උඳුල තරුවේ අහස් තලයෙන් වසන් වී වාගේ.....
මාර සේනා හදට කැන්දන යාමේ ළං වූයේ...
මේඝ වර්ෂා ගලා හැලුනේ සේද යහනාවේ...
දෝරේ යන මේ හැඟුම් ගංගා ඔහේ සැලුනාවේ....🍂සාෂා ගේ ඒ දවස් වල ආසම සිංදුව ඒ. ධනිත් ශ්‍රී කියන කෙනෙක් ගැන කිසිම දෙයක් දැනගෙන නොහිටපු වෛශ් ට සඳගනාව අහන්න ඉඩ සැලැස්සුවේ සාෂා.
"ඒ සිංදුව අහන්න. ඒක ලස්සනයි. අහලා ඒක ඉගෙන ගෙන මටත් ඇහෙන්න කියන්න ඕන තේරුණානේ" සාෂා දෙයක් කිව්වොත් වෛශ් ඉතින් නොකර ඉන්නේ නෑනේ. අනික සිංදුවක් අහන එක කියන්නේ වෛශ් කරන්න කැමතිම දෙයක් නේ. ඒ සිංදුව ඇහුවට පස්සේ ඒ සිංදුවට වෛශ් මාරම ආස කලා. ඒක ඇත්තටම ලස්සනයි. සාෂා නිසා සඳගනාව සිංදුව අහලා අන්තිමේදී වෛශ් නතර වුණේ ධනිත් ශ්‍රී ගේ fan කෙනෙක් වෙලා. නිකං fan කෙනෙක් නෙවෙයි. වෛශ් එයාව kpop idols ලව වගේම ඇදහුවා. ඒතරම් ධනිත්ගේ සිංදු ලස්සනයි. (ඔන්න ඉතින් ඕතරුයි වෛශ් යි දෙන්නා fangirling කරන්න ගත්තා නේද🤣🤣❤)සඳගනාව සිංදුව වෛශ් ඇතිවෙනකම් චවී අක්කාට ඇහෙන්න කියන්න ඇති. මේ මගේ ආසම සිංදුව කියලා වැලලෙන්න ඇති. ඒත් ඒ සිංදුවට තිබුණ කැමත්ත පිටුපස තිබුණ සැබෑ හේතුව චවී අක්කාට කවදාවත් දැනගන්න ලැබුණේ නෑ. සාෂා වුණත් දැනගෙන ඉන්න නැතුව ඇති වෛශ් ඒ සිංදුවට ඒ තරම් ම ආස කරන්න එයත් එක හේතුවක් කියලා.
නතාෂා නංගි දහය වසරේ නිසා එයාගේ පන්තිය තිබුණෙත් එකොළහ වසර ගාවමයි. නතාෂා කියන්නේ චවී අක්කාගේ ex කියලා දැන දැනත් වෛශ් ඒ නංගි එක්ක කතා කළා හිනා වුණා. එහෙම තරහක් තිබ්බේ නෑ. ඒ නංගි නරක කෙනෙක් නෙමෙයි කියලා කතා කරන කොට තේරෙනවා. චවී අක්කාගෙයි එයාගෙයි සම්බන්ධේ නතර වෙලා තියෙන්නේ නතාෂා ට බයයි මේ දේවල් අහුවොනොත් කියලා ලු. වෙලාවකට වෛශ්ට හිතුනා එහෙමවත් කියලා චවී අක්කාගෙන් ඈත් වෙන්න. ඒත් මොකක් හරි හේතුවකට එයාට ඒක කරගන්න බැරි වුණා. රෙනුෂිලා කොච්චර විහිලු කලත් නතාෂා ගැන උඹට තරහක් තියනවා නේද කියලා වෛශ් ගේ හිතේ එහෙම තරහවක් කොතැනකවත් තිබ්බේ නෑ. අන්තිම මොහොත වෙනකම් ම තිබුණේ නෑ. අදටත් නෑ. වෛශ් එයාට සලකන්නේ වෛශ් ව බේරගන්න ආපු කෙනෙක් හැටියට.
STAI LEGGENDO
𝓘𝓽'𝓼 𝓪 𝓼𝓲𝓷🍂 [COMPLETED]
Storie d'amoreආදරේ කියන්නේ නිකම්ම සෙල්ලමක් ද? විරුද්ධ ලිංගිකයන් අතරෙ ඇති වන ආදරේ වගේම සම ලිංගිකයන් අතරෙ ඇති වන බැඳීමත් ආදරේ නේද? හැම ජිවිත කතාවක්ම ඔබ හිතන තරම් සොඳුරු නෑ. සැබෑ ජිවිත කතා ඔබ කුඩා කල නැරඹු, ඇසූ සුරංගනා කතා වලට වඩා හාත්පසින්ම වෙනස්ය. ඒවා They lived h...