ඉතින් එබැවින් නවතිමි......
හදින් පිටමං නොකරමි.....🍂
.
.
.
.
.
(Song recommend to read this chapter~ You're cold by HEIZE. It's okay not to be okay ost. Available on Spotify🍂)තවත් seminar දවසක්. එදා තිබුණේ සිංහල. සාහිත්‍ය පාඩමක් තිබුණේ. ඒකත් හොඳම පාඩම. 'අපට වැසිකිලියක්' පාඩම තමා තිබුණේ. හැම ළමයම මේ පාඩම උගන්නන්න කලින් අඩුම තරමේ එක පාරක්වත් කියවලා ඇති. එදා සිංහල Seminar එක භාරව තිබුණේ වෛශ් ගේ පන්තියේ සිංහල මිස්ට. අවුරුදු තුනක්ම වෛශ් ට සිංහල උගන්නපු නිසා සිංහල මිස් වෛශ් ව හොඳ ට දැනගෙන හිටියා. මිස් කිව්වා අපට වැසිකිලියක් පාඩම ළමයිව දම්මලා කියවන ගමන් පාඩම කියලා දෙන්නම් කියලා. සාක්ෂායි වෛශ් දෙන්නා ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වුණා. වෛශ් ට තමයි දිගම වැඩේ හම්බ වුණේ. අනිත් අය දෙබස් කියද්දි ඉතුරු හරිය කියන්න ලැබුණේ වෛශ් ට. වෛශ් තමයි ගොඩක් වෙලා හිටගෙන හිටියේ. ඒ මදිවට ඒකේ වචන. ඒ හැම එකක්ම වෛශ්ට කියවන්න වුණා. (A/N ~ අපට වැසිකිලියක් පාඩම මතකයි නේදෝ?) මයික් එකෙන් ඒ වචන කියද්දි නිකමට හිතලා බලන්න.
"අපෝ මොකක්ද ඕයි! නින්ද යනවා තොගේ කටහඬ ට. ස්වීට් වැඩියි යකෝ" වෛශ් ආපහු පුටුවට ගිහින් වාඩි වුණ හැටියේ සාෂා වෛශ් ළඟට ළං වෙන ගමන් කිව්වා. එයාගේ හුස්ම වෛශ් ගේ බෙල්ල වැදුන නිසා වෛශ් ට සියුම් කිතියක් දැනුනා."අනේ මේ යන්න අනේ යන්න" වෛශ් වෙනසක් නොපෙන්වා කිව්වා.
"හරි හරි පිපෙරෙන්න එපා" සාෂා එහෙම කියන ගමන් වෛශ් ගේ බෙල්ලට කිතිකවන්න ගත්තා. හරියට වෛශ් ට කලින් එයාගේ හුස්ම බෙල්ලේ වදිද්දී කිතිකැවුන විත්තිය සාෂා දැනගෙන හිටියා වගේ.
"ඒ එපා අනේ. ඕක නවත්තන්න" වෛශ් එහෙට මෙහෙට ඇඹරෙන්න ගත්තා. කොච්චර නවත්තන්න කිව්වත් සාෂා නැවැත්තුවෙත් නෑ. අන්තිමේදී බැරිම තැන වෛශ් සාෂාගේ අතින් අල්ලලා එයාව නැවැත්තුවා. ගොඩකාලෙකින් සාෂා ගේ අත අල්ලන්න වෛශ් ට අවස්ථාව ලැබුණා. වෙනදා වගේ සාෂා වෛශ් ව මඟ නොහැර මේ විදිහට කතා කරන එක වෛශ් ට විශ්වාස කරන්නත් බැරි වුණා. සාෂාගේ අතින් අල්ලලා වෛශ් එයාව නවත්තලා සාෂා දිහා බැලුවා. සාෂා වෛශ් දිහා බලාගෙන හිනා වුණා. නෝන්ඩි හිනාවක් නෙමෙයි ඒක එයාගේ සාමාන්‍ය හිනාව. එයාගේ හිනාව හරිම ලස්සනයි.
හැමතිස්සෙම සාෂාව අමතක කරලා චවී අක්කා ගැන හිතන්න හදනකොට ම සාෂා ඇවිල්ලා ආපහු වෛශ් ගේ හිත එයා ගාවට ම අරගෙන යනවා.
YOU ARE READING
𝓘𝓽'𝓼 𝓪 𝓼𝓲𝓷🍂 [COMPLETED]
Romanceආදරේ කියන්නේ නිකම්ම සෙල්ලමක් ද? විරුද්ධ ලිංගිකයන් අතරෙ ඇති වන ආදරේ වගේම සම ලිංගිකයන් අතරෙ ඇති වන බැඳීමත් ආදරේ නේද? හැම ජිවිත කතාවක්ම ඔබ හිතන තරම් සොඳුරු නෑ. සැබෑ ජිවිත කතා ඔබ කුඩා කල නැරඹු, ඇසූ සුරංගනා කතා වලට වඩා හාත්පසින්ම වෙනස්ය. ඒවා They lived h...