පාස්කු ප්රහාරයෙන් පස්සේ ඉස්කෝලේ කල්ගියා වගේම සෝෂල් මීඩියා තාවකාලිකව තහනම් වුණා. හුටා නේ ඉතින්. දැන් කොහොමද චවින්දි අක්කාට කතා කරන්නේ. ටික දවසක් යනකං වෛශ් දැනගෙන හිටියේ නෑ VPN දාගෙන සෝෂල් මීඩියා ඇක්ටිවේට් කරගන්න පුළුවන් කියලා. ඒක දැනගත්ත හැටියේ ෆෝන් එකට vpn දාගෙන ඉක්මනට ම Insta පැත්තේ ගියේ චවින්දි අක්කාට message එකක් දාන්න. ඔය විදිහට ඉස්කෝලේ පටන් ගන්නකම් ම ඩබලත් එක්ක ඔන්ලයින් මල් කැඩුවා. මේ විදිහට ආදරේ කරත් වෛශ්ට විශ්වාසයක් තිබුණේ නෑ චවින්දි අක්කා එයාව මීට කලින් දැකලා තියනවද කියලවත්. ඒ වගේම වෛශ් චවින්දි අක්කාගේ girlfriend වුණත් සම්බන්ධයක් ඇතුලේ තියෙන්න ඕන විශ්වාසය එයාලා අතරේ තිබුනේ නෑ.
"අක්කේ හෙට ඉස්කෝලේ පටන් ගන්නවා. ඔයා එනවද?"
" බලමුකෝ"
චවින්දි අක්කා ආවත් නැතත් වෛශ් පළවෙනි දවසෙම ඉස්කෝලේ යන්න හිත හදාගෙන තිබුණේ. යනකොට මුළු ඉස්කොලෙටම කියලා එදා ඇවිත් තිබුණේ ළමයි විසි දෙනයි. රෙනුෂි ත් ඔය විසි දෙනා අතරේ හිටියා. එකට ඕපදූප කතා කලත් වෛශ්, රෙනුෂි, සාක්ෂා හොඳම යාලුවෝ නෙමෙයි ඒ දවස් වල. චාවින්දිව නම් වෛශ් හඳුනන්නේ අට වසරේ ඉඳන්. එකටමයි ඒ දෙන්නා හිටියේ. ඉතින් ඒ දෙන්නා ෆිට් වුණත් අනිත් අය එක්ක හොඳම යාලුවෝ සීන් එකක් තිබුණේ නෑ. සමහරවිට ඒ නිසාම වෙන්න ඇති චවින්දිගෙයි වෛශ් ගෙයි සම්බන්ධේ පටන් ගත්ත මුල් හරියේ වෛශ් මේ ගැන එයාලට නොකියා හිටියේ. ඒ වුණත් එදා රනුෂි එක්ක වෛශ් ගොඩක් ෆිට් වුණා. එදා ඉස්කෝලේ ඇරිලා ගෙදර යනකොට වෛශ්ගේ ලව් ලයිෆ් එක ගැන රනුෂි ඔක්කොම විස්තර දැනගෙන හිටියා. මේ විදිහට ම ටික දවසක් යනකොට සාක්ෂාත් වෛශ් එක්ක ෆිට් වුණා. හිතාගන්නත් බැරි තරම් එයාලා එකතු වුණා. එයාලා ළං වුණාම තමයි ඒගොල්ලන්ට එකිනෙකාගේ අඩුපාඩු පේන්න පටන් ගත්තේ. ඒත් ඒ අඩුපාඩු එයාලගේ යාලු කමට බාධාවක් වුණේ නෑ.
මේ හැමදෙයක්ම මේ විදිහට ගලාගෙන යද්දි සහින්ද්රිගෙයි වෛශ්ගෙයි love hate friendship එකත් නැගලම ගියා. ඒ රණ්ඩු ආදරේ කරන දෙන්නෙක් අතරේ ඇතිවෙන රණ්ඩු වගේ. සාක්ෂා ඇතුළු අය නම් මේ දෙන්නගේ වලි මාර විදිහට රස වින්දා. ඇත්තටම වෛශ් සහින්ද්රි එක්ක රණ්ඩු වුණාට එයාගේ හිතේ සහින්ද්රි ගැන පොඩි තරහවක් වත් තිබුණේ නෑ. හැබැයි යාලු කමක් ඇරෙන්න වෙන කිසි දෙයක් තිබුණෙත් නෑ. විනෝදෙට තමයි වෛශ් සහින්ද්රි එක්ක රණ්ඩු වුණේ. ඒත් ඒකෙන් වුණේ සහින්ද්රිගේ හිතේ වෙන අදහසක් ඇති වුණ එක. එයාගේ හිතේ වෛශ් ගැන අදහසක් තියනවා කියලා දැනුන නිසා වෛශ් කලේ තවත් එයා එක්ක තරහා ගතපු එක. වෛශ් දැනගෙන හිටියේ නෑ සහින්ද්රි එයාගේ ඒ නිතරම පුපුරන කේන්තිය නිසයි එයාට කැමති වුණේ කියලා. එහෙම තත්වයක් තියෙද්දී වෛශ් චවින්දි අක්කාගේ girlfriend කියලා දැනගද්දි එයාට මොනවා හිතෙන්න ඇත්ද.
CZYTASZ
𝓘𝓽'𝓼 𝓪 𝓼𝓲𝓷🍂 [COMPLETED]
Romansආදරේ කියන්නේ නිකම්ම සෙල්ලමක් ද? විරුද්ධ ලිංගිකයන් අතරෙ ඇති වන ආදරේ වගේම සම ලිංගිකයන් අතරෙ ඇති වන බැඳීමත් ආදරේ නේද? හැම ජිවිත කතාවක්ම ඔබ හිතන තරම් සොඳුරු නෑ. සැබෑ ජිවිත කතා ඔබ කුඩා කල නැරඹු, ඇසූ සුරංගනා කතා වලට වඩා හාත්පසින්ම වෙනස්ය. ඒවා They lived h...