සාෂා මේ විදිහට ලියලා වෛශ් ට ආපහු කොලේ දුන්නා.'කවුද දැන් එයා?' වෛශ් ලියලා යැව්වා.
'මන් දන්නවා චවින්දි ගේ affair එක. ඒත් please ගොඩක් කල් ඉඳන් ඔයා වෙනුවෙන් ඉන්නේ please?'මම ඔයාට වඩා ගොඩක් කල් බලන් හිටියා කියලා වෛශ් හිතුවත් ඒක ලියන්න ගියේ නෑ. මොකද නිකමට හරි වෛශ් මෝඩයා වගේ ඔව් මං ඔයාට කැමතියි කිව්වොත් වෛශ් ගේ ඉතුරු මුළු ජීවිත කාලේ පුරාම එයාගේ බයිට් එකට ලක් වෙන්නයි වෙන්නේ. එයා කැමති නවන්මිට කියලා කලින් දවසක එයාලා එක්ක ඉන්නකොට වෛශ් දැනගත්තා. ඉතින් මේ නම් සාෂා ගේ කිසි කමකට නැති විහිළුවක් කියලා වෛශ් විශ්වාස කලා.
YOU ARE READING
𝓘𝓽'𝓼 𝓪 𝓼𝓲𝓷🍂 [COMPLETED]
Romanceආදරේ කියන්නේ නිකම්ම සෙල්ලමක් ද? විරුද්ධ ලිංගිකයන් අතරෙ ඇති වන ආදරේ වගේම සම ලිංගිකයන් අතරෙ ඇති වන බැඳීමත් ආදරේ නේද? හැම ජිවිත කතාවක්ම ඔබ හිතන තරම් සොඳුරු නෑ. සැබෑ ජිවිත කතා ඔබ කුඩා කල නැරඹු, ඇසූ සුරංගනා කතා වලට වඩා හාත්පසින්ම වෙනස්ය. ඒවා They lived h...