Chapter 13🍂

238 54 18
                                    

Dear Vaishnavi,
අනේ සොරි එදා සිල් දවසේ වුණ දේට. මම හිතලා නෙවෙයි ඒක කලේ. මම ගොඩක් නරක විදිහට එදා හැසිරුණේ. අද ඔයාට කවුරුහරි මොනවා හරි කිව්වා නම් මමයි ඒකට වැරදි. ඔයා නෙමෙයි. I'm really sorry. මම දන්නේ නෑ ඔයා මට සමාව දෙයිද කියලා. ඒත් ඔයා සමාව දුන්නත් මම හිතන්නේ නෑ මම මටවත් සමාව දෙයිද කියලා. මම දන්නේ නෑ මම ඔයාට ඇත්තටම කැමති ද කියලාවත්.
මේ වෙච්ච දේවල් වලට සමාව හැටියට මන් ඔයා කියන ඕනම දෙයක් කරන්නම්. අපි ආයේ කලින් වගේ ඉමු. සමහර විට ඔයාට මාව අප්පිරියා ඇති. එහෙම නම් මට කියන්න. මට දුක නෑ. එවෙලේ මට මොකක් වුණාද කියලා මට හිතාගන්න බෑ. Please මේවා චවින්දි අක්කාට නම් කියන්න එපා.
From your
loving best friend,
Saksha.
.
.
.
.
.
.
රෙනුෂි Science period එකේ මිස් එන්න කලින් එළියට යමුද කියලා වෛශ් ගෙන් අහපු නිසා වෛශ් රෙනුෂි එක්ක එළියට ආවා. සාක්ෂා නම් පන්තියේ හිටියා එයාට එන්න බෑ කම්මැලියි කියලා. එළියට යමු කිව්වට රෙනුෂි කිව්වේ නැහැ කොහෙටද යන්නේ මොකටද යන්නේ කියලා. පවනි අක්කත් එදා ඇවිත් හිටියේ නෑ. පවනි අක්කා නෑ කියන්නේ චවී අක්කාත් නෑ කියන එක තමයි. රෙනුෂි එක්ක වෛශ් පහලට ගියා. පහලට ගියාම තමයි වෛශ් ට තේරුනේ කාව හම්බ වෙන්නද රෙනුෂි මේ ආවේ කියලා. සාෂා ව හම්බ වෙන්න කියලයි ඇවිත් තිබුණේ එයා. සාෂා ව දැක්කම වෛශ් ගේ ඇස් උඩ ගියා. තාමත් හිතේ එයා ගැන ලාවට හරි කැමැත්තක් ඉතිරි වෙලා තිබුණොත්... ආපහු පාරක් එයාට හිත ගියොත්...එක අතකට මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන තවමත් එයාට කලින් වගේ දැනෙනවද කියලා දැනගන්න පුළුවන් කියලා හිතපු වෛශ් රෙනුෂි එක්ක සාෂා ගාවට ගියා. එතන සාෂා එක්ක දහය වසරේ නංගිලා දෙන්නෙක් හිටියා. එතනින් එක්කෙනෙක් සාෂා ට කැමතියි. එයාගේ වැඩ වලින් ඒක ඕනෑවටත් වඩා හොඳට තේරුනා. අනිත් කෙනාත් සාෂා ට කැමතියි කියලා තමයි කතාව ගියේ.

එතනට ගිහින් සාෂා එක්ක සාමාන්‍ය විදිහට කතා කරන්න වෛශ් ට පුළුවන් වුණා. සාෂා ඇවිත් ඉඳගත්තේ වෛශ් ගාවමයි. එතකොට නම් වෛශ්ට ලාවට ද දෙයක් නොදැනුනා කිව්වොත් ඒක ලොකු බොරුවක්. ඉතින් වෛශ් සාෂා ගෙන් පොඩ්ඩක් එහාට වුණා. එක එක දේවල් කතා කර කර ඉඳලා ටික වෙලාවකින් අර නංගිලා දෙන්නා ආපහු පන්තියට ගියා එයාලව මිස් හොයනවා කියලා පණිවිඩයක් ආපු නිසා. බොහොම අමාරුවෙන් තමයි අර සාෂාට කැමති නංගිව එතනින් යවා ගත්තේ. වෛශ් ට එයාව දැක්කම තනියම හිනා. වෛශ් ට එයාවම මතක් වුණා. 'මොකක්ද ඔච්චරටම ඔයා ගාව තියන charm එක. කෙල්ලො කොල්ලෝ බේදයක් නැතුව ඔයාට වහ වැටෙන්න තරම්?' වෛශ් හිතෙන් හිතුවා. නංගිලා දෙන්නා බයටම රෙනුෂි වත් එක්කගෙන ගියා පන්තියට යන්න. එතකොට එතන ඉතුරු වුණේ වෛශ්, සාෂා දෙන්නා විතරයි.

𝓘𝓽'𝓼 𝓪 𝓼𝓲𝓷🍂 [COMPLETED]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ