හැමදාම සතුටින් ඉන්න තිබුණා නම්..... ඒත් එහෙම බෑ.....
එදා චවින්දි අක්කා ඉස්කෝලේ ආපු දවසක්. *ලන් චන් හිනා වෙන වාර ගාන වගේ නේ එයාගේ පැමිණීමත්. ( 蓝湛, Lán Zhàn~The untamed💚❤) ඉතින් එයා ඉස්කෝලේ එන දවසට වෛශ් නොවැරදීම චවින්දි අක්කාව හම්බ වෙන්න යනවා. එදත් චවී අක්කා ඉස්කෝලේ ආවා කියන ආරංචිය නිසා වෛශ් එයාව හම්බ වෙන්න ගියා. වෛශ් චවී අක්කාව බලන්න යද්දි එයාට චවී අක්කාව මඟදී හම්බ වුණා. Team එකේ කීප දෙනෙක් එක්ක ආවේ. චවී අක්කා ආවේ බිම බලාගෙන නිසා වෛශ් ව දැක්කේ නෑ. වෛශ් කෙලින්ම චවී අක්කාගේ ඉස්සරහට පැන්නා. එයා දැක්කේ නෑ චවී අක්කාට එහාපැත්තෙන් හිටියේ කවුද කියලා. පැන්නට පස්සේ තමයි දැක්කේ කවුද හිටියේ කියලා. ඒ හිටියේ නේහා අක්කා. හරිනේ ඔය කරගත්තේ වැඩක්.
#වෛශ්තමයිහොඳටමකලේ
නේහා අක්කා අමුතු විදිහ වෛශ් දිහා බැලුවා. කරගත්තොත් ඔහොම වැඩක් තමා. දැන් මොකක්ද කරන්නේ? නේහා අක්කා ඉස්සරහම මෙහෙම දෙයක් කරාම... දැන් ඉතින් වෛශ් විතරක් නෙවෙයි චවී අක්කාත් ඉවරයි.
"Oh sorry" වෛශ් ශේප් එකේ එතනින් මාරු වෙලා ගියා. එදා වුණ දේට සොරි කියලා වෛශ් චවී අක්කාට message එකක් දැම්මා. චවී අක්කා නම් හොඳටම බැන්නා වෛශ් ට. වෛශ් මුකුත් නොකියා බැනුම අහගෙන හිටියේ එයා වැරදියි කියලා එයා දැනගෙන හිටපු නිසා. ඒ සිද්ධිය දවස් දෙකක් විතර ගියාම ශේප් වුණා කියලා තමයි වෛශ් හිතුවේ. ඒත් ඒක විසඳුනේ නෑ. ඒක නිසා ටිකක් විශාල ගණයේ ප්‍රශ්නයක් ගොඩ නැගුණා.
ඒ ඔක්තෝම්බර් මාසේ අග සතිය. ඒ සතියේ Football team එකට match එකක් තිබුණා දුර පැත්තක. ඉතින් උදේම මුළු team එකම ඉස්කෝලේ ඇවිත් හිටියා match එකට යන්න. එයාලා පිටත් වෙන්න කලින් වෛශ්, රනුෂි දෙන්නම ගියා කට්ටියව හම්බවෙන්න. චවී අක්කලා දවල් වෙලා ආපහු ඉස්කෝලේට එනවා කියලා කිව්වා. එදා වෛශ් ට හවස music වැඩකුත් තිබුණ නිසා එයත් හවස නතර වෙනවා කියලා කලින්ම වෛශ් චවී අක්කාට කිව්වා. එයාලව හම්බ වෙලා වෛශ් රෙනුෂි දෙන්නම ආපහු පන්තියට ආවා උදේ ගාථා කියන්න බෙල් එක ගහපු නිසා. එයාලා ගාථා කියන්නේ පන්තියෙන් එළියේ ඉඳන්. ඉතින් ground එකේ වෙන දේවල් හොඳට පේනවා. ගාථා කියන්න එලියට ගියාම වෛශ් ට team එකේ අයව හොඳට පෙනුනා. ඒත් එයා දැක්කේ නෑ වගේ හිටියා මොකද පන්තියේ ළමයි ඇස් කොනෙන් වෛශ් දිහා බලාගෙන හිටියේ. වෛශ් ට හොඳටම විශ්වාසයි දැන් නම් පන්තියේ ඔක්කොමලම වගේ මේක දන්නවා කියලා. ඒ නිසා ඒ පැත්ත නොබලා ඉන්න වෛශ් වගබලා ගත්තා. ගාථා කියලා කට්ටිය ම පන්තියට ගිහින් පලවෙනි period එකේ වැඩ කලා. වෛශ් ඒ දවස් වල හිටියේ පන්තියේ බිත්තිය අයිනෙම. එතනට පාර පේනවා. Office එකත් පේනවා. Team එක office එකට ගිහින් එන විදිහ වෛශ් බලාගෙන හිටියා.එදා register එක තියන්න ගියේ සාක්ෂායි රෙනුෂියි. එයාලා ඒක තියලා එනකොට වෛශ් ලගේ class teacher පන්තියෙන් එලියට ගිහින් හිටියේ. Register එක තියන්න ගියපු ඩබල ආපහු පන්තියට ආවේ හති දාගෙන.
YOU ARE READING
𝓘𝓽'𝓼 𝓪 𝓼𝓲𝓷🍂 [COMPLETED]
Romanceආදරේ කියන්නේ නිකම්ම සෙල්ලමක් ද? විරුද්ධ ලිංගිකයන් අතරෙ ඇති වන ආදරේ වගේම සම ලිංගිකයන් අතරෙ ඇති වන බැඳීමත් ආදරේ නේද? හැම ජිවිත කතාවක්ම ඔබ හිතන තරම් සොඳුරු නෑ. සැබෑ ජිවිත කතා ඔබ කුඩා කල නැරඹු, ඇසූ සුරංගනා කතා වලට වඩා හාත්පසින්ම වෙනස්ය. ඒවා They lived h...