Chapter 8🍂

275 65 13
                                    

හැමදාමත් මගේ හදවත විවර වුණේ නුඹටම පමණි...
දුරින් සිට බලාහිඳින්නම් මහදේ වදන් නුඹ වෙත නේන නිසා....🍂
.
.
.
.
.

ඒ දෙදහස් දහනවය අවුරුද්දේ ජූලි මාසයයි. කවදාවත් හැබෑ නොවෙන නිසාත් ආදරයකට බොරු කරන එක හොඳ නැති වුණත් වෛශ් තමන්ගේ හිතට කොහොමහරි බල කරගෙන සාෂා ගැන හිතන එක අත් හැරගෙන චවී අක්කා ගැන යන්තම් විශ්වාසයක් ගොඩ නගා ගත්තා. සාෂා ගැන හිතන එක අත හැරියා කියලා කිව්වට සම්පූර්ණයෙන්ම එයාව අමතක කරන්න වෛශ්ට පුළුවන් වුණේ නෑ. සාෂාගෙයි එයාගෙයි මතකේ දිගටම එයාගේ හිතේ ඉතිරි වෙලා තිබුණා. එක අතකින් වෛශ් එයාගේ හිතේ තිබුණ දේවල් සාෂා නොකියපු එක හොඳයි. මොකද චවී අක්කා වගේම එයත් පිටට හොඳයි ඒත් ඇතුලෙන් ගන්න දෙයක් නැති වුණොත් වෛශ් ට ඒක දරාගන්න කොහෙත්ම පුළුවන් වෙන එකක් නෑ. හැරත් වෛශ් ගෙවුණු අවුරුදු හතරේ හිටියේ සතුටින්. ආපහු පාරක් හිනා වෙවී මතක් කරන්න පුළුවන් මතකයක් එකතු වුණේ ඒ කාලයේ දි විතරයි.

"වෛශ් ඔහොම ඉන්න. ඔයාට බෑ ඔහොම මාව ගණන් නොගෙන යන්න. මට ඔයත් එක්ක කතා කරන්න ඕන" සහින්ද්‍රි වෛශ්ගේ අත අත් නොහැර කිව්වා.

" ඔයා හදන්නේ ආයෙමත් අර එදා කියපු එකම කියන්න නං, මේ දැන්ම හොඳ හිතින් මගේ අත අත ඇරියොත් හොඳයි"

"බෑ මං අත අරින්නේ නෑමයි. ඔයා මට කැමති වෙනකම් හරි මම ඔයාගේ අතින් අල්ලගෙන ඉන්නවා" සහින්ද්‍රි වෛශ්ගේ අත තවත් හයියෙන් අල්ලාගෙන කිව්වා.

"මොන මඟුලක් ද! මං කිව්වනේ මං ඔයාට කැමති නෑ." වෛශ් එයාගේ අත ගසලා අරගත්තා.

"මගේ ඇස් දෙක දිහා බලාගෙන කියන්න මට කැමති නෑ කියලා"

"මං ඔයාට කැමති නෑ. හරිනේ" වෛශ් සහින්ද්‍රි ගේ ඇස් දෙක දිහා බලාගෙන ම කිව්වා. එහෙම කියලා වෛශ් එතනින් ආවා. සහින්ද්‍රි වෛශ් ගේ අතේ තිබුණ චවී අක්කාගේ පොත දැක්කා.

"චවී අක්කාගේ පොතක් නේද මේ" සහින්ද්‍රි වෛශ්ගෙන් පොත ගන්න හැදුවත් වෛශ් ඉක්මනට පන්තියට ගියා. එදත් එයාගේ මූඩ් එක චවී අක්කා කාලා විනාශ කලා. සාෂා නිසා සතුටින් ඉන්න පුලුවන් වුණේ විනාඩි කිහිපයයි. වෛශ් නිකං චවී අක්කාට වැඩකාරයෙක් වගේ. තවත් වෙලාවකට සෙල්ලම් බඩුවක්. තවත් වෙලාවකට එයාට කම්මැලි හිතුනම පාලු මකන්න හිටපු කෙනා වුණා. තමන්ව පාවිච්චි වෙනවා කියලා හොඳටම දැන දැනත් වෛශ් ට සද්ද නැතුව ඉන්න වුණා.
.
.
.
.
දවසක් වෛශ් සුපුරුදු පරිදි ම චවී අක්කාව බලන්න එයාලා ඉන්න තැනට ගියා. මේ පාර එයා චවී අක්කාව බලන්න ගියේ චාවින්දි එක්ක. එයාට washroom යන්න ඕන වුණ නිසා. ඒ දෙන්නා චවී අක්කලා ඉන්න තැනට යනකොටත් චවී අක්කාගේ පන්තියේ ළමයි කීප දෙනෙක් එක්ක එයා බර කතාවක. හැමෝම ඉන්න තැන චවී අක්කව බලන්න ආවා කියලා කියන්න බෑනේ. ඉතින් වෛශ් චාවින්දි එක්කම washroom එකට යන්න එනකොට අහම්බෙන් චවී අක්කාව දැක්කා වගේ අති සාර්ථක රංගනයක නිරත වුණා. චාවින්දි washroom එකට ගිහින් එනකම් චවී අක්කා වෛශ් එක්ක සාමාන්‍ය යාලුවෙක් වගේ කරට අතත් දාගෙන කතා කලා.

𝓘𝓽'𝓼 𝓪 𝓼𝓲𝓷🍂 [COMPLETED]Opowieści tętniące życiem. Odkryj je teraz