(Read this chapter while listening to DONE FOR ME BY PUNCH~ Hotel Del Luna OST)🍂
සතියක්ම වෛශ් චවී අක්කා එක්ක කතා නොකර ගෙවිලා ගියා. සතියකට පස්සේ චවින්දි අක්කලා ආපහු ඉස්කෝලේ ආවා එයාලගේ phones ගන්න. එදා උදේ වෛශ් register එක ගේන්න ගියේ සාෂා ගේ පන්තිය ළඟින්. එයා හොඳින් ද බලන්න තමයි වෛශ් ගියේ. එයාගේ කිසිම දෙයක් අහුවෙලා තිබුණේ නෑ. ඇත්තටම එදා team එකේ බෑග් චෙක් කරනවා කියපු වෙලාවේ වෛශ්ට මතක් වුණේ චවින්දි අක්කාව විතරයි. මොකද කියනවානම් වෛශ් ඕනාවටත් වඩා හොඳට දැනගෙන හිටියා සාෂා ඉස්කෝලෙට phones ගේන්නේ නැහැ කියන එක. උදේ සාෂා ගේ පන්තිය ගාවින් යද්දි වෛශ් ගේ මූණට චවින්දි අක්කා හම්බ වුණා. අහක බලාගෙන පලයන් යකෝ කියලා මොලේ මොන තරම් කෑ මොර දුන්නත් වෛශ් චවින්දි අක්කාට හිනා වෙලා එතනින් එන්න අඩිය තිබ්බා.
"ඉන්න. ඔයා යනවද?" චවින්දි අක්කා වෛශ්ගේ අත අල්ලගෙන ඇහුවා.
"ආ ඔව් මේ register එක ගේන්න යනවා. යන්නම් හරිද? පරිස්සමින්" වෛශ් එහෙම කියාගෙන එතනින් ආවා.
එතනින් පස්සේ වෛශ් ට චවින්දි අක්කාව හම්බ වුණේ නැහැ. ඒත් එයාලා ගැන ආරංචි එදා දවස පුරාම වෛශ් ගේ කනට වැටුනා. Team එකම විනය භාර කමිටුවට අම්මා ලා එක්ක ගියා කියලා තමයි පළවෙනි period එකේදි ආරංචිය ආවේ. පළවෙනි period එක ඉවර වුණාම වෛශ් යි සාක්ෂා යි එළියට ගියා තත්ත්වේ බලන්න කියලා. ඒ දෙන්නා යනකොට team එකේ අය එක එක්කෙනා විනය කමිටුව ඇතුලට අම්මලා එක්ක යනවා වෛශ් ලා ඈත ඉඳලා බලාගෙන හිටියා. මොන තරහ තිබුණත් වෛශ් දැනගෙන හිටියා මේ ඒ තරහ පිට කරන වෙලාව නෙමෙයි කියලා. ඒවගේම එයාට චවින්දි අක්කා ගැන ගොඩක් බය හිතුනා. මොකද ඕන ම දෙයක් විනය කමිටුව ඇතුලේ වෙන්න පුළුවන්. එයාගේ vice captain කමට මොකක් හරි වුණොත් එයාට ගොඩක් දුක හිතෙයි කියන එක වෛශ් දැනගෙන හිටියා. සාෂාත් විනය කමිටුව ඇතුලට යනවා වෛශ් දැක්කත් එයා ගැන බයක් වෛශ් ට හිතුනේ නෑ. එයා වැරැද්දක් කරලා නෑනේ.
එතන විනාඩි දෙකක් තුනක් විතර බලාගෙන ඉඳලා වෛශ් ලා ආපහු පන්තියට ආවා. දෙවෙනි, තුන්වැනි, හතරවෙනි period team එක ගැන කිසිම ආරංචියක් නැතුව ගෙවිලා ගියා. Interval එක ඉවර වෙන්න ඔන්න මෙන්න වගේ තියලා ආරංචියක් ආවා චවින්දි අක්කා කමිටුව ඇතුලට ගියා කියලා. වෛශ්ත් බයේ ගැහෙන්න ගත්තා දැන් මොනවා වෙයිද කියලා හිතාගන්න බැරුව. වැරදිලා වත් phone චෙක් කලොත්.. මොනවායින් මොනවා වෙයිද? අද නම් ගෙදරින් එළියට බහින්නම වෙයි වගේ. වෛශ් හොඳටම බය වෙලා හිටියේ. ඒත් ඒක කාටවත් පේන්න දෙන්නේ නැතුව එයා එයාගේ උපරිමයෙන් ඒ බය හංගගෙන ඉන්න උත්සාහ කලා. 'දෙවියනේ phone නම් චෙක් කරන්න එපා!'
YOU ARE READING
𝓘𝓽'𝓼 𝓪 𝓼𝓲𝓷🍂 [COMPLETED]
Romanceආදරේ කියන්නේ නිකම්ම සෙල්ලමක් ද? විරුද්ධ ලිංගිකයන් අතරෙ ඇති වන ආදරේ වගේම සම ලිංගිකයන් අතරෙ ඇති වන බැඳීමත් ආදරේ නේද? හැම ජිවිත කතාවක්ම ඔබ හිතන තරම් සොඳුරු නෑ. සැබෑ ජිවිත කතා ඔබ කුඩා කල නැරඹු, ඇසූ සුරංගනා කතා වලට වඩා හාත්පසින්ම වෙනස්ය. ඒවා They lived h...