Chapter 14🍂

236 51 2
                                    

(Song recommendation: 긴밤이 오면 By Eddy Kim. While you were sleeping OST)

ඔක්තෝම්බර් මාසේ තමයි ඔලුවට වදින
කොමස් පන්තියේ seminar එක තිබ්බේ. සර්ගේ හැම පන්තියකම ළමයි එනවා seminar එකට. සාෂා ත් ගියේ ඒ සර්ගේ පන්ති නිසා seminar එකට අනිවාරෙන්ම එනවා. Seminar එකේ ලොකු වැඩ කොටසක් කවර් වෙන නිසා වෛශ් seminar එකට යන්න තීරණය කලා. තාත්තාගෙන් ඕකට අවසර ගන්න එක තමා අමාරුම වැඩේ. කොහොම හරි තාත්තා අන්තිමේදී අවසර දුන්නා seminar යන්න. Youth centre එකට ගියාම තමයි තේරුණේ දෙවියනේ ඇඟිල්ලක් ගහන්න වත් ඉඩ නෑනේ හත්තික්කේ කියලා. පුදුම සෙනඟ ගොඩක්.

ඇතුලට ගියාට මොකද එකම යාලුවෙක් වත් හොයාගන්න බෑ. චාවින්දිත් ගියේ මේ සර්ගේ පන්ති හැබැයි වෙන තැනක. කොච්චර හෙව්වත් එයාවවත් වෛශ් ඉන්න class එකේ යාලුවෝ ටික වත් පේන්න හිටියේ නෑ. ඒ නිසා වෛශ් එයාලගේ ඉස්කොලේ ලමයෙක් එක්ක වාඩි වුණා. වෛශ් නිකමට වගේ බැල්කනි සීට් දිහා බැලුවේ කවුරුහරි එයා දිහා බලාගෙන ඉන්නවා වගේ දැනුන නිසා. එක්කෙනෙක් නෙවෙයි සෙට් එකක්ම. සාන්ත! සාෂා, එයාගේ යාලුවෝ, සහින්ද්‍රි, එයාගේ යාළුවෝ සේරම වෛශ් දිහා බලාගෙන. එයාලා දිහා බලලා හිනා වෙලා වෛශ් ඉස්සරහ බලා ගත්තා පාඩම අහගන්න.

ඒ seminar එක ඇත්තටම  helpful එකක්. වැඩ ටික තිතටම අල්ලලා දුන්නා එදා සර්. පැය ගානක් වැඩ කරලා සර් මැදදි lunch break එකක් දුන්නා. ඒ interval  එකේදී වෛශ් ට සහින්ද්‍රි එක්ක කතා කරන්න හම්බ වුණා. එයා එක්ක කතා කර කර ඉන්නකොට එතනට සාෂා ආවා.

"Hey!" වෛශ් සාෂාටයි එයාගේ යාළුවන්ටයි අත වැනුවා එයාලා ලඟටම ආපු නිසා.

"එදා කිව්වට මං හිතුවේ නෑ ඇත්තටම ඔයා සර්ගේ class ඒවි කියලා" සාෂා කිව්වා.

*Flashback*
වෛශ්ට science class එකේදි මේ commerce sirගේ leaflet එකක් හම්බ වුණා. එයා ඒක ඉස්කෝලේ ගෙනාවේ එයා ඒ දවස් වල එකට හිටපු යාළුවට පෙන්නන්න. එයා ඒක පෙන්නලා මේසේ උඩින් තියලා තිබුණේ. ඒවෙලාවේ කොහෙදෝ යනගමන් හිටපු සාෂා වෛශ් ව දැකලා නතර වෙලා කතා කරන්න ගත්තා.

"ආ වෛශ්නාවී!"

" Hey!"

"... සර්ගේ පන්ති එනවද?" සාෂා මේසේ උඩ තිබුණ leaflet එක දැකලා ඇහුවා.

𝓘𝓽'𝓼 𝓪 𝓼𝓲𝓷🍂 [COMPLETED]Where stories live. Discover now