chapter 1

3K 329 18
                                    


"උයන්නැද්ද ගෑනියෙ.. නැගිටපන්.."

                නංගිගෙ ඒ සුමිහිරි කටහඩන් තමයි මං ඇහැරුනෙ..

"ඉන්න එනවා..." කියාගෙනම මං ටක්ගාල පෝන් එක අරන් බැලුවෙ වෙලාව. පහමාරයි..

මේක තමයි මගේ පුරුදු දින චර්‍යාව.

                            මම නොනිමි ප්‍රාර්ථනා. කුරුණෑගල පොඩි ගමක ඉන්නෙ. මාත් එක්ක මගෙ අම්මයි නංගියි ඉන්නව. තාත්ත නම් නැහැ. එයා මැරිල නෙමෙයි.. එයා අපේ පව්ල අතඇරල ගිහින් දැනට අවුරුදු 5ක් වෙනව.. මට අවුරුදු 23යි.

                     අම්මල.. ගමේ අය කියන විදියට මං කාලකන්නි කෙල්ලෙක්.. එයාල කියන විදියට..
                මම තමයි මේ පව්ලට අවාසනාව අරන් එන්නෙ. ගෙදරට බල්ලෙක් බිරුවත්, වලදක් බිදුනත් කොටින්ම කියනවනම් හොද්දකට ලුණු වැඩි වුනත් මගේ මූසල කම තමා ඒකටබලපාන්නෙ.

                    ඒකට හේතුව තමයි මං වද කෙල්ලෙක්.. මං උපතින්ම වද නැහැ. ඒත් මගේ ගර්භාශය අයින්කරන්න වුනා ඒකෙ ඇතිවුන ගෙඩියක් නිසා. මං පොඩිම කාලෙදි... ඒක මගෙ වරදකින් නොවුන දෙයක් වුනත් ඒක මගෙ වරදක් කරගන්න මට සිද්ද වුනා..

                 මම ගියෙ බාලිකාවකට. හතර පහ පන්ති වල ඉඳන් අපේ පන්තිවල ඉදපු ළමයි ලොකු ළමයි වුන. මම ඒ කිසිම දෙයක් දන්නෙ නැහැ. එයාල මොකට එහෙම වෙනවද කියලවත් ඒ කාලෙ මට අදහසක් තිබුණෙ නැහැ.

කොහොම හරි මං ටික ටික ලොකු වෙනකොට මං තේරුම් ගත්ත වැඩේ..

ඕලෙවල් කරන කාලෙ පන්තියෙ කෙල්ලන්ට පීරියඩ්ස් හැදෙනකොට මට එහෙම නැති කොට හැමෝම මං දිහා බැලුවෙ පිලිකුලෙන්. ඒවගේම ඊර්ෂ්‍යාවෙන්... මොකද මං නිදහස්.. මට මාසයක් ගානෙ ඒ වේදනාව විදින්න වෙන්නෙ නෑ. එයාල වේදනා විදිනව මන් දැකල තීනව.

කවුරුත් මාත් එක්ක කතා කලේ නෑ. ඒත් එක්කෙනෙක් විතරක් මාත් එක්ක කතා කලා. අහම්බෙකින් මට හම්බුන මගේ ජීවිතේ එකම බලාපොරොත්තුව. මගේ හොදම යාලුව.. ඊශා..

ඊශා තමා මගෙ හැමදේම බැලුවෙ.. අම්ම වගේ.. අම්ම කරන්න ඕනි දේවල් එයා කලා.. ඒවගේම එයාගෙ දෙමව්පියොත්..

𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔Where stories live. Discover now