Chapter 5🍂

321 69 12
                                    

OFFICIALLY INTRODUCING MY WIFE AMBER LIU 🤣❤❤

👽👽👽👽👽👽👽👽👽👽👽
ඉස්කෝලේ කල් ගිය නිසා පවත්වගන්න බැරි වුණ වෙසක් සීල ව්‍යාපාරය පොසොන් එකත් අල්ලලා ජූනි මාසේ තියන්න තීරණය කරලා තිබුණේ. වෛශ්, සාක්ෂා, රෙනුෂි, චාවින්දි, නෘත්‍යා (සාක්ෂාගේ හොඳම යාළුවා) කට්ටියම සිල් සමාදන් වෙන්නය කියලා එදා ඉස්කෝලේ ආවා. ඇත්තටම සිල් සමාදන් වීමට වඩා දානේ වලඳන්න තමයි ඉතින් ආවේ. චවී අක්කා නම් ඕවට එන්නෑ. ගෙදරට වෙලා පාඩම් කරනවා කියලද හිතන්නේ? ඒවා හීන. එයා කරන පාඩමක් නෑ. එයා එක්ක ඉඳපු මේ මාස දෙකට වෛශ් චවී අකකාගේ ගතිගුණ ගොඩක් දුරට දැනගෙන හිටියා. පාඩම් කරන්න කිසිම විදිහක උනන්දුවක් එයාට තිබුණේ නෑ. අනාගතය සුභයි වෛශ්! සාක්ෂාලා නිතරම වෛශ් ට කිව්වා. ඇත්ත කතාව.

සාක්ෂා ඉස්කෝලේ බාස්කට් බෝල් ටීම් එකේ ඉන්නවා. හිත හොඳයි හැබැයි කට සැරයි. තරහ ගියාම කටට එන ඕන එකක් කියනවා. හැබැයි ඒ වගේම විනෝදකාමී කෙනෙක්. වෛශ් වගේ හොස්ස ලඟින් මැස්සා යන්න බැරි කෙනෙක් නොවුණත් අසාධාරණය් වුණ වෙලාවට නං භයානකයි. වෛශ් වුණත් චවී අක්කා එක්ක වලි වෙලාවට සාක්ෂාගෙන් උදව් ඉල්ලන්නේ එයා යකාටවත් බය නෑ කියලා වෛශ් දන්න නිසා. සාක්ෂා යි එයාගේ යාළුවා නෘත්‍යාවයි එකට ජෝඩු කරලා තිබුණේ වෛශ්ගේ පන්තියේ අය. වෛශ් සාක්ෂා යාලුවෝ වෙන්න ඉස්සර ඉදන්ම ඒ කියන්නේ දහය වසරේ විතර ඉදන් ඒ දෙන්නව ජෝඩු කරලා තිබුණේ. ඒකෙ ඇත්ත නැත්ත කොහොම වුණත් ඒ දෙන්නා රණ්ඩු වුණේ හරියට Wife and husband වගේ. විහිළුවට හරි ඇත්තට හරි ජෝඩු කරලා තිබුණ ඒ කපල් එක වෛශ් ගේ පන්තියේ හිටපු hot ම කපල් එක වුණා. සාක්ෂා ගැන අදහසක් තිබුණ පන්තියේ හිටපු කවුරුත් වගේ තමන්ගේ හැඟීම් යටපත් කරගෙන ඉන්න ඇති නෘත්‍යා ට බයේ. ඒත් ඒ සිල් දවසේ පන්තියේ නෘක්ෂා shippers වගේ බලාපොරොත්තු කඩ වුණ බොහොම පොඩි සිද්ධියක් වුණා.
"මන් දන්නවා ඔයා චවී අක්කාට කැමතියි කියලා. ඒත් මන් ඔයාට කැමතියි"
සාක්ෂා බණ දේශනාව අස්සේ මේ කියන කුණුහරුපේ මොකක්ද කියලා වෛශ් ඇතුළු අනිත් එයාගේ යාලුවෝ ඇස් නලලේ තියාගෙන කටවලුත් ඇරගෙන අහගෙන හිටියා.

"තෝ බීලා ද මොනාද මේ කියවන්නේ?" වෛශ් නෘත්‍යා දිහා බලන ගමන් ඇහුවා. නෘත්‍යාගේ මූණ බලාගෙන ඉද්දි වෙනස් වෙනවා වෛශ් දැක්කා. රනුෂියි චාවින්දී ස්පීච්ලස්. ඒ දෙන්නා මූණට මූණ බලාගන්නවා.

𝓘𝓽'𝓼 𝓪 𝓼𝓲𝓷🍂 [COMPLETED]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ