"මෙහේ එන්න බදා ගන්න" සාෂා එහෙම කියන ගමන් වෛශ් ළඟට ළං වුණා. ඒ මීට අවුරුදු තුනකට කලින් sportsmeet දවස් වල වුණ දෙයක්. එයාලා හත වසරේ ඉන්නකොට ඒ කට්ටිය මේ ආදරයයි එකේ චරිත බෙදාගෙන සෙල්ලම් කරන්න පුරුදු වෙලා හිටියා. ඇත්තටම ඔය පිස්සුව පටන් ගත්තේ 2013 දී විතර චංගුමී. එතනින් පටන් ගතපු පිස්සුව ගොඩ කාලයක් යනකන් නැති වුණේ නෑ. එදා පටන් ගත්තු korean drama පිස්සුව අද වෙනකොට හුඟක් වැඩි වෙලා. වෛශ් නම් ඒ කාලේ ඉඳන්ම Kdrama පිස්සෙක්. ( 대장금, Dae Jang Geum~2003) හත වසරෙදී මේ ආදරයයි එකේ චරිත බෙදාගත්තට වෛශ් ලා මුලින්ම සාෂා එක්ක චරිත බෙදාගෙන සෙල්ලම් කලේ ඉසිවර වෙදැදුරු එකේ.(마의 ~2012) මේ ආදරයයි එකේ චරිත බෙදපු බවක් වෛශ් දැනගෙන හිටියේ නෑ. එයාට කිව්වෙත් බෙදලා ඔක්කොම ඉවර වුණාට පස්සේ.
සාෂා: රමන් ලු
ෂවිනි: ඉෂිතා ලු
වෛශ්: ශගුන් ලුසාෂා වෛශ්ව බදාගන්න කියලා වෛශ්ගේ ළඟට ම ආවා. ටික වෙලාවකට කලින් එයා match එකක් ඉවර කරලා ආවේ. ඒ නිසා සාෂා ගේ ඇඟෙන් දාඩිය වැක්කෙරෙනවා. එහෙම වුණයි කියලා වෛශ් hug එක එපාම කියයි. ඒ වුණත් සාෂා එච්චර ළඟට ඇවිල්ලත් වෛශ් ව බදාගන්නේ නැතුව ගියා අපෝ මගේ ඇඟේ දාඩිය කියලා. එහෙම යද්දි ඇස් දෙකත් ලොකු කරගෙන හිතෙන් නාහෙන් අඬ අඬ ඉන්නවා ඇරෙන්න වෛශ් වෙන මොනවා කරන්නද! මොකෝ ' අනේ දාඩිය තිබුණට මොකෝ ඔයාගේ hug එක මට වැදගත් නේ' කියලා කියන්න යැ. වෛශ් සාෂා එයාව බදා නොගෙන යන විදිහ මූණේ කිසි හැඟීමක් නැතුව බලාගෙන හිටියා. එතකොටම කොහෙද ඉදන් දුවගෙන ආපු ෂවිනි එකපාරටම සාෂා ගේ ඇඟට පැනලා බදාගත්තා.
"ඒ දාඩිය මගේ ඇඟේ.. එහාට වෙන්න"
"කමක් නෑ" ෂවිනි සාෂා ව අත නොහැරම කිව්වා. ෂවිනි එයාව අත නොහැරපු නිසා සාෂා ෂවිනිවත් බදාගත්තා. ඒක දැකපු වෛශ්ගේ මූණ අඳුරු වෙලා ගියත් ඉක්මනටම ඒක හංගගෙන හිනා වුණා සාෂා එයා දිහා බලාගෙන ඉන්නවා කියලා දැක්ක නිසා. 'ෂවිනි ඉෂිතා.මන් ශගුන්. රමන් ව අයිති ඉෂිතා ට මිසක් ශගුන් ට නෙමෙයි නේ' වෛශ් එහෙම හිතන ගමන් සාෂා දිහා බලාගෙන හිටියා.
.
.
.
.
.
" Happy birthday සාෂා" එදා සාෂාගේ birthday එක. රෙනුෂි interval එකේදී සාෂා ගේ පන්තියට ගියා මොකද සාෂා ලොකු කේක් එකක් ගේනවා කියලා එයා නිශ්චිත ලෙසම දන්න නිසා. කෑම කොතන ද වෛශ් ගේ සෙට් එක එතන. වෛශ්ත් ඉතින් රෙනුෂි එක්ක ගියා සාෂාට විශ් කරන්න. අනිත් දෙන්නා ආවේ නෑ චවින්දි කම්මැලියි කියලා කිව්වා, සාක්ෂා සාෂා ව පේන්න බැරි නිසා එයා ආවේ නෑ. වෛශ්, රෙනුෂි දෙන්නා සාෂාගේ පන්තියට යනකොටත් පන්තිය කේක් එකට වැඩේ දීලා තිබුණේ. සාෂා අයිසින් වලින් නෑවිලා හිටියේ. එයාගේ යාළුවන්ගේ වැඩ තමා ඕවා.
أنت تقرأ
𝓘𝓽'𝓼 𝓪 𝓼𝓲𝓷🍂 [COMPLETED]
عاطفيةආදරේ කියන්නේ නිකම්ම සෙල්ලමක් ද? විරුද්ධ ලිංගිකයන් අතරෙ ඇති වන ආදරේ වගේම සම ලිංගිකයන් අතරෙ ඇති වන බැඳීමත් ආදරේ නේද? හැම ජිවිත කතාවක්ම ඔබ හිතන තරම් සොඳුරු නෑ. සැබෑ ජිවිත කතා ඔබ කුඩා කල නැරඹු, ඇසූ සුරංගනා කතා වලට වඩා හාත්පසින්ම වෙනස්ය. ඒවා They lived h...